Reacher season 04 Sinhala Subtitles සුපුරුදු පරිදි බයිස්කෝප් වාසි සියලුම රසික රසිකාවියන්ට ආයුබෝවන් කියන කියලා පිළිගන්නවා. ඔන්න අපි මේ පියමන් කරන්නෙ රීචර් සීසන් 4 හි අවසාන කතාංගය පැත්තටයි. ලිපිය මුලදිම විශේෂම කරුණු දෙකක් කියලා ඉන්න ඕනෙ කියලා හිතුවා. එකක්, ජුලි 20 වනදා රූගත කිරීම් ආරම්භ කෙරුණු රීචර්…

සුපුරුදු පරිදි බයිස්කෝප් වාසි සියලුම රසික රසිකාවියන්ට ආයුබෝවන් කියන කියලා පිළිගන්නවා. ඔන්න අපි මේ පියමන් කරන්නෙ රීචර් සීසන් 4 හි අවසාන කතාංගය පැත්තටයි. ලිපිය මුලදිම විශේෂම කරුණු දෙකක් කියලා ඉන්න ඕනෙ කියලා හිතුවා. එකක්, ජුලි 20 වනදා රූගත කිරීම් ආරම්භ කෙරුණු රීචර් 5 වන සීසන් එක මේ වනවිටත් රූගත කිරීම් සාර්ථක සිදු කරගෙන යනවා. ඒ වගේම සීසන් 5 වල රූගත කිරීම් දෙසැම්බර් මාසය වනවිට අවසන් වේවි කියලයි දැනට පුරෝකතනය කරලා තියෙන්නෙ. සීසන් 4 විකාශය වෙන්නත් කලින්ම රීචර් සීසන් 5 renew කරන්න තරම් ඔවුන්ට කොතරම් විස්වාසයක් සීසන් 4 තුළ තියෙන්න ඇතිද කියලා තේරෙනවනෙ. දැනටම සීසන් 4 බලාගෙන යන ඔයාලත් ඒ ගැන හොඳාකාරවම දැනුවත්. දෙවනි කරුණ තමයි, අද දිනම රීචර් යුනිවර්ස් එකේම spin-off සීරිස් එකක් විදිහට කතාංගයන් අටකින් සමන්විත නීලිගෙ කතාවක් (සීරිස් එකක්) අපිට බලාගන්න ලැබෙනවා. එහි කතාංගයන් අටම සැප්‍තැම්බර් මස 16 වනදා නිකුත් වුණා.
ඉතිං රීචර් යුනිවර්ස් එකෙ, මුල් සීසන් තුනේදිම රීචර්ගෙ සහයට පැමිණෙන රීචර්ගෙ හොඳම ගෝලයා වන නීලි ට වෙනම සීරිස් එකක් ගේන්න මෙදාපාර Prime Video විසින් තීරණය කරලා තියෙනවා. මෙදාපාර සීසන් එකෙන් ඇයව අපට බලාගන්න ලැබුණෙත් නැත්තෙ ඒ හේතුවටමයි. නීලි ස්පින්-ඕෆ් සීරිස් එකෙ සාර්ථකත්වය මත Prime Video විසින් නීලි සීරිස් එක continue කරනවාද නැද්ද කියලා තීරණය කරාවි මොකද මේ නීලි සීරිස් එක කිසිම නවකතාවකින් නිර්මාණය වෙන සීරිස් එකක් නොවන නිසා.
එහෙනම් අද සීසන් 4 අවසාන කොටස බලන්න කලින්, මුළු කතාවම පොඩ්ඩක් සාරාංශකරණය කරලා මං සඳහන් කරන්නම්. කැමති කෙනෙක් කියවලාම අද එපිසෝඩ් එක බලන්න ගන්න.
‘ කතාව පටන්නෙම රීචර් ෆිලීවල මැදි රෑක ආහාර ගනිමින් කෝච්චියකට ගොඩවෙන වෙලාවක. ඒ අතර රීචර් සිටින කෝච්චි පෙට්ටිය තුළ තමා ඇතුළුව, තවත් මගීන් පස්දෙනෙකු පමණයි. එහිදී ඔහු අහම්බයෙන් වගේ දකිනවා සීත කාලයේ අඳින ජැකට් එකකුත් නොගැලපෙන කාලයේ ඇඳගෙන සිටින එක් කාන්තාවක්, මොනවදෝ මුමුණමින් බිරාන්තව දහඩියෙන් නැහැවී ඉන්නවා. ඉතිං බොහෝ දුරට බෝම්බකරුවෙකු ලක්ෂණ නිසාවෙන් වහාම ක්‍රියාත්මක වන රීචර් ක්‍රමාණුකූව ඇය වෙත ගොස් තමන් පොලීසියේ බවත්, තමන්ට උදව් කරහැකි බවත් පවසනවා. නොසිතනාක් මෙන් විශාල ප්‍රශ්නයකට රීචර් පැටලෙන්නෙ අන්න එතන ඉඳලයි. පසුව ෆිලී පොලීසියෙන් කෙරෙන ප්‍රශ්න කිරීම් වලදි ඔහු දකින දේ නොඅඩුව කිව්වත්, CIA එකෙන් පවා නිතරන්තයෙන් ඔහුව ලුහුබැඳිමින් එදින රෑ සියදිවිනසා ගත් කාන්තාව වන ‘ඇනා මෙරික්’ විසින් තමන්ට පෙන් ඩ්‍රයිව් එකක් ලබාදුන්නද දුන්නා නං වහාම නැවත එය භාරදෙන්න කියලා කීපවතාවක්ම CIA එක විසින් රීචර් ට බලපෑම් එල්ල වෙනවා. තම දෑස් ඉදිරියේම කරකියා ගන්න දෙයක් නැත්විඅ අන්ත අසරණව සියදිවිනසා ගත් ඇනා මෙරික් ට කිසිම උදව්වක් කරගන්න ලැබුණේ නැති වරදකාරී හැඟීම නිසාම රීචර් මේ කේස් එක ගැන හොයලා බලන්න තීරණය කරනවා. මෙහි අඟමුල හොයාගෙන යන අතරමඟ, රීචර් ට ෆිලී පොලීසියේ ටමාරා, ඇනා මෙරික්ගෙ සහෝදරයා වන ජේකබ් සහ ප්ලම් කියන නිදහස් මාධ්‍යවේදියාවද මුණ ගැහෙනවා. ඇති විශාල ගැටුම් හා පැහැරගැනීම්, ඝාතනයට කෙරෙන තැන් කිරීම් වලට මුහුණ දෙමින් අවසානයේ මොවුන් දිගටම පෙන්ඩ්‍රයිව් එකෙ තියෙන පින්තූරේ වැදගත්කම හොයාගෙන යනවා. ඒ අතරවාරයේ ප්ලම්ට පවා වෙඩි වදිනවා. ප්ලම් විසින් පවසන, පින්තූරේ පැත්තකින් සිටින රාසායන විද්‍යාඥයා වන ලියෝ ඕල්ක්විස්ට් ව හොයාගෙන රීචර් සහ ටමාරා පිටත් වනවා. පසුව ඔහුව අල්ලාගෙන සියල්ලම ඔහුගෙන් දැනගන්නවා. පෙන්ඩ්‍රයිව් එකෙ තියෙන පින්තූරේ විශාල විසයක් නිර්මාණය කරන සූත්‍රයක් බවත් එය ලයිලා සහ අමීෂා මේ වෙද්දි සාදා අවසන් බවත්, මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුව මිළඟ ජනාධිපති අපේක්ෂක සැම්ප්සන්ගෙ බිරිඳගෙ චැරටි වැඩසටහනක් අතරතුර ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් කරලා කෙනෙකුව එවනවා. ඔහුව හඳුනාගන්නා සැම්ප්සන් වහාම ක්‍රියාත්මකව බෝම්බකරුවත් අල්ලාගෙනම මුහුදට පනිනවා.’
ඉතිං ඔන්න ඔය විදිහට තමා රීචර් හතරවෙනි කතාසමය මෙතුවක් පුරාවට කතාංග හතකින් පුරා අපට බලාගන්න ලැබුණේ. එහෙනම් මේ එළඹෙන්නෙ ඒ හතරවෙනි කතාසමයට සමුදෙන කතාංගය. යන-යන තැන ප්‍රශ්න තමන්ව හොයාගෙන ඇවිත් ඒවයේ පැටලෙන රීචර් මෙදාපාර ප්‍රශ්නෙ කොහොම විසඳගනීවි කියලා බලන්නකො. ‘මොකද මෙදාසැරේ නං, මං කිසිම ඉඟියක් දෙන්නෙ නෑ. ඉතිං ලිපිය මුලම සඳහන් කළා වගේ, රීචර් පස්වන කතාසමයේ රූගත කිරීම් මේ වෙද්දි කෙරීගෙන යනවා. ඒවගේම අද කොටස් අටකින් සමන්විත Neagley කතාමාලාවේ කතාංග අටම නිකුත් වෙලයි තියෙන්නෙ මේ වෙද්දි.
මතක ඇතුව අනිවාරෙන්ම කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඔයාලගේ කමෙන්ට් එකකින් අපිට ලැබෙන සහයෝගය දිගටම මෙහෙම උපසිරැසි අරගෙන එන්න විශාල පිටුවහලක් කියලත් අමතක කරන්නෙපා. සහ මෙතෙක් කතාංග හතටම නොවරදාම කමෙන්ට් කරපු හැමෝටමත් බොහෝම ස්තූතියි. ඉතිං නීලි කතාමාලාවටත් උපසිරැසි ඕනෙ නං, අනිවාරෙන්ම පහලින් කමෙන්ට් කරගෙනත් යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්,
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Reacher season 04 Sinhala SubtitlesSeason 05 Coming Soon.
Reacher Season 04 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
598 downloadsDownload Reacher-S04E08.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Reacher s04 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Reacher Sinhala Sub
- #Reacher Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
එරංග සඳරුවන්
Reacher
මේක ඉස්සෙල්ලා ම බලන්න ගත්තේ බයිස්කෝප් එකෙන් නෙවෙයි. හැබැයි සීසන් 2 ඉඳන් බලන්න ගත්තේ බයිස්කෝප් එකේ සබ් එක්ක. මේක තනිකර පිස්සුවක්. අද දවසට සයිට් එකට එන්න ඇති විසි පාරක් විතර මේක දාලද බලන්න ම.දැන් ඉතින් මේ Neagley එකට සබ් නොදී මාව මිනීමරුවෙක් කරගන්න එපා. විජාට සබ් ටික දියම්.
ඒනම් ඉතින් මෙතුවක් දීපු සබ්වලට බෝම ස්තුතියි ! ජයින් ජයම වේවා…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E07] Sinhala Subtitles | නත්තල් රාත්‍රියක අඳුරු තීරණය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E07] Sinhala Subtitles | නත්තල් රාත්‍රියක අඳුරු තීරණය [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)



මේ සීරිස්එක කම්ප්ලීට්වෙනකම්ම සබ් දුන්නට තෑන්ක්ස් මචං
ආයේ සීසන් එකක් ආවොත් ඒකටත් සබ ඕනේ