Watch Trailer

Pluribus [S01 : E08] Sinhala Subtitles | සූ සැට මායම් [සිංහල උපසිරසි]

Pluribus Sinhala Subtitles මේ පළවෙන්නේ දෙසැම්බර් 19 වැනිදා විකාශය වුණු Pluribus කතා මාලාවේ අටවැනි කතාංගයයි. මේකේ මීළඟ කොටස නිකුත් වන බව දැනගන්න ලැබෙන්නේ එළැඹෙන දෙසැම්බර් 26 වැනිදා යි. පළමු කතා සමය කතාංග නවයකින් සමන්විත වෙන Pluribus කතා මාලාවේ කතාංග අටක් ඇපල් TV ඔස්සේ විකාශය වුණා. ඒ වගේම ලබන සිකුරාද…

Pluribus Sinhala Subtitles

මේ පළවෙන්නේ දෙසැම්බර් 19 වැනිදා විකාශය වුණු Pluribus කතා මාලාවේ අටවැනි කතාංගයයි. මේකේ මීළඟ කොටස නිකුත් වන බව දැනගන්න ලැබෙන්නේ එළැඹෙන දෙසැම්බර් 26 වැනිදා යි. පළමු කතා සමය කතාංග නවයකින් සමන්විත වෙන Pluribus කතා මාලාවේ කතාංග අටක් ඇපල් TV ඔස්සේ විකාශය වුණා. ඒ වගේම ලබන සිකුරාදා එහි අවසන් කතාංගය නිකුත් වන්නට නියමිතයි.. IMDb දර්ශකයේ 9/10ක අගයක් ලබාගෙන තිබෙන මේ ටෙලිනාට්‍යය, Rottentomatoes වෙබ් අඩවියේ 100%ක Tomatometer අගයක් වගේම 87%ක Popcornmeter අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි TMDB අඩවියේ 89%ක Score අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ වගේම metacritic අඩවියේ ප්‍රතිචාර අනුව 86%ක ප්‍රසාදයක් ලබාගෙන තියෙනවා. එහෙනම් අද කතාව වෙත යොමුවෙමු.

අද පළ වන කතාංගය ගැන:

අටවැනි කොටස – “Charm Offensive” – “සූ සැට මායම්…”
අධ්‍යක්ෂක – Melissa Bernstein
තිරරචනය – Jonny Gomez
මුල්වරට විකාශය කෙරුණු දිනය – 2025 දෙසැම්බර් 19
IMDb Ratings – 7.9/10

අද කොටසේ මොකද වෙන්නේ? පසුගිය කොටසේදී මී වද මානසිකත්වයේ ඉන්න මිනිසුන් මනුසෝස්ව ඩැරියන් කපොල්ලෙන් බේරා ගන්න හැටි ඔබට මතක ඇති. අද කතාව පටන් ගන්නේ මනුසෝස් රෝහලේදි ප්‍රතිකාර ලබමින් ඉන්න අතරේ අවදි වීමෙන්. ඔහු තවත් කාලයක් සුවය ලබන්න රෝහලේ සිටිය යුතු වුණත්, අන් අයගේ විරෝධය මැද ඔහු රෝහලෙන් පිටවෙලා යනවා. ඒ ගිලන් රථයකින්.මේ අතරේ ඇල්බකර්කි වල, අනෙක් අය නගරයට නැවත පැමිණෙන අතරේ කැරොල් සෝෂියා එක්ක කාලය ගත කරනවා. මෙතැනදි කැරොල්ට සෝෂියා පෙන්වනවා, අනෙක් අය විශාල ශාලාවක බිම නිදාගන්නා ආකාරය. මේක දකින කැරොල් ඔවුන් එක්ක එක් රැයක් ගත කරන්නට තීරණය කරනවා. මේ දෙන්නා ඊළඟ දවසේ වැඩි කාලයක් ගත කරන කරන අතරේ, සෝෂියා කැරොල්ට හෙළි කරන රහස මොකක්ද? මනුසෝස්ට කැරොල්ව හමුවෙන්න පුළුවන් වෙයිද? මී වද මනසේ ක්‍රියාකාරිත්වය ආපසු හැරවීමට කැරොල්ට හැකි වෙයිද?මේ දේවල් දැනගන්න එහෙමනම් අද කොටසින්….

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!

The Monster of Florence Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

1,065 downloadsDownload Pluribus-S01E08.zip21 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pluribus Sinhala Subtitles

All BT1Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

1,065 downloadsDownload Subtitles21 KB

2 comments

  1. Buddhika laKMal

    Thanks machan sub ekata

  2. Sahan Gayantha

    thanks a lot Prabudda saho sub ekata