“මිනිස්සුන්ගෙ නිෂේධාත්මක හැඟීම් නිසා ශාප උපදිනවා. ඒ ශාප ගණන ජනගහනයට අනුලෝමව සමානුපාතික වෙනවා… කෙනෙක් තව කෙනෙක්ට ශාප කරද්දි, ඒ ශාපවලට හැඩයක් වගේම ජීවයක් ලැබුනොත්… එතකොට එයාලට වගේම ඔයාලට මොනවද කරන්න පුලුවන්….” ආයුබෝවන් හැමෝටම.ඔන්න ලංකන් weebs අපි හැමෝම පුන පුනා බලා ඉඳපු උපසිරැසියක් අරගෙනයි අපි ආවෙ. ඒ…

“මිනිස්සුන්ගෙ නිෂේධාත්මක හැඟීම් නිසා ශාප උපදිනවා. ඒ ශාප ගණන ජනගහනයට අනුලෝමව සමානුපාතික වෙනවා… කෙනෙක් තව කෙනෙක්ට ශාප කරද්දි, ඒ ශාපවලට හැඩයක් වගේම ජීවයක් ලැබුනොත්… එතකොට එයාලට වගේම ඔයාලට මොනවද කරන්න පුලුවන්….”
ආයුබෝවන් හැමෝටම.ඔන්න ලංකන් weebs අපි හැමෝම පුන පුනා බලා ඉඳපු උපසිරැසියක් අරගෙනයි අපි ආවෙ. ඒ වගේම මේක අපි Demon Slayer කතා මාලාවට පස්සෙ කරපු ලොකුම වැඩක්. මේ කතාව Action හොයන අය එහෙම නම් අනිවාර්යයෙන්ම මග නොඇර බලන්න ඕනිම එකක්. ඒ වගේම ඔයා ඇනිමෙ රසිකයෙක් වේවා හෝ නොවේවා අනිවාර්යයෙන්ම නරඹන්නම ඕනි කතාවක්. ඉතින් මේ මුළු කතා මාලාවටම සිංහල උපසිරැසි නිර්මාණය කළේ අපේ කණ්ඩායමේ හසරංග නදීෂ සහෝදරයා තමයි. ඒ වගේම මේක එයාගෙ 5 වන උපසිරැසි නිර්මාණය වෙනවා.😎
Jujutsu Kaisen කියල කියන්නෙ 2020 වර්ෂයෙදි ප්‍රදර්ශනය වීම ආරම්භ වුනු, IMDB හි 8.6 ක අගයක් හා MyAnimelist හි 8.68 ක සමඟින් Top Anime ලැයිස්තුවේ 53 වන ස්ථානයේ සිටින වගේම, School, Action, Fantasy, Shounen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන ඇනිමෙ කතා මාලාවක් වෙනවා. Source එක විදිහට Gege Akutami විසින් රචිත Jujutsu Kaisen manga එක යොදාගෙන මේ කතා මාලාව නිර්මාණය කළේ Banana Fish,Dororo,The god of highschool හා Attack on Titan S4 යන ඇනිමෙ නිෂ්පාදනය කළ MAPPA Studio එක විසිනුයි.ඉතින් animation ගැන නම් ඔයාට සැකයක් තියා ගන්න දෙයක් නෑ.
මේ කතා මාලාව පුරාවටම අපිට opening theme දෙකක් හා ending theme දෙකක් බලාගන්න ලැබෙනවා. පළමු opening theme එක වන KAIKAIKITAN ගීතය Eve විසිනුත්, දෙවැන්න වෙන VIVID VICE ගීතය Who-ya Extended කණ්ඩායම විසිනුත් ගායනා කරනවා. පළමු ending theme එක වෙන LOST IN PARADISE ගීතය ALI හා AKLO එක්වත්,දෙවැන්න වෙන give it back ගීතය Co shu Nie විසින් ගායනා කරනවා.ඉතින් ඔයාට මේ ගීත 4 ම අමුතුම ආශ්වාදයක් අරන් එන බවට කිසිම සැකයක් නෑ.
ඒ වගේම මේ කතාවෙ voice acting staff එකට Berserk,My Hero Academia,Beastars,Fruit Basket යන ඇනිමෙ සඳහා එකතු වුනු හඬ කැවීම් ශිල්පීනුත් එකතු වෙනවා.🤩
ඒ වගේම Jujutsu Kaisen කතා මාලාව Awards කිහිපයක්ම ලබා ගෙන තියෙනවා.
Crunchyroll Anime Awards 2021 හි :
🔹Anime of the year
🔹Best Antagonist-Ryomen Sukuna
🔹Best Ending theme-Lost in Paradise
Crunchyroll Anime Awards 2022 හි :
🔹Best girl-Nobara Kugisaki
🔹Best fight Scene-Yuji & Todo Vs Hanami
🔹Best character design-Tadachi Hiramatsu
🔹Best action
🔹Best VA performance(German)-Satoru Gojo
🔹Best VA performance(Portuguese)-Satoru Gojo
ඉතින් මම හිතන්නෙ නෑ කතාව ගැන තවත් මිම්මක් ඔයාට ඕනි වෙයි කියලා.🔥
දැන් අපි කතාව පැත්තට පොඩ්ඩක් යමු…ඉතදොරි යූජි කියල කියන්නෙ අම්මයි තාත්තයි දෙන්නම් නැති ඒත් සීයගේ රැකවරණය යටතේ උස් මහත් වුනු මධ්‍යම පාසල් ශිෂ්‍යයෙක්.මේ ඉතදොරිගෙ කැමැත්ත තිබුනෙ අද්භූත දේවල් වගේ දේවල් වලට.මෙයාගෙ සීයටත් ගොඩක් වයසයි.ඉතින් මේ දෙන්නටම එකිනෙකා ගැන බලාගන්න හිටියෙත් මේ දෙන්නා විතරයි.මෙහෙම ඉන්න කොට මේ සීයත් මැරෙනවා.ඒත් එක්කම තමන් ජුජුට්සු මන්තරකාරයො කියල කියාගත්තු කෙනෙක් එනව මේ යූජිව හම්බ වෙන්න.ඇවිත් එයා අහන්නෙ ශාපලත් වස්තුවක් ගැන.මතකනෙ යූජි කැමති අද්භූත දේවල් වලටනෙ.ඉතින් යූජි කියනවා ඒක එයාගෙ යාළුවො ගත්ත කියලා.දැන් අර මන්තරකාරයා කියනවා ඔයාගෙ යාළුවො මැරෙන්නයි යන්නෙ එයාලව බේරගන්න ඕනි කියලා.ඉතින් මේ දෙන්නම යනව එයාලව බේරගන්න.ඉතින් මෙයාට මතක් වෙනවා සීයා කියපු අන්තිම වචන ටික.ඒ තමයි “යූජි,ඔයා අනිත් අයව බේරගන්න තරම් ශක්තිමත්.අනිත් අයට උදව් කරන්න.මං වගේ වෙන්න එපා.” කියන එක.ඉතින් මේ බේරා ගැනීමේ සිද්ධිය අතරතුරේදි යූජිට අර යාළුවො ළඟ තිබුනු ශාපලත් වස්තුව ගිලින්න සිද්ධ වෙනවා.එතකොට යූජිව පුරාවෘත්ත ගත වෙන කෙනෙක් බවට පත් වෙන්නෙ කවුරුවත් නොසිතූ විදිහටයි…..😳
යූජිව හොයන් ආපු මන්තරකාරයා කවුද? මේ ශාපලත් වස්තුව මොකක්ද? සියාගෙ අන්තිම වචනවල තේරුම මොකක්ද? යූජිගෙ ඉරණම මොකක් වෙයිද? මේ පුරාවෘත්ත ගත කෙනා කවුද? කියන ප්‍රශ්නවලට උත්තර මේ කතාවෙ අවසාන තත්පරය තෙක් නැරඹුවොත් ඔයාට දැනගන්න පුළුවන්.😊
ඇඳුනුම්කමින් යාළුකමත්,යාළුකමට එහා ගිය සහෝදරත්වයත් මොන වගේද? මිත්‍රත්වය වෙනුවෙන් කොච්චර දුරක් යන්න පුලුවන්ද? මිනිස්සුන්ගෙ නිෂේධාත්මක හැඟීම් නිසාවෙන් නපුර සමාජයම ගිල ගන්නා යුගයක,ඒ හැඟීම්වල ප්‍රතිඵලයන් පලවා හරින්නේ කොහොමද? ඉතින් ආරාධනා කරනවා මේ උපසිරැසියත් එක්ක කතාව රස විඳින්න කියලා.උපසිරැසිය අදහස් වගේම ගුණ දොස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.🤗
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
16,245 downloadsDownload JK-S01-E01-E02.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
31 comments
akshi
Anonymous
මේක පට්ට ඈ සුපිරි කතාව හයික්‍යු සිසන් 2 එකත් ටග්ගාල දෙන්නකො ❤️
Avishka
Thank you so much !
Shesh
Thank u sub ekata
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
ලංකන් weebs
බොහොම ස්තූතියි අදහස්වලට.❤️
Malidu mihan
Bhala thandhanana 2022 එකේ sinhala subtitle එක දෙන්නඕ
Bihandu
Thanks sub ekata
Anonymous
Thanx
kavishka dilhara
pin Aaa.Anime Balanna set wunama aya wena monawada.
Thisas
Thanks for sub
Winner
ගොඩක් කාලයක් තිස්සේ සිංහල sub එනකම් බලන් හිටපු anime එකක් ගොඩාක් ස්තූතියි සහෝ මේකට sub දෙනවට.. දිගටම දෙන්නා පුලුවන්නම් ගොඩක් වටිනවා.. සමහරවිට download කරන ගාන ටිකක් අඩු වෙයි.. හැබැයි ගන්න අය ගොඩක් ආසාවෙන් බලයි❤️ ආයෙමත් ගොඩක් ස්තුති ලංකන් weebs
ලංකන් weebs
බොහොම ස්තූතියි අදහස්වලට.❤️
Supun Kaushalya
තෑන්ක්ස්
Anonymous
Sub Ekata Thanks.. Puluwannam The Promised Neverland S02 ekatai Parasyte The Maxim ekatath Sub Denna..
xSITHUM
Arigato lankan weebs ^__^
ලංකන් weebs
Arigato.❤️
Malinda
තෑන්ස් සහෝ සබ් එකට
ලංකන් weebs
හැමෝටම බොහොම ස්තූතියි.❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
good job, thanks
Yasindu Kalana
Thank You!
Anonymous
thank you
Anonymous
Thank you for this sub
Anonymous
ඉතිරි එවා දාන් නැද්ද
Hiran Ganepalla
ඉතුරු එපිසෝඩ් වලට සබ් දීලා තියෙන්නේ
Anonymous
meke episode daunlod karanna puluvan telegram groop ekaka link ekak denna puluvanda.
Sanupa Ranmeth
මෙතනින් join වෙන්න සහෝ.
Romeo
Epi 24 Tama sub deelada thiyenne
Nadeera maduranga
fruit basket,more than a marrid cople,mob psyco 100 me wage anime tikakata sub hadala dennako.lankawe anime fansla dan tikak innone.anime walata sin sub karano adune.
Tharusha
Supiriyak
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Ithuru tikath ikmnt gemu bosa<3