Rating: 10.0/10. From 5 votes.
Please wait...
Vinland Saga Sinhala Subtitles
එහෙනම් මහත්වරුනි, වින්ලෑන්ඩ් සාගා 21 22 කොටස්වලටයි මේ උපසිරසි අරගෙන ආවෙ. ඒ වගේම පළමු කතා සමයෙ අවසානයටත් අපි ආසන්න වෙලා ඉවරයි. පසුගිය කොටස්වල මතකය කෙටියෙන් ආවර්ජනය කළොත්, තෝර්කෙල් හා තෝර්ෆින් අතර ද්වන්ත සටන තමා විශේෂ තැනක් ගත්තෙ. සටන අතරතුර තෝර්ෆින් ට තුවාල උනු නිසා, විවේකයක් ගන්න අතරෙ තෝර්කෙල් ඔහුගෙ සටන් සඟයා උනු තෝර්ෆින් ගෙ තාත්තා තෝර්ස් ගෙ අතීතය ආවර්ජනය කළා මතක ඇතිනෙ. දැන් කට්ටියට තෝර්ස් ගැන හොඳ අවබෝධයක් එහෙම ඇති කියල හිතනවා. කොහොමහරි ආෂෙලැඩ් ගෙ උදව් ඇතුව තෝර්ෆින් තෝර්කෙල් ව පරාද කරපු විදිහත් මතක ඇතිනෙ? තෝර්කෙල් ට ඇහැකුත් නැතිවෙලා තමයි සටන කෙළවර උනේ. සටන වෙනතැනට ආපූ කුනූට් කුමාරයා කොහොමහරි තෝර්කෙල් ව තමන්ගෙ අනුගාමිකයෙක් කරගත්තා. ඒ විතරක් නෙමෙයි ආෂෙලැඩ්වත්… ඔන්න ඒ විදිහට මේ පිරිස දැන් ස්වෙයින් රජුට එරෙහි පෙරමුණක් විදිහට ගේන්ස්බරෝ වෙතට ගමන් කරනවා. ඒ ස්වෙයින් රජුව සිහසුනින් නෙරපීමේ අරමුණ ඇතිව.
ගේන්ස්බරෝ වලදි කුනූට් කුමරු හා ආෂෙලැඩ් ඩෙන්මාර්කයෙ ස්වෙයින් රජුවත් හමුවුණා මතක ඇතිනෙ. රජුට කලින්ම කුමාරයා මොකාටද එන්නෙ කියල ඉව වැටිලා තිබ්බ හන්දා ලොකු කලබැගෑනියක් වෙන්න ගියා මතකයිනෙ. හැබැයි ආෂෙලැඩ් මොළෙන් ගහන ගැටවලට රජාත් පරාදයි. ආෂෙලැඩ් ගෙ කතාව හන්දා රජා ඔන්න කුනූට් කුමාරයට ත්‍යාගයක් දෙන්න උත්සවයක් ලෑස්ති කරලා. ඒ නිසා මේ පිරිස දැන් යෝර්ක් වලට පිටත් වෙන්නයි සූදානම. එහෙනම් බලමු යෝර්ක් වල මොකද වෙන්නෙ කියල.
එහෙනම් මහත්වරුනි, මහත්වරුන්ගෙ කතාවෙ අවසාන කොටස් දෙකෙන් හමුවෙමු. එතකන්…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 338 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සුපිරි ❤️❤️❤️❤️
Supiriyak
අඩෝ මේකට දැන් නම් ඇබ්බැහි වෙලා වගේ… ඉතුරු ටිකත් ඉක්මනට ඕනී.. .