86 S01 Sinhala Subtitles ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් අරගෙන ඔන්න ආයෙත් ඔයාලගෙ ඇනිමෙ ෆැන්ටසියට එනවා. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක්…

86 S01 Sinhala Subtitles

ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් අරගෙන ඔන්න ආයෙත් ඔයාලගෙ ඇනිමෙ ෆැන්ටසියට එනවා. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි, ඒ මේ කතාවෙන් ගෙන එන ඛේදාන්තජනක කතාව නිසාවෙනුයි. ඉතින් ඒ කතාව මොකක්ද කියලා දැනගන්න අපි පටන් ගමු.

                               
         86 – Eighty Six Light Novel vol.01 Cover

2017 සිට මේ දක්වා දිග හැරෙමින් තියෙන, Asato Asato නම් ජපන් ලේඛිකාව අතින් ලියවුනු 86 – Eighty Six නම් Science Fiction Light Novel එක ඇසුරෙන් නිර්මාණය කෙරුනු 86 – Eighty Six ඇනිමෙ කතා මාලාව තමයි මේ විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece ඇනිමෙ කතා මාලාව වෙන්නෙ. මේ වෙද්දි Volumes 13 ක් නිකුත් වී තිබෙන මේ ඇනිමෙ කතා මාලාව Part 1 සහ Part 2 ලෙසින් කතා කොටස් දෙකක් ලෙසින් නිකුත් වුනා. ඒ අනුව මේ කතා කොටස් දෙකටම අදාළව මිනිත්තු 24 ක් පුරා දිවෙන විශේෂ කතාංගයක් සමඟින් මුළු කොටස් 12 බැගින් Season 1 ට කොටස් 24 ක් නිකුත් වුනා. ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු සිද්ධ කළේ අතිශයින් ජනප්‍රිය ඇනිමෙ කතා මාලා කිහිපයක්ම නිර්මාණය කරපු A-1 Pictures ස්ටූඩියෝව විසිනුයි. Action, Drama, Sci Fi යන Genre වලටත් Mecha, Military යන Theme වලටත් වගේම R -17+(Violance & Profanity) යටතේ මේ 86 ඇනිමෙ කතා මාලාව අයත් වෙනවා. IMDB දර්ශකයේ 8.2 ක අගයක් සහ MyAnimeList දර්ශකයේ 8.31 අගයක් මේ කතාව ලබාගෙන තියෙනවා.

                                 

මේ කතාවේ Music පැත්ත ගැන බලද්දි ඒකත් ඉහළ තැනක තියෙන විත්තිය අපිට එක නමක් දැක්ක පමණින් හිතාගන්න පුලුවන්. ඒ නම තමයි Hiroyuki Sawano. ඔව්, මේ වෙද්දි Legendary Anime කිහිපයකම Music වෙනුවෙන් තම දායකත්වය සපයපු Sawano, ඇනිමෙ කතා මාලාවේ Ending Theme එක වෙනුවෙන් තම දායකත්වය සපයා තියෙනවා. “3-pun 29-byou” නම් Opening Theme එක hitorie සංගීත කණ්ඩායම perform කරද්දී, Ending Theme දෙකක් තියෙන මේ කතාවේ “Avid” ගීතය Mizuki සහ “Hands up to the Sky” ගීතය Laco ඉදිරිපත් කරනවා. ඉතින් කලින් කිව්වත් වගේ කතාව මැදදිත් මේ තේමා ගීත වගේම නොයෙකුත් නාද රටාවන් අහන්න ලැබෙන නිසා කතාවේ ඒ ඒ සිද්ධීන්ට අපි ආකර්ෂණය වෙන්නේ අපිවත් නොදැනීමයි. ඉතින් මේ සිංහල උපසිරැසි අරන් එන්නේ අන්න ඒ කතාවේ Part 1 වෙනුවෙන් තමයි.

Crunchyroll Anime Award හි Anime of the Year දෙවන ස්ථානය දිනා ගත්තේ මේ 86 – Eighty Six ඇනිමෙ කතා මාලාවයි. ඒ වගේම ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ 86 කතා මාලාව යෝජනා ලබන්නත්, Anime Trending Award හි ජයග්‍රහණ සහ යෝජනා ලබන්නත් සමත් වුනා.

මේ කතාවේ චරිත ඈඳාගෙන කතාවට ආරම්භයක් දෙන්න කලින් කතාවේ අවට පසුබිම ගැන මුලින්ම කියල ඉන්නම්. මේ කතාව අපිට අදින් සියවසකට එහා අනාගත ලෝකයේ සිද්ධ වෙන කතාවක් විදිහට යොදා ගන්නත් පුලුවන්. මේ කතාව අනුව සන් මැග්නෝලියාව සහ ගියඩ් යනුවෙන් අසල්වැසි රාජ්‍යයන් දෙකක් පවතිනවා. තාරකා වර්ෂ 2139 දී (Stellar Year 2139) අසල්වැසි ගියඩ් අධිරාජ්‍යය විසින් සන් මැග්නෝලියා ජනරජයට යුද්ධය ප්‍රකාශ කරලා ඔවුන් ඔවුන්ගේ ස්වාධීන සටන් යන්ත්‍ර වෙන ලීජන් සමඟ ආක්‍රමණයක් ආරම්භ කරනවා. මේ යන්ත්‍ර වලට මුහුණ දීලා සටන් කරන්න සන් මැග්නෝලියා රජය විසින් “ජගර්නොට්” නම් නියමු සහිත රොබෝ යන්ත්‍ර නිර්මාණය කරනවා. මේ සටන නිසා සන් මැග්නෝලියා රජය තමන්ගේ ජනතාව දිස්ත්‍රික්ක 85 කට වෙන් කරනවා. ඒ වගේම තවත් එක පිරිසක් අර දිස්ත්‍රික්ක 85 න් එළියෙ වෙනම කඳවුරක රඳවලා තියනවා. අන්න ඒ දිස්ත්‍රික්ක 86 වන දිස්ත්‍රික්කය බවටත් එහි ජීවත් වෙන අය “එයිටි සික්ස්” (Eighty Six) කියලත් හඳුන්වනවා. ඒ 86 දිස්ත්‍රික්කය හුදකලා කරලා බලකොටුවක් වගේම තාප්පයක් ගොඩ නගලා, ඇතුළෙ ඉඳන් මේ යුද්ධයට සටන් කරන්න දිස්ත්‍රික්කයට ජගර්නොට් රොබෝවරු වගේම පහසුකම් සලසා දෙනවා.

දැන් මේ පසුබිම මතකයේ තියාගෙන අපි චරිත කිහිපයක් කතාවට ඈඳා ගෙන කතාවට ආරම්භයක් ගමු. මේ යුද්ධය එළියෙ සිද්ධ වෙද්දි සන් මැග්නෝලියා ජනරජයේ ඇතුළෙන් කෙනෙක් මේ සොල්දාදුවන්ව මෙහෙයවනවා. “හැන්ඩ්ලර්” කියල හඳුන්වපු මෙයාගෙ කාර්යය තමයි තාක්ෂණය මඟින් සතුරු චර්යා හඳුනාගෙන සටන් දිනන්න අර ජගර්නොට් නියමුවන්ව හසුරුවන එක. දුරස්ථ සන්නිවේදන ක්‍රමයකින් තමයි මේ වැඩේ සිද්ධ කරන්නෙ. මේජර් “ව්ලැඩිලෙනා මිලීසෙ” කියල කියන්නෙ අන්න ඒ වැඩේ කරන්න අලුතෙන් පත් වුනු නිළධාරිනියක්. හැබැයි මෙයාට කලින් හිටපු හැන්ඩ්ලර්ලා එක එක හේතු නිසා ඒ තනතුරෙන් අයින් වුනා වගේම සමහරු සියදිවි නසාගත්තා. ඒ වගේම එළියෙ සිද්ධ වෙන අර සටන් වලදී ජීවිත හානි බින්දුවයි කියල තමයි සන් මැග්නෝලියා රජයේ පුරවැසියන්ට නිළධාරීන් දැනුම් දෙන්නේ.

මේ යුද්ධයේ ජීවිත හානි ඇත්තටම බින්දුවයිද? මේ පිළිබඳව ක්‍රියා කරන නිළධාරීන් කවුද? එයිටි සික්ස් එකත් එක්ක සන්නිවේදනය කරන හැන්ඩ්ලර්ලා සියදිවි නසාගන්නෙ ඇයි? අලුත් හැන්ඩ්ලර් ව්ලැඩිලෙනා මිලීසෙ එයිටි සික්ස් එකේ සොල්දාදුවන් එක්ක සන්නිවේදනය කරලා තමන්ගෙ රාජකාරිය කරන්නෙ කොහොමද? එයාලව වෙනම දිස්ත්‍රික්කයකට වෙන් කළේ ඇයි? එයාලවම මේ යුද්ධයට අරගෙන තියෙන්නෙ ඇයි? එයිටි සික්ස් එකේ ඉන්න සොල්දාදුවො කවුද වගේම එයාලාව එහෙදි මෙහෙයවන්නෙ කවුද? මේ ජනරජ යුද්ධය හැරෙන්නේ කොයිබටද? පිළිතුරු සොයන්නට ඉතිරි වෙන ප්‍රශ්න රැසක් එක්ක මේ රොබෝ යුද්ධය සිද්ධ වෙනවා. දරුණු සටන් සමඟින් මනුෂ්‍යත්වයේ අපි නොසිතන පැති යුද්ධයත් සමඟ දිග හරින මේ කතාවේ අවසානය දකින්න නම් ඔබට මේ කතාව මෙතැන් පටන් අවසානය තෙක් නරඹන්න වෙනවා. මිත්‍රත්වය, සහෝදරත්වය, කැපකිරීම්, බෙදාගැනීම්, අහිමිවීම් වගේම දුක, සතුට, මුසු වුනු තවත් හැඟීම් එක්ක හරිම ලස්සනට ගලාගෙන ආ කතාවක් විදිහට මේ කතාව හඳුන්වන්න පුලුවන්. මේක ඔබේ හදවතට දැනෙන තවත් කතාවක් බවට විශ්වාසයි.

මේ කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ 86 Eighty Six (2021) (Season 1 + Specials) [1080p Dual Audio HEVC 10 bits DDP] (Batch) නම් ටොරන්ට් පිටපතට ගැලපෙන විදිහටයි. ඒ වගේම Kayoanime වෙබ් අඩවියේ වීඩියෝ පිටපත් වලටත් මේ සිංහල උපසිරැසි ගැලපෙනවා. දන්නවනේ ඉතින් වෙනදා වගේම ජපන් බසට ගැලපෙන්න තමයි මේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ. කතාව ගැන ඔයාගෙ අදහසත් පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා ගැලපේ.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,068 downloadsDownload 86-Eighty-Six-2021-S01-E01-E02.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

 

86 S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,068 downloadsDownload Subtitles26 KB

4 comments

  1. Kasun

    B The Beginning anime series ekata sub dennako

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  3. Dasun Lakruwan

    මේ වගේ ලිපියක් කියවද්දිදි නොබලන කෙනෙක් වුනත් බලන්න පෙළබෙනවා.අනිවාර්යයෙන්ම

  4. Tharindu Dilshan

    ගොඩක් ස්තූතියි