The Looming Tower S01 Sinhala Subtitles ආයුබෝවන් යාලුවො හැමෝටම! ඔන්න එහෙනම් කට්ටිය මඟබලාගෙන හිටපු ‘The Looming Tower’ කතා මාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා. ​කලින් කොටස් දෙකෙන් අපි දැක්කනේ CIA සහ FBI අතරේ තියෙන සීතල යුද්ධය කොයි වගේද කියලා. බුද්ධි අංශ එකිනෙකාට තොරතුරු හංගද්දී, අල්-කයිඩා සංවිධානය එයාල…

The Looming Tower S01 Sinhala Subtitles

ආයුබෝවන් යාලුවො හැමෝටම! ඔන්න එහෙනම් කට්ටිය මඟබලාගෙන හිටපු ‘The Looming Tower’ කතා මාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා.

​කලින් කොටස් දෙකෙන් අපි දැක්කනේ CIA සහ FBI අතරේ තියෙන සීතල යුද්ධය කොයි වගේද කියලා. බුද්ධි අංශ එකිනෙකාට තොරතුරු හංගද්දී, අල්-කයිඩා සංවිධානය එයාලගේ ඊළඟ පියවරට ලොකු සූදානමක් ගන්නවා කියලත් අපිට තේරුණා. අන්න ඒ සූදානමේ භයානක ප්‍රතිඵලය තමයි මේ තුන්වෙනි කොටසින් අපිට බලාගන්න ලැබෙන්නේ.

​මෙතනින් එහාට තර්ජන කියන්නේ නිකම්ම වචන වලට විතරක් සීමා වෙච්ච දේවල් නෙවෙයි. 1998 අවුරුද්දේ කෙන්යාවේ නයිරෝබි සහ ටැන්සානියාවේ දාර් එස් සලාම් නුවර තියෙන ඇමරිකානු තානාපති කාර්යාල වලට එල්ල වෙන දරුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක මුළු කතාවම සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙනවා. මේ ප්‍රහාරය ගැන හොයන්න FBI එකේ ජෝන් ඕ’නීල් සහ අලි සූෆාන් ඇතුළු කණ්ඩායම අප්‍රිකාවට යනවා. තොරතුරු හංගපු එකේ වන්දිය අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වලින් ගෙවන්න වෙලා තියෙන හැටි මේ කොටසේදී හරිම සංවේදීව වගේම තාත්විකව පෙන්නුම් කරනවා.

​ඇත්තටම සිද්ධවුණු ඛේදවාචකයක් කොයි තරම් බිහිසුණුද කියලා මේ කොටස බලද්දී ඔයාලට හොඳටම දැනෙයි. එහෙනම් උපසිරැසිය අරගෙනම බලන්නකො අප්‍රිකාවේදී FBI කණ්ඩායමට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද කියලා.

​කලින් කොටස් වලට කමෙන්ට් කරලා සප් එක දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි. හතරවෙනි කොටසත් එක්ක ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා!

The Looming Tower S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

72 downloadsDownload The-Looming-Tower-S01E03.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-09-11
SUBMAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                              Next BT1Next BT1

The Looming Tower Sinhala Subtitles

Subtitles

72 downloadsDownload Subtitles30 KB

1 comment

  1. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස්