MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසි (TV)පවිත් විජේසූරියපවුලේ සැමටවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Vinland Saga [S01: E23 & E24] Sinhala Subtitles | බ්‍රිතනියාවෙ සැබෑම රජු! [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 9 votes.
Please wait...

Vinland Saga Sinhala Subtitles
එහෙනම් මහත්වරුනි, වින්ලෑන්ඩ් සාගා නම් මහත්වරුන්ගෙ කතාවෙ පළමු අදියරේ අවසානය තමයි මේ විදිහට සනිටුහන් වෙන්නෙ. බොහෝ දෙනාගෙන් මේකට උපසිරසි ලබාදෙන ලෙස වරින්වර ඉල්ලීම් ලැබෙනවා නිරන්තරයෙන් දැක්කා. සෑහෙන කාලෙක ඉඳන් මටත් තිබුණු අදහස නිසා හැකි ඉක්මනින් මේක ලබාදෙන්න ඕනෙ කියන මතයෙයි මමත් හිටියෙ. කොහොමහරි ඔන්න පළමු අදියරේ වැඩ කටයුතු දැන් අවසන් උනා.
Vinland Saga S01 Sinhala Subtitles

මකතෝ යුකිමුරා සෙන්සෙයි විසින් නිර්මාණය කෙරුණු වින්ලෑන්ඩ් සාගා මංගා කතා මාලාවෙ Omnibus Editions එකේ Volume 4ට එනකම් කොටස් ඇනිමේ එකේ පළමු කතා සමයෙන් ආවරණය වෙනවා. ඉතින් පුලුවන්කම තියෙනවා නම් වින්ලෑන්ඩ් සාගා මංගා එකත් කියවලා බලන්න උත්සහයක් ගන්න.
පසුගිය කොටස් දෙස හැරිලා බැලුවොත්; දැන් කුනූට් කුමරු ආෂෙලැඩ් සහ තෝර්කෙල් ගෙ සහයෙන් ස්වෙයින් රජුව සිහසුනින් නෙරපන්න බලාගෙනයි ඉන්නෙ. නමුත් ස්වෙයින් රජු කියන්නෙත් එහෙම ලේසියෙන් පාගන්න පුලුවන් මිනිහෙක් නෙමෙයි. කොහොමහරි ආෂෙලැඩ් ගෙ වචන හැසිරවීම නිසා කුනූට් කුමරුට මරණයෙන් බේරෙන්න අවස්ථාව ලැබුණා. ලන්ඩන් ප්‍රහාරය වළකා තෝර්කෙල් නැවතත් ඩෙන්මාර්කයෙ පැත්තට ගැනීම වෙනුවෙන් කුනූට් කුමරුට ත්‍යාගයක් ලබාදෙන්නයි ස්වෙයින් රජු හදන්නෙ. ඒ අනුව කුනූට් කුමරු ගේන්ස්බරෝ සිට යෝර්ක් වලට පිටත් වෙනවා. පහළ සිතියමේ දාලා තියෙන්නෙ ඒ ගමන් මඟ…
යෝර්ක් වලදි කුනූට් කුමරුව ඝාතනය කරන්න උත්සහ කරපු තැතකුත් වැරදුණු විදිහ මතක ඇතිනෙ. හැබැයි ඇත්තටම ඒක කාගෙ අනුදැනුම ඇතිව උනු දෙයක්ද කියල බලපු ඔයාලා දැන් දන්නවනෙ. ඒ වගේම ඔන්න තෝර්ෆින් සහ ලෙයිෆ් නැවත හමුවුණා. ඒ තෝර්ස්ගෙ මරණයට පසුව වසර දහයකට ආසන්න කාලයක් ගත උනාට පස්සෙ…
ඒ වගේම තෝර්ෆින් සහ ආෂෙලැඩ් අතර ද්වන්ත සටනකුත් උනා මතක ඇතිනෙ. ඒක කෙළවර උනෙත් සුපුරුදු විදිහටම තමයි. ඒ වගේම අපිට ආෂෙලැඩ්ගෙ ඉතිහාසය ගැනත් දැනගන්න ලැබුණනෙ. දැන් ආෂෙලැඩ් ගැනත් සම්පූර්ණ අවබෝධයක් ඔයාලට තියෙනවා ඇති කියල හිතනවා.
එහෙනම් මේ අවසන් කොටස් දෙකෙන් යෝර්ක් වලදි කුනූට් කුමරුට මොනවගේ ඉරණමක්ද අත්වෙන්නෙ කියල බලන්න.
ඒ වගේම සීසන් 2 උපසිරසි දැන් කරගෙන යන ගමන් කියල කියන්න ඕනෙ. තාම වැඩ අවසන් නෑ. ඉතින් බලපු අය දාලා තියපු කමෙන්ට්ස් දැක්කාම හැමෝටම කතාව රහ වැටිලා තියෙන්නෙ කියල පේනවා. ඉතින් සීසන් 2 සිංහල උපසිරසි හැකි ඉක්මනින් ලබාදෙන්න උත්සහ කරනවා. ඒ වෙනකම් බොහොම ඉවසීමෙන් රැදෙන ලෙස ඉල්ලා සිටිනවා.
අවසන් වශයෙන් මේ වින්ලෑන්ඩ් සාගා ගැන ඔයාට මොනවගේ අදහසක් ද තියෙන්නෙ කියල පහළින් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හමුවෙමු එහෙනම් මීළඟ අදියරෙන්…
A true warrior doesn’t need a sword.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 251 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

All BT1

10 thoughts on “Vinland Saga [S01: E23 & E24] Sinhala Subtitles | බ්‍රිතනියාවෙ සැබෑම රජු! [සිංහල උපසිරසි]

  • sub ekt thanks brother

    Reply
  • Lakshitha

    සිසන් 2 ඔනෙ ❤️

    Reply
  • Frieren ekatath sub oni…….

    Reply
  • Dilshan buddika

    ❤️‍සුපිරි❤️‍

    Reply
  • Arusha Herath

    Season 2 oneee

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි.

    Reply
  • Arusha Herath

    Ikmanata s2 onee

    Reply
  • Arusha Herath

    Ikmanata s2 onee

    Reply
  • thanks . season 2 ikmanata one.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *