Watch Trailer

Furious [S01 : E02] Sinhala Subtitles | පත්තුවන ආත්මය [සිංහල උපසිරසි]

Furious S01 Sinhala Subtitles අපරාධ, අභිරහස් සහ ක්‍රියාදාම (Crime Thriller) කතාමාලාවලට ආදරය කරන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ හිතවතුන් හැමෝටම සුබ දවසක්! 2026 වසරේ Hulu නාලිකාව ඔස්සේ නිකුත් වූ “Furious” කතාමාලාවේ Episode 2 සදහා සිංහල උපසිරැසිය සමඟින් අද මම ඔබ හමුවට පැමිණෙනවා. පළමු කොටස ආරම්භ වන්නේ හැලොව…

Furious S01 Sinhala Subtitles

අපරාධ, අභිරහස් සහ ක්‍රියාදාම (Crime Thriller) කතාමාලාවලට ආදරය කරන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ හිතවතුන් හැමෝටම සුබ දවසක්! 2026 වසරේ Hulu නාලිකාව ඔස්සේ නිකුත් වූ “Furious” කතාමාලාවේ Episode 2 සදහා සිංහල උපසිරැසිය සමඟින් අද මම ඔබ හමුවට පැමිණෙනවා.

පළමු කොටස ආරම්භ වන්නේ හැලොවීන් රාත්‍රියක සිදු වන අභිරහස් ඝාතනයකින්. ධනවත් සහ බලවත් පුද්ගලයෙකු වන කේලබ් ඊස්ටන්ගේ ඝාතනය, බැලූ බැල්මට අධික ලෙස ඖෂධ ශරීරගත වීමෙන් සිදු වූවක් ලෙස පෙනුනද, FBI පරීක්ෂක ඇලිස් බ්ලැක් එය කවුරුන් විසින් හෝ කරන ලද ඝාතනයක් බව සොයාගන්නවා. පරීක්ෂණ ඉදිරියට යද්දී අතීතයේ සිදු වූ තවත් ඝාතනයක් සමඟ මෙහි පැහැදිලි සබඳතාවක් ඇති බව ඇලිස්ට තේරුම් යනවා. මේ අතරතුර ඝාතකයා වෙනත් ව්‍යාජ හැදුනුමක් භාවිතා කරමින් ඉතා කූට ලෙස ඇගේ ඊළඟ ගොදුර සොයා සැලසුම් සකස් කරන ආකාරය පළමු කොටසින් දැකගත හැකි වුණා.

මෙම කතාමාලාවේ පළමු කොටස සඳහා IMDb සිනමා දර්ශකය තුළ 8.2/10 ක ඉහළ අගයක් හිමිවී ඇති අතර, Rotten Tomatoes වෙබ් අඩවියේ විචාරක අගය 100% ක පූර්ණ ඇගයීමක් ලබාගනිමින් අතිශය සාර්ථක ආරම්භයක් ලබාගෙන තිබෙනවා.

මේ දෙවන කොටසේදී ඝාතකයා ඇගේ ඊළඟ බලවත් ඉලක්කය වෙත තවත් ළං වන අතර, ඇලිස් සහ ඩැනී මෙම අභිරහස් ඝාතකයා පිටුපස ඇති සැබෑ යටගියාව සහ අපරාධ ජාලය හෙළි කරගැනීමට උත්සාහ කරනවා. ඝාතකයාගේ ඊළඟ පියවර වැළැක්වීමට FBI කණ්ඩායමට හැකි වේවිද?

තුන්වෙනි Episode එකෙන් හමුවෙමු. සුභ දවසක්.

Furious S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

33 downloadsDownload Furious-S01E02.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිලෂ්ක රන්දිම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-09-14
SUBMAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                              Next BT1Next BT1

Furious Sinhala Subtitles

Subtitles

33 downloadsDownload Subtitles27 KB

1 comment

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට