කොහොමද හැමෝටම.ඔන්න 3 හා 4 වන කොටස්වලට උපසිරැසි අරගෙනයි ආවෙ.පළවෙනි කොටස් දෙකම නරඹන්න ඇති කියල හිතනවා.කොහොමද කතාව? සුපිරියක් නේද? අද ගෙනාපු කොටස් දෙක තවත් සුපිරියි. අපි යමු දැන් කතාව පැත්තට. අනාථ ඉතදොරි යූජිට එයාගෙ යාළුවන්ව බේරගන්න ශාපලත් වස්තුව ගිලින්න සිද්ධ උනා.ඒකෙන් එයා වෙනස්ම කෙනෙක් බවට පත් උනත්…

කොහොමද හැමෝටම.ඔන්න 3 හා 4 වන කොටස්වලට උපසිරැසි අරගෙනයි ආවෙ.පළවෙනි කොටස් දෙකම නරඹන්න ඇති කියල හිතනවා.කොහොමද කතාව? සුපිරියක් නේද? අද ගෙනාපු කොටස් දෙක තවත් සුපිරියි.

අපි යමු දැන් කතාව පැත්තට. අනාථ ඉතදොරි යූජිට එයාගෙ යාළුවන්ව බේරගන්න ශාපලත් වස්තුව ගිලින්න සිද්ධ උනා.ඒකෙන් එයා වෙනස්ම කෙනෙක් බවට පත් උනත් මතකනෙ යූජිට සිද්ධ වුනු දේ.ඒක නිසා එයාගෙ ඉරණම කලින්ම ලියවිලා ඉවරයි. මේ සිද්ධිය නිසා යූජිට කොහොමහරි සිද්ධ වෙනවා ටෝකියෝ ප්‍රාන්ත ජුජුට්සු උසස් පාසලට ඇතුල් වෙන්න. ඇත්තටම එහෙම නොකර බැරි වෙනවා.ඉතින් මෙගුමියි යූජියි ඇරෙන්න තවත් කෙනෙක් ඉන්නවා පළමු වසරට. හැබැයි මේ කෙනා කෙල්ලෙක්. ඉතින් මේ මන්තර ඉගෙන ගන්න ශිෂ්‍යයො ඉන්නෙත් බොහොම පොඩ්ඩයි. ඉතින් මෙයාලා භාරව ඉන්න ගෝජෝ සතෝරු ගුරුතුමාට ඕනි වෙනවා මේ අලුත් කෙනාගෙ, ඒ කියන්නෙ අර කෙල්ලගෙ දක්ෂතා මනින්න. ඔව්, ඒ කියන්නෙ මේක අලුත් මෙහෙයුමක්. බලන්නකො මේ අලුත් කෙනා කවුද? මොන වගේද? අලුත් මෙහෙයුම මොකක්ද? මේ පාර මොකද වෙන්නෙ කියලා.

මීළඟ උපසිරැසියෙන් මුණ ගැහෙන්නම්.එතකන් ජය !

මේ උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ Netflix WEBRIP පිටපතට අනුවයි.ඒ කියන්නෙ මැදින් ඇඩ් වැටෙන්නෙ නැති පිටපතකටයි. තවත් කිව්වොත් කතාව මැදදි Jujutsu Kaisen කියල දෙපාරක් වැටෙන්නෙ නැති පිටපතකට.ඉතින් ඔයා බලන වීඩියෝ පිටපතේදි මේ වගේ දෙපාරක් Jujutsu Kaisen කියල වැටෙනව නම්, අන්න එතනදි උපසිරැසිය +තප්පර හයක් හෝ +තප්පර දහයකට වලට ප්ලේයර් එකෙන් සින්ක් කරගන්න. එතකොට හරි.සැරින් සැරේ වෙනස් වෙන්නෙ නෑ.මේක හැම කොටසකටම කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

11,931 downloadsDownload JK-S01-E03-E04.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

11,931 downloadsDownload Subtitles29 KB

8 comments

  1. Anonymous

    ගොඩක් ස්තුති සහො❤️

  2. Dulshan

    Machan me sub wagema The Expanse Series eke sub ekak dennako please

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️

  5. xSITHUM

    Arigato

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. ULTRA

    me sub vachana kiyanna kalinma yanava vachana 10 vithara kalin yanava

    1. විමා

      සබ් එකට ගැලපෙන වීඩියෝ කොපිය හරියටම ඩව්න්ලෝඩ් කරගන්න සහෝ.
      එක එක වීඩියෝ කොපි තියෙනව නෙට් එකේ.