Watch Trailer

Agatha All Along [S01: E02] Sinhala Subtitles | මායාකාරියන්ගේ නැවත එකමුතුව [සිංහල උපසිරසි]

Agatha All Along Sinhala Subtitles ආයුබෝවන් වේවා බයිස්කෝප්වාසී මාර්වල් රසිකයන්ට, ඔන්න මම පොරොන්දු උන විදියටම ඇගතා හාක්නස්ගේ කතන්දරයේ දෙවෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලා මේ වෙද්දි පලවෙනි එපිය බලලා හොඳ කික් එකක ඉන්නවා ඇති කියලා හිතනවා. හැබැයි තාමත් ඔයාලට මේක සෙට් උනේ නෑ කියලා හිතෙනවනම් වරද්ද ගන්න එපා. මොක…

Agatha All Along Sinhala Subtitles

ආයුබෝවන් වේවා බයිස්කෝප්වාසී මාර්වල් රසිකයන්ට, ඔන්න මම පොරොන්දු උන විදියටම ඇගතා හාක්නස්ගේ කතන්දරයේ දෙවෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලා මේ වෙද්දි පලවෙනි එපිය බලලා හොඳ කික් එකක ඉන්නවා ඇති කියලා හිතනවා. හැබැයි තාමත් ඔයාලට මේක සෙට් උනේ නෑ කියලා හිතෙනවනම් වරද්ද ගන්න එපා. මොකද ඉස්සරහට තමයි හොඳ හොඳ දේවල් තියෙන්නේ. ගොඩක් විචාරකයොත් මුල් කොටස් වලින් විතරක් සීරිස් එක ගැන මැනලා මේ වෙනකොට අවසාන එපියෙන් පස්සේ කතාමාලාව ගැන ඉතා ඉහලින් කතා කරන බවත් කියන්න ඕන.

වොන්ඩාවිෂන් කතාමාලාවේ ප්‍රධාන දුෂ්ටවරිය උන ඇගතට මොකද උනේ කියලා ඔයාලා දන්නවනේ. වෙස්ට්වීව් වල අනිත් මිනිස්සුන්ව වොන්ඩා විසින් නැවත යථා තත්වයට පත් කලත් ඇගතා කරපු වැඩ නිසා වොන්ඩා මන්තරයකින් ඇගතව විතරක් තමන් හදපු මායා ලෝකේ හිර කරනවා. ඉතිං තමන් රහස් පරීක්ෂකවරියක් කියලා ඇගතා හිතාගෙන ඉන්න බව අපි මුල් කොටසින් දැක්කා. ඔයාලා Mare of Easttown කතාමාලාව බලලා තියෙනවනම් අන්න ඒ හා සමාන විදියට තමයි මුල් කොටස ගලාගෙන ගියේ. ඒ වගේම වෙස්ට්වීව් වල පරණ චරිත ටිකකුත් අපිට ආපහු දකින්න ලැබුනා. ඒ එක්කම රියෝ විඩාල් සහ ටීන් නොහොත් කොළු ගැටයෙකුත් අළුත් චරිත විදියට හඳුන්වලා දුන්නා. මේ චරිත දෙක ඉස්සරහට කොහොම ගොඩ නැගෙයිද කියලා අපි ඉස්සරහට බලමු. ජරමර අස්සේ ඇගතා කොහොමින් හරි වොන්ඩගේ මන්තරෙන් ගැලවුනා වගේම ඇඳුම් ඇතුව ඇවිදලා අසල්වැසියන්වත් අම්බානෙට බය කලා. ඒ වගේම රියෝ විඩාල් කියන්නේ ඇගතා හඳුනන තවත් යක්දෙස්සියක් වගේම දෙන්නා අතර පරණ කෝන්තරේකුත් තියෙන බවත් දකින්න ලැබුනා. ඊට අමතරව ඇගතගේ පරණ බලයන් තවදුරටත් එයා ගාව නැති බවත් ඇගතා දැනගත්තා. අන්තිමට අපි දැක්කේ රියෝ විසින් ඇගතට සේලම් සෙවන් කියන කට්ටියක් ගැන අනතුරු අඟවලා යන විදියයි.

කලින් කොටසේ අන්තිමට අපි දැක්කා ඇගතගේ ගෙට පැනපු අර කොළු ගැටයව ඇගතා හිරකරගෙන ඉන්න බව. මේ කොළුවා ඇත්තටම කවුද කියලා ඔයාලට ඉස්සරහට දැනගන්න පුළුවන්. අද කොටස වෙන්වෙලා තියෙන්නේ ඇගතයි මේ කොළුවයි තව කට්ටියකුයි එකතු වෙලා කරන්න හදන ජංජාලයකටයි. ඒ වගේම මේ ජංජාලය තමයි මේ කතාමාලාවවේ ප්‍රධානම දේ වෙන්නෙත්. අනිත් එක තමයි අද ඔයාලට ලස්සන සිංදුවක් අහන්න අහන්න හම්බෙයි. ඒක මේ කතා මාලාව පුරාම දිගටම අහන්න ලැබෙන වැදගත් සිංදුවක් නිසා මම ඒකටත් උපසිරසි ගන්වලා තියෙනවා. ඒ වගේම තව දෙයක්  තමයි ඔයාලට අද coven (කවන්) කියලා වචනයක් අහන්න ලැබෙයි. ඒකත් මේ කතාමාලාව පුරාම අහන්න ලැබෙන වචනයක් නිසා මම ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.

ඔයාලා හැමෝම මායාකාරියෝ ගැන දන්නවනේ. සුරංගනා කතාවල, චිත්‍රපටවල වගේම ඉතිහාසයෙත් මේ මායාකාරියෝ නොහොත් යක්දෙස්සියෝ ඉඳලා තියෙනවා. එයාලගෙත් හොඳ අය වගේම නරක අයත් ඉඳලා තියෙන බව ඉතිහාසයේ ලියවිලා තිබුනත් මේ මායාකාරියෝ සහ එයාලගේ මායාකර්ම පිළිබඳ ඇත්ත නැත්තනම් අපි කවුරුවත් සහතිකව දන්නේ නෑ. ඉතිං මේ මායාකාරියන්ගේ කණ්ඩායමක් හෝ ඔවුන් පවත්වන රැස්වීමකට තමයි කවන් (coven) එකක් කියලා කියන්නේ. “coven” කියන වචනය හැදිලා තියෙන්නේ පුරාණ ප්‍රංශ භාෂාවේ covent කියන වචනය සහ ලතින් භාෂාවේ conventum යන වචන ඇසුරෙනුයි. මේ වචනය බොහෝ කාලයක් තිස්සේ ඉංග්‍රීසි භාෂාවෙදි භාවිතයට අරගෙන නෑ. ඒත් 1921 දී Margaret Murray කියන ඉතිහාසඥවරිය විසින් යුරෝපය පුරා සිටින සියලුම මායාකාරියන්ගේ කණ්ඩායම් දහතුනක් එකට එකතු වී කවන් එකක් පැවත්තුවා කියන අදහස ප්‍රවර්ධනය කිරීමත් එක්ක තමයි ඉංග්‍රීසි භාෂාවෙදි නැවත මේ වචනය භාවිතා කරලා තියෙන්නේ.

ඉතිං මේ කවන් එකක් නැත්තම් මායාකාරියෝ එකතුවකදි බොහෝ විට කරන්නේ මායාකාරියන්ගේ දැනුම උරගා බැලීම, එකිනෙකාගේ දැනුම බෙදාගැනීම හෝ බලගතු මන්තර ජපකිරීම කියලා තමයි අද්භූත සහ මායාකර්ම ගැන අධ්‍යයනය කරන අයනම් කියන්නේ. ඉතිං කලින් කිව්වා වගේම මේවගේ ඇත්ත නැත්තනම් තාම 100%ක් කවුරුත් සහතික කරලා. මේ කතාමාලාවෙදිත් ඔයාලට මායාකාරියෝ එකතු වෙන විදිය කීප සැරයක්ම බලාගන්න අවස්ථාව තියෙනවා.

එහෙනම් තුන්වෙනි කතාංගයෙන් නැවත හමුවෙන තෙක් ඔයාලගෙන් සමුගන්නවා. සනූපටත්, රවිදු හේෂාන් සහෝටත් ස්තූතිවන්ත වෙන ගමන් ඔයාලත් ගුණදොස් පහලින් කොටාගෙන ගියාට මම අමනාප වෙන්නේ නෑ. සුපුරුදු විදියටම මායාකාරියන්ගේ මාවතේදී නැවත හමුවෙමු.

Agatha All Along Sinhala Subtitles

කතාංගයේ නම – “Circle Sewn with Fate, Unlock Thy Hidden Gate”

කතා රචනය – Laura Donney

අධ්‍යක්ෂනය – Jac Schaeffer

විකාශය වූ දිනය –  2024 සැප්තැම්බර් 18

IMDb අගය – 7.6

මීළඟ කතාංගය – “Through Many Miles of Tricks and Trials”

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,716 downloadsDownload Agatha-All-Along-S01E02.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Agatha All Along Sinhala Subtitles

Subtitles

1,716 downloadsDownload Subtitles21 KB

5 comments

  1. Anonymous

    Thanks keep it up

  2. Bimsara Yashan (ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඉතුරු එපිසෝඩ්ස් ටිකත් ඉක්මනින් දෙමු. ජයවේවා!

  3. Nimsara

    El thanks

  4. Sandeep Madushan

    Thanx saho

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤