“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ පළ වුණු ලිපියකින්. ඒ ලිපිය නිසාම anime එකට ආස වෙලා Haikyuu බලන්න ගත්තා. බැලුවාට පස්සෙයි තේරුණේ මේ anime එකේ වටිනාකම. මේ වගේ කතාවක් විශේෂයෙන්ම වොලිබෝල් ජාතික ක්‍රීඩාව වන අපේ වගේ රටක් දැනගන්න, ඉගෙන ගන්න ඕනේ නේද කියල…

“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ පළ වුණු ලිපියකින්. ඒ ලිපිය නිසාම anime එකට ආස වෙලා Haikyuu බලන්න ගත්තා. බැලුවාට පස්සෙයි තේරුණේ මේ anime එකේ වටිනාකම. මේ වගේ කතාවක් විශේෂයෙන්ම වොලිබෝල් ජාතික ක්‍රීඩාව වන අපේ වගේ රටක් දැනගන්න, ඉගෙන ගන්න ඕනේ නේද කියලා අවංකවම හිතුණා.
Haikyuu (හයික්‍යූ) කියලා ජපන් භාෂාවෙන් කියන්නේ වොලිබෝල් ක්‍රීඩාවට. ඔව් මේක වොලිබෝල් ගැන කතාවක්.
හැබැයි, අපෝ ක්‍රීඩා සම්බන්ධ ඇනිමේවලට ආසා නෑ, ඇක්ෂන් තියෙන අභිරහස් තියෙන ඇනිමේවලටයි ආස කියලා මේක අතහැරලා දැම්මොත් නම්, ඒක කරගන්න ලොකු පාඩුවක්.
මේ ලිපිය ලියන මමත් ලොකු වොලිබෝල් රසිකයෙක් නෙවෙයි. ඉඳලා හිටලා ටීවි එකෙන් නැත්නම් නිවාසාන්තර තරඟ වලදි වොලිබෝල් තරඟ බලලා තිබුණට ඒ පිළිබඳ හරිහමන් දැනුමක් නෑ. නමුත් කවදා හරි දවසක කණ්ඩායම් ක්‍රීඩාවක් කරලා තියෙන කෙනෙක් නම්, මේකේ පෙන්නන සමහර සිද්ධි ඒ විදියටම වෙලා තියෙනවා වගේ දැනේවි.
ඉතාමත් රියලිස්ටික් නැත්නම් තාත්වික ඇනිමේ සීරීස් එකක් විදියටයි මෙය ලොව පුරා ජනප්‍රිය. ඔව් ලොව පුරාම… Haikyuu කියන්නේ උන්මාදයක්. ලොව පුරා වොලිබෝල් උන්මාදයක් ඇති කරපු සීරීස් එකක් තමා මේක. සාමාන්‍යයෙන් ලොව ජනප්‍රිය ක්‍රීඩා අතර ඉහලින් තියෙන්නේ ෆුට්බෝල්, ටෙනිස්, බාස්කට්බෝල්, ක්‍රිකට් වගේ ක්‍රීඩාවන්නේ. වොලිබෝල් තියෙන්නේ ඊට ටිකක් පහල ස්ථානයක. ඉතිං වොලිබෝල් වලට Haikyuu තුලින් ඇති කරපු තල්ලුව එසේ මෙසේ එකක් නම් නෙවෙයි.
දන්නවද 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ජපානය තරඟ කරන වොලිබෝල් තරඟ අතරතුර Haikyuu තේමා ගීතය පවා වාදනය වුණා.
Youtube එකේ පොඩ්ඩක් හොයලා බැලුවොත් පෙනේවි ලෝකයේ හොඳම වොලිබෝල් ක්‍රීඩකයින් Haikyuu පිලිබඳ Reaction Videos, Breaking Down Videos ආදිය කරලා තියෙනවා. ඇමරිකානු, රුසියානු, බ්‍රසීල, ආජන්ටිනා වගේ වොලිබෝල් ටීම් එහෙම Haikyuu වල ලොකු රසිකයෝ. ජපාන ටීම් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ.
කතාව ගැන බැලුවොත්, මෙහි ප්‍රධාන චරිතය තමයි ශෝයෝ හිනාටා. තැඹිලි පාට කොණ්ඩයක් හිමි ටිකක් මිටි පුද්ගලයෙක්. ඔහුගේ එකම ආසාව තමයි දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක් වන එක. නමුත් ඔහුගේ උස ඔහුට ලොකු බාධාවක්. ඒත් ඔහුට තියෙනවා කලාතුරකින් දක්නට ලැබෙන එක දක්ෂතාවයක්. ඒ මොකක්ද කියලා anime එකෙන්ම බලා ගන්නකෝ. ඒ දක්ෂතාව වැඩි දියුණු කරගෙන කරසුනෝ උසස් පාසලේ වොලිබෝල් කණ්ඩායමේ සමාජිකයින් සමඟ තමන්ගේ හීනය කරා යන ගමන ගැනයි මෙහි ඇතුලත් වෙන්නේ.

මේ Haikyuu සීරීස් එකේ විශිෂ්ඨ වීමට තව හේතුවක් වන්නේ, තරඟවල තියෙන intense එක, thrill එක වගේම ක්‍රීඩකයන්ගේ චින්තන රටාවන්, ඔවුන්ගේ මොරාල් එක ආදිය හරි ලස්සනට තිරය මත මවලා පෙන්නන නිසයි.
වොලිබෝල් කියන්නේ වේගවත් ක්‍රීඩාවක්. ගෙදර ටීවි එකෙන්, නැත්නම් ප්‍රේක්ෂකාගාරයේ වාඩි වෙලා ඉන්න අපිට ඒ වේගවත් බව එතරම් තදින් නොදැනෙන්න පුළුවන්. නමුත් මේ ඇනිමේ එක නැරඹුවොත්, ඔබ මින්පසු වොලිබෝල් තරඟයක් නරඹන විට, ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන දෙපාරක් හිතාවි. ඔවුන් කරන කැපවීම, ඔවුන්ගේ උපාය මාර්ග, ඔවුන්ගේ ශරීර හැසිරවීම් ගැන ඔබ පුදුම වනු නොඅනුමානය.
———————————————————————————————–
~ 14 කොටස ~ බලවත්ම ප්‍රතිවාදීන් ~
ජපානයේ පාසල් වොලිබෝල් වෙනුවෙන් ප්‍රධාන වශයෙන් ජාතික මට්ටමේ තරඟාවලි 2ක් පැවැත්වෙනවා. දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන මූලික තරඟාවලියේ ජයග්‍රාහී පාසලට තමයි, මේ ජාතික තරඟාවලිය සඳහා තේරී පත්වෙන්නේ.
1. Inter High (අන්තර් උසස් පාසල් තරඟාවලිය)
ග්‍රීෂ්ම සෘතුව අවසානයේ එනම් ජුලි-අගෝස්තු මාසවලයි පැවැත්වෙන්නේ. එමෙන්ම වසරින් වසර සත්කාරකත්වය දරන දිස්ත්‍රික්කයද වෙනස් වනවා.
2. Spring Tournament (වසන්ත කාල ජාතික තරඟාවලිය)
වසන්ත සෘතුවේ එනම් මාර්තු-අප්‍රේල් මාසවලයි පැවැත්වෙන්නේ. නමුත් පසු කාලීනව විවිධ හේතු නිසා තරඟාවලිය ජනවාරි මාසයට වෙනස් කරනවා. මෙය තරඟාවලිය සෑම වසරකම ටෝකියෝ දිස්ත්‍රික්කයයේ සංවිධානය කෙරෙනවා.

එළඹෙන අන්තර් උසස් පාසල් තරඟාවලියට තේරී පත්වීම සඳහා නම් කරසුනෝ කණ්ඩායමට මියාගි දිස්ත්‍රික්කය තුල පවත්වන මූලික වටයේ තරඟාවලිය ජයග්‍රහණය කළ යුතුය.
නිකොමා එක්ක පැවැති පුහුණු තරඟයෙන් පසුව, කරසුනෝ කණ්ඩායම කෝච් උකයි හා ටකාඩා සර් සමඟ එකතු තව දුරටත් ඒ වෙනුවෙන් පුහුණුවීම් සිදු කරනවා. ඒ වගේම දිස්ත්‍රික්කයේ අනික් කණ්ඩායම් අධ්‍යනය කිරීමත් සිදු කරනවා.
කණ්ඩායමේ හැමෝම වගේ මහන්සි වෙනවා වගේම හොඳ අධිෂ්ඨානයකින් ඉන්නවා. හැබැයි ඒ අධිෂ්ඨානය දෙගුණ තෙගුණ කරන්න කණ්ඩායමේ මැනේජර් ශිමිසුට පුළුවන් වෙනවා, ඒ කොහොමද කියලා බලාගන්න නම් මේ කතාංගයත් බලන්න වෙනවා.
———————————————————————————————–
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,068 downloadsDownload HKU-S01-E14.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නෙතිනි නිමන්තිකා
Subtitles
6 comments
Gunathilaka
dws
Ow ane ikkamanata dannako
Sandeepa
Dawasakata sub 2kwat dennako
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Season 2th dannko ikmnt
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks dawasata sub 2k wath dannako hemdama balan ennawa sub enakam