Melting Me Softly “කැටි ගැසුණු යෞවනයින්” නම් කතා මාලාව දකුණු කොරියාවේ 2019 සැප්තැම්බර් 28 වන දින tvN කොරියානු නාලිකාවේ විකාශය විය. Fantasy /Romantic / Comedy / Mystery ගණයට අයත් වන මෙම කතාව පළවෙනි කොටසේ දීම ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. එක කොටසක් මිනිත්තු 60ක් පුරාවට දිවෙන මෙම කතා මාළාව කොට…

Melting Me Softly “කැටි ගැසුණු යෞවනයින්” නම් කතා මාලාව දකුණු කොරියාවේ 2019 සැප්තැම්බර් 28 වන දින tvN කොරියානු නාලිකාවේ විකාශය විය. Fantasy /Romantic / Comedy / Mystery ගණයට අයත් වන මෙම කතාව පළවෙනි කොටසේ දීම ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. එක කොටසක් මිනිත්තු 60ක් පුරාවට දිවෙන මෙම කතා මාළාව කොටස් 16කින් සමන්විතයි. ලස්සන කොරියානු කතා අධ්‍යක්ෂනය කරන Shin Woo Cheol විසින් මෙම කතාවත් අධ්‍යක්ෂනය කර ඇති අතර විවිධ කතා තිර රචනය කරන Baek Mi Kyeong ගේම සමාගමක් වන ස්ටෝරි ෆීනික්ස් විසින් නිෂ්පාදනය කරන ලදී. මේ වෙනකොට IMDB අගය 8.3/10 අගයක් අරගන්න සමත් වී තිබෙනවා. රටපුරා සියයට 2.4 ක ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති අතර, එය පෙර විකාශනයෙන් පසුව එහි ප්‍රේක්ෂක සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්නුම් කළා. කොරියානු කතා බලන රසිකයින් අතර ජනප්‍රිය වුනු නළුවෙක් තමයි මේ කතාවේ ප්‍රදාන චරිතයෙන් දායක වෙන්නේ. Ji Chang Wook 2017 අගෝස්තු 14 වන දින දකුණු කොරියානු හමුදාවට බැඳිලා 2019 අප්‍රේල් 27 වන දින සිය තෙවසරක අනිවාර්ය හමුදා සේවය නිමවා නැවත පැමිණ පළමුවෙන් ම තම රංගනයෙන් දායක වන කතාව තමයි Melting Me Softly (날 녹여주오) කතාව. Ji Chang Wook මෙහි Ma Dong Chan ලෙසත් Rain or Shine සහ The Age of Shadows කතාවලින් ජනප්‍රියට පත් වුනු Won Jin A මෙහි Ko Mi Ran ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ කතාවට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ගොඩක් ඉහළයි.
- This drama is so addictive. I suggeest to all kdrama lovers to watch this.
- Love this drama.
- I watched it when it aired. 1st time I’ve seen Jin Ah act . Jun Ho is also one of my fav. They did really well.
- One of the best 2019 dramas thus far.
ඔය මං කිව්වේ අදහස්වලින් ටිකක් විතරයි. පැය 24ක් කැටි ගැහිලා නැවත ජීවමානව නැගිටින ක්‍රයෝජනික් ව්‍යාපෘතියට සහභාගි වන දෙදෙනෙක් වටා ගෙතුණු රහස් අභිරහස්, ආදරය, වෛරය, දුක, සතුට මේ හැමදේකින්ම පිරිච්ච ලස්සන කතාවක් තමයි මේ. ව්‍යාපෘතිය අසාර්ථක වී මේ දෙන්නා නැගිටින්නේ අවුරුදු 20කින්. අවදි වුනු මේ දෙන්නට භයානක අතුරු ආබාධයක් අත්විඳින්න සිදුවන අතර ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට නම් මූලික ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.5 (දළ වශයෙන් ෆැරන්හයිට් අංශක 88.7) පවත්වා ගත යුතුයි. ඉතිං මෙයාලට මොන වගේ හැඟීමක් ඇති වෙයි ද? තමන් අවුරුදු 20ක් නිදාගෙන හිටියා කියලා දැනගත්ත ම… ඒ විතරක් ද අනෙක් අය හැමෝම වයසට ගියත් මේ දෙන්නා ඒ හිටපු විදිහමයි. එහෙනම් අපි බලමු නේද යාළුවනේ අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් තියෙන ඔවුන්ට මොකද වෙන්නේ කියලා.
කතාව එහෙනම් දැන් පටන් ගනිමු…
11 වන කථාංගය : (පවුල, සියල්ලට පසු)
ඔන්න එකොළොස්වෙනි කොටසත් අරගෙන ආවා. මහාචාර්ය හ්වාන්ග්ව කවුරුන් හෝ කෙනෙක් Blackmail කරන නිසා ඔහු හැම ක්‍රයොනික් කැප්සියුලක ම විනාශ කරන්න හදනවා. ඒත ඒ වෙලාවෙ ම දොන්ග් ඇවිත් එය වළක්වනවා. මහාචාර්ය හ්වාන්ග්ගෙන් ඉල්ලනවා අපි දෙන්නව ම බේරගන්න කියලත් එයාලා ආදරේ කරන බවත්. ඉතිං මහාචාර්ය හ්වාන්ග්ට අදහාගන්න බැරි වෙනවා. පළමු ක්‍රයොනික් පුද්ගලයන් දෙදෙනා ආදරයෙන් බැඳුණයි කිව්වම. ඔය අතරේ ජී හූන් විකාශන මධ්‍යස්ථානයේ ආධුනිකයෙක් විදිහට එනවා. නා හා යොන්ග් රහසිගතව හැම දෙයක් ම දැනගෙන අන්සුන්ග් සමාගමේ සභාපතිව මුණ ගැහෙනවා. මහාචාර්ය හ්වාන්ග්ට මහාචාර්ය ජෝගෙන් කෝල් එකක් එනවා දොන්ග් චන්ග් සහ මි රන් ඉන්නේ අනතුරක කියලා. ඒත් මහාචාර්යතුමාට උදව් කරන්න බැරි වෙනවා.
හොඳයි එහෙනම් ඉතරු ටික ඔයාල ම බලන්නකෝ. මොකද වුණේ? අත්හදා බැලීම අසාර්ථක වුන හේතුව වගේම මා දොන්ග් චන්ග්ටත් කො මි රන්ටත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි ද කියලා. එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
මං ස්තූතියි කරනවා baiscope team එකට සහ මට මේ Drama එක උපසිරැසි කරන්න අවස්ථාව දුන් සියලුම දෙනාට. ගොඩක් ස්තූතියි. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඔයාලගේ අදහස් චෝදනා තියෙනව නම් පහළින් දාගෙන යන්න.
එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…
දෙවි පිහිටයි!
ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් හෝ ratudrama.කොම් හෝ smallencode.කොම් යන වෙබ් අඩවි වල පිටපත් සඳහා අදාළ වේ.
3,891 downloadsDownload Melting.Me_.Softly.E11.Baiscopelk.com_.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යමීනා ජොහාර්
Subtitles
7 comments
sachintha
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ..
ජය වේවා.!sasala
බොහොම ස්තූතියි
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි