Watch Trailer

Arrow [S08 : E10] Sinhala Subtitles | සුභ ගමන් ග්‍රීන් ඇරෝ! [සිංහල උපසිරැසි සමඟ]

මට අවුරුදු අටකට කලියෙන් හම්බවුන ඔලිවර්ට නෙමෙයි අපි අද මේ සමුදෙන්නේ.. ඔලිවර් නිතරම මට කිව්වා එයාගේ නගරය බේරගන්න, එයාට වෙන කෙනෙක් වෙන්න වෙනවා කියලා. එයාට වෙන දෙයක් වෙන්න වෙනවා කියලා. මම හැමවෙලේම හිතුවේ ඒ කිව්වේ ග්‍රීන් ඇරෝ වෙන එක කියලා. ඒත් අද මම තේරුම් ගත්තා ඒකේ තේරුම තමයි, වඩාත් හොඳ මනුස්සයෙක් වෙන…

මට අවුරුදු අටකට කලියෙන් හම්බවුන ඔලිවර්ට නෙමෙයි අපි අද මේ සමුදෙන්නේ..
ඔලිවර් නිතරම මට කිව්වා එයාගේ නගරය බේරගන්න,
එයාට වෙන කෙනෙක් වෙන්න වෙනවා කියලා.
එයාට වෙන දෙයක් වෙන්න වෙනවා කියලා.
මම හැමවෙලේම හිතුවේ ඒ කිව්වේ ග්‍රීන් ඇරෝ වෙන එක කියලා.
ඒත් අද මම තේරුම් ගත්තා ඒකේ තේරුම තමයි,
වඩාත් හොඳ මනුස්සයෙක් වෙන එක කියලා….
අපි දැනගෙන හිටිය කෙනාටත් වඩා.

එයා හැමදේම වෙනස් කලා.
ඔලිවර් වීරයන් ලොකයට ගෙනාවා,
ඔහු වීරයන්ට ආභාෂය ලබා දුන්නා,
ඔහු මෙහේ ඉන්න අපි හැමෝටම පෙළඹවීමක් දුන්නා.
මම එයාගේ සහෝදරයා වුනා,
ඒ වගේම ඔලිවර් ක්වීන් මගේ සහෝදරයා වුනා.

අනිවාර්‍යයෙන්, ජීවිතය ඉස්සරහට යනවා,
ඒක හැමවෙලේම එහෙමයි,
ඒත් කොහොම, මොන පැත්තට කැරකෙයිද…
ඒකට මොනවා කැප වෙයිද කියලා මට කියන්න බෑ.
මම දන්නේ නෑ අනාගතය මොනවා සැලසුම් කරගෙන ඉන්නවද කියලා…
බලාපොරොත්තු නොවෙන දෙයක් බලාපොරොත්තුවෙන්,
ඉන්න වෙනවා කියන එක හැරෙන්න.

ඔලිවර් නැති වෙන්න පුළුවන්,
ඒත් ඔහුගේ මෙහෙයුම නොනැසී පවතිනවා.
ඔහුගේ මෙහෙයුම ජීවත් වෙනවා.
ඔලිවර් ජිවත් වෙනවා,
ඔහු පෙළඹෙව්ව මිනිස්සු තුල.
සමහරු ඒ මෙහෙයුම ඉතිරි ලෝකයට ගෙන යාවි,
සමහරවිට එයිනුත් එහාට…
මොකද පසුගිය අවුරුදු 8 අපට යමක් පෙන්වලා දීලා තියෙනවා නම්…
ඒ තමයි මේ විශ්වය…
අපි කිසි කෙනෙක්ට හිතාගන්න බැරි තරමට වඩා විශාලයි කියන එක.
ඔහු නැතුව ඒක ටිකක් අඩු දීප්තිමත් බවකින් යුක්ත වුනත්.

2012 වර්ෂයේ ආරම්භ කරපු ඇරෝවර්ස් යුනිවර්ස්හී පලවෙනි කතාමාලාව තමයි Arrow කියන්නේ, Arrow තුලින් තමයි ඇරෝවර්ස් උපදින්නේ, ඒ නිසාමයි ඒ විශ්වයට ඇරෝවර්ස් කියල නම තියන්නෙත්, ඇරෝවර්ස් එකෙ මුල් වීරයා ග්‍රීන් ඇරෝ, ඔහුගේ කතාවේ අවසානයටයි අපි මේ ඇවිත් ඉන්නේ.

වසර අටක් කතා සමයන් අටක් කතාංග 170ක් පුරාවට ඇරෝවර්ස් අලංකාර කල ග්‍රීන් ඇරෝ අදින් පසුව නැවත හමුවෙන්නේ නෑ, මුල් කතා සමයන් තුනෙන් පස්සේ CW නාලිකාව වැඩ අනාගත්තේ නැත්තම් DC එකේම Gotham කතාවටත් අභියෝගයක් එල්ල කරන්න හැකියාවක් මේ කතාවට නොතිබුනා නෙමෙයි. ඇරෝ චරිතයට පණ පෙව් Stephen Amell ඒ චරිතෙට සීයට සීයක් තමන්ගේ දායකත්වය දුන්නා, ඒක කිව යුතුමයි. ඇත්තටම ඇරෝගෙන් ලොකු වැඩක් ගන්න තිබ්බා. අවාසානාව තමා. ඒත් මුල් සීසන් තුනේ ගැම්ම අමු අමුවේ කාලා දාල විනාශයේ අඩියට ගිය මේ කතාව ඇරෝවර්ස් හි මුල් කතාව විදිහටත්, මුල් කාලයේ ලංකාවේ ටීවී චැනල් එකක යන කාලේ සති අන්තේ මොන වැඩේ තිබ්බත් ඇරෝ බලන්න ටීවී එකට ඉස්සරහට දුවපු කතාවක් නිසත්, ඩිසී චරිතවලින් ආසම චරිතයක් නිසත් අද මේ විදිහට මේ කතාවට සමුදෙන්න වෙන එක, එකවිදිහකට දුකක්. තවත් සීසන් ගනන් අදින්නේ නැතුව ඇරෝ ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය කරන සියලු බලාපොරොත්තු ඒ විදිහටම දීලා මේ කතාව අද අවසන් වෙනවා. ඉතින් තව මොකටද කතාබස්, යන්න නරබන්න තවත් අති විශිෂ්ඨ කතාවක් වීමට තිබි නමුත් ඊට ටිකක් පහල මට්ටමේ කතාවක අවසානය නරබන්න. අදින් පස්සේ අපිට ග්‍රීන් ඇරෝ කතා මාලාව දකින්න වෙන්නෙ නෑ. ග්‍රින් ඇරෝ නිර්මාණය කලේ ඔහුව අවසානේ ස්පෙක්ටර් කෙනෙක් කරලා විශ්වය නැවත රීබූට් කරන්න, ඔහුගේ මෙහෙයුම අවසානයි. ඉතින් තවත් කුමටද එය දික් ගස්සන්නේ, මෙතනින් අවසන් කල එකම වටිනවා.

අවසාන වශයෙන් මේ කතාමාලවට අපේ සයිට් එකෙන් උපසිරසි දීම ආරම්භ කල කවිඳු ගිම්හාන් සහෝදරයවත් මතක් කරනවා, ඒ වගේම ඔහුගෙන් පසුව මේකී කටයුත්ත කරට අරගෙන කරගෙන ආපු මධුකප්‍රිය අයියවත් මේ මොහොතේ මතක් කරනවා. මට මේක කරන්න සිද්ද වුනේ මධුකප්‍රිය අයියගේ රාජකාරි වැඩ කටයුතු අධික වීම නිසා, ඒ නිසා අවසාන කතා සමයේ අවසාන කොටස් හතර පහ මම අරගෙන ආවා. එහෙනම් තව වැඩි කතා ඕන නෑ, අරගෙන බලන්න. අනික මට මේක ඊයේම දෙන්න තිබ්බා, මොකද හුඟක් අය අවසාන කොටසට සබ් එක දෙනකල් දත් කකා හිටිය හැටි දැක්කා. ඒත් ඉතින් කරුමේ කියන්නේ මම මේ දවස්වල ඉන්නේ අසනීප තත්වයේ, ඒත් ඒ අසනීපෙත් පැත්තකට දාලා අමාරුවෙන් කොහොමහරි අද උදේ වරුව වෙනකොට කොටාගත්තා, වැරද්දක් එහෙම තිබ්බොත් සමාවෙන්න, සමහරවිට තියෙන්නෙත් පුළුවන් මොකද් උණ විකාරෙන් කොටපු නිසා.

එහෙනම් මම ගිහින් එන්නම්. හෙට සුපර්නැචුරල් කොටස හෙටම ගේන්න නම් බොහෝවිට බැරි වෙයි මේ තත්වේ උඩ. බලමු මම උපරිම ඉක්මනින් ගේන්න බලන්නම්. ජය වේවා!!

Good Bye LEGEND Green Arrow!!
We Will See You Again in better place.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,361 downloadsDownload Arrow-S08-E10.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

9,361 downloadsDownload Subtitles29 KB

72 comments

  1. kavishkajayasinghe

    Thank a lot bro... and get well soon..

    1. asindu_parakrama

      Ivarada arrow

    2. niroshn

      Sub ekata thanks bro.

    3. කවිශල් රසින්ත (කවී)

      ලිපියේ අන්තිම ටිකවත් කියවන්න ඔක්කම කියවන්න කම්මැලි නම්.

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Sameera619

    බොහොම ස්තූතියි කතා මාලාව පුරාවටම සින්හල සබ් එක්ක බලන අයට කරපු සේවය වෙනුවෙන් ❤️

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. thushararox

    ලෝගන් ගියා... රැම්බො ගියා.. ටර්මිනේටර් ගියා.. දැන් ඇරෝ...ඊලඟට?????????

  6. Deshan Rathnayaka

    1st episode එක release වෙච්ච දවසෙ ඉඳලම බැලුවා.
    දැන් ඒකත් ඉවරයි.
    ☺

  7. awsanjaya

    පළමු කතා මාලාවෙ සිට අවසාන කතා මාලාව දක්වා ඇරෝ කතා මාලාවට උපසිරසි ලබාදීමට සහබාගී වූ සියලුදෙනාටම බොහොම ස්තූතියි. මේ කතාමාලාව මෙච්චර කාලයක් බලන්න හේතුඋනෙත් මේ සිංහල උපසිරසි නිසයි. හැමදෙනාටම බොහොම ස්තූතියි.

  8. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    මුලින්ම සුපිරියට පටන් ගත්ත කතාවක්....
    තවත් ඇදගෙන යන්නේ නැතිව මෙහෙම හරි ඉවර කරපු එක හොදයි...
    Season 8ක් සබ් අරගෙන ආපු හැමෝටම ස්තුතියි....

  9. Dewadithya

    Thanks for sub!

  10. Isira janith

    Thanks pluwannam katarari kiyaladiyanko playing with fire john ge movie eka sub dennko please kiyaladiyanko arrow thx

  11. Minura

    බොරු කියන්න දෙයක් නැ බන් ගොඩක් වුන් මෙක හරි නැ කියනවා. ඔව් ඇත්ත. එත් මුල් season වල තිබ්බ ගැම්ම ගන්න බැ.මම වුනත් අන්තිම එවා බලුවෙ නැ ..crossover එක නිසා තමා බැලුවෙ. මෙක මතක හිටින series එකක් මට.මම මුලින්ම බලපු series එක බන් එකෙන් තමා..tv series බලන්න පටන් ගත්තෙ..ඉස්සෙල්ලම බැලුවෙ හිරු එකෙ. මාරම වටිනවා කවුරැ වුනත් මේක මෙච්චරකල් අදන් ආපු එක..බොහොම ස්තුති

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..සේරටම කලින් කවිදු ගිම්හාන්ව්වව මතක් කරන්න ඕනි. ඇරෝ වගේම ෆ්ලෑශ් එකත් මුල ඉදන් ඇදන් ආවේ කවිදු. ඉස්සර අපි කිව්වෙත් බයිස්කෝප් එකේ ෆ්ලෑශ් කියලා. උදේ එපිය වැටෙනකොට හවස සබ දාලා. ඒ ගැම්මනම් කියලා වැඩක් නෑ ඉතිං. ටොරන්ට් එක පවා ආව ගමන් බාන්න පුරුදු උනෙත් කවිදු හවස් වෙනකොට සබ දාන නිසා. ඒත් ඉතිං මෙකේන් සබ් බාන බහුතරයක් කාලකන්නි නිසා කවිදුට වැඩේ එපාම වෙලා ගියා. වදාපු අම්මා තාත්තා මතක් කරලා කුනුහරප කියන්න ගත්තා එක දවසක් සබ පරක්කු වෙනකොට. ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ. කාලයක් බයිස්කෝප් එකෙන් එපිසෝඩ් වලට සබ් දෙන එක නවත්තන්තත් හේතුව උනේ මේ ඇරෝ ෆෑන්ස්ලා ටිකම තමා. කොහොමහරි හරි ඊට පස්සේ මේ නරා වලට වැන්නේ මධුකප්‍රිය සහෝ. ඒත් අර වගේම කතන්දර අහ අහ වැඩේ ඇදන් ගියා. ඇරෝ කියන්නේ හැමදාටනම් මමනම් ආසම කතාවක්. ටී වී සීරිස් බලන්න හුරු කරපු දෙයක්. CW එකෙන් සීරිස් වල මැදක් ආවට පස්සේ වැඩේ නෑවා. ඒත් අල්ලගෙන බැලුවා ආසාවට. කොහොමහරි ඉතිං ආසාවෙන් බලපු තවත් කතාවක් ඉවර වෙනවා..අන්තිම ටිකේ සබ් එක දුන්න කවිශල් සහෝටත් බොහොම ස්තූති..දිගටම සබ් කරමු..ජය වේවා.. බුදුසරණයි..
    Good Bye Legend...You never fail us

    1. කවිශල් රසින්ත (කවී)

      ඇත්තම කතාව ඒක තමා සහෝදරයා.. අදහස් වලට ස්තූතියි...!!

  13. geeganagamage

    බොහොම ස්තුතියි ගොඩාක් ආසාවෙන් බලපු ට්වි සීරියස් එකක් .

  14. ප්‍රශාත් මදුෂංක

    thanks

  15. ChamalKanishka

    Season 8 ක් වෙනකන් සබ් දුන්න හැමෝටම ස්තූතියි .Good luck..

  16. Mohomed_Ismath

    මුල් සීසන් ටික බලපු නිසා අවසානෙ වෙනකං බැලුවා.අර කිව්ව වගේම මීට වඩා ලස්සනට කතාව ඉවර කරන්න තිබ්බා.අවුරුදු 8 පුරාවට මේ කතාමාලාවට උපසිරැසි ලබා දුන් ඔබ ඇතුළු සියළු සහෝදරවරුන්ට බොහෝම ස්තූතියි..

  17. Ajith Priyantha

    godak isthuthiy sub ekat
    dukakuth athiwenawa iwara wenawata

  18. maxek500

    sub aka daapu okkotama godak istuti............

  19. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  20. Amila...ushan

    උබෙ කතාව නම් සම්පූර්ණ ඇත්ත බං රත්තරනේ මෙ ටීවී සීරීස් එක පටන් ගත්ත මුල් කාලේ නම් තනිකරම පිස්සු වක් උනා බං බොහොම ස්තූතියි දිගටම මෙහෙම සබි දෙනවට

  21. Ayesh Prashan

    Thank You

  22. Rajitha Lakmal

    සුපර් පවර් කිසිම දෙයක් නැතිව ගේම ගහපු Arrow තමයි හැමදාමත් DC වල මගෙ කැමතිම චරිතෙ වුනේ. Stephan Amell ඒ චරිතෙ කරන්නම ඉපදුණු එකම කෙනා කියල කිසිම සැකයක් නැහැ. සුපිරි Series එකක් ඉවර වුණා. ගොඩක් දුකයි. මේක මුල ඉඳන් ගොඩක් කල් ඇදන් ඇවිත් අපිට සබ් දුන්න කවිඳු ගිම්හාන් සහෝටත්,එතන ඉදන් දිඅගටම අරන් ආපු මධුකප්‍රිය, කවිශල් රසින්ත සහෝල දෙන්නටත් හදවතින්ම ස්තූති කරන ගමන් සියළුම කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනය කරනවා.

  23. heshara divyanjana

    මුල් season ටිකනම් පිස්සුවෙන් වගේ බැලුවා.. ඊට පස්සෙනම් බලන්නම්වාලෙ බැලුව. ඒත් නොබල හිටියෙ නැත්තෙ මුලදි හිතට වැදුන නිසා... මෙච්චර කාලයක් මේ කතාවට සබ් එක දෙන්න ඔයාල කරපු හැම කැපකිරීමකටම ගොඩාක් ස්තුති... tv එකෙන් සිංහල හඬකවල Arrow බලපු මම, tv එකේ පෙන්නන එක නතර කරාම download කරල ඔයාලගෙ සබ් එකත් එක්කත් බැලුවා ඒ තරමට මුල් season නිසා කතාවට ආස උනේ... මම ලොකු DC fan කෙනෙක් නෙමෙයි. ගොඩාක් අය බලලා තියෙන DC ලගෙ ලොකු ලොකු series මම බලලා නෑ.... මේක තමා මුලිම්ම බැලුවෙ.. ඊට පස්සෙ flash බැලුවෙ... ඒත් මේ කතාව කොහොම හරි බැලුවා ...මටනම් කවදාවත් අමතක වෙන්නෙ නැති කතාවක්... සමහරවිට ලබන සතියෙත් මං arrow එකේ අලුත් එපිය මොකක්ද කියල ටොරෙන්ට් site වල හොයයි. ආයෙත් කියන්නෙ baiscopelk site එකේ ඔයාල හැමෝට අනේකවාරයක් ස්තුති අපි වෙනුවෙන් ඔයාලගෙ කාලය කැපකරලා අපිට english tv series බලන්න අවස්ථාවක් දුන්නට... ඔයාල හැමෝටම සුබපතනවා ඉදිරියටත් පුලුවන් විදියට මේ දේ කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා.... ඔයාලා හැමෝට ස්තුති.....

    1. Thameesha Teheran

      එතකොට 2042දී ස්ටාර් සිටීවල මියායි විලියමුයි ඉන්නකොට විලියම් පැහැරගත්තානේ ඒසීන් එකේ ඉතුරු ටික කොහොමද බලන්නේ ඒකට වෙනම ටීවී සිරියස් එකක් එනවද

  24. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  25. Lahiru Kekulandara

    සිංහල උපසිරසට බොහෝම ස්තූති.
    ජය වේවා!

  26. Lahiru Kekulandara

    Season Tika Okkoma Iwara Wenakan Sub Eka Amaruwen Hari Dunnata Bohoma Sthuthi
    Puluwannam Bageta Karala Nathara Karapu TV Seraes Tikatath Sub Eka Dila Iwara Karanna
    Naththan "SMOLLVILL" Wage Iwara Wechcha TV Seraes Ekakata Sub Eka Denna.

  27. sameera.jmj

    Thanks.
    Episode 8 ake Sub aka hoyaganna Baneee
    Please helppppppp

  28. Eranga Sandaruwan

    ලෙජන්ඩ් ඔෆ් ටුමෝරෝ එකට සාරාව ගන්න ඕන නිසා මරණෙන් නැගිට්ටුව සීන් එකයි ලාරන්ස් පීට් එකයි නොවෙන්න මේ කතාවට මේම වෙන්නේ නෑ. කොහොම හරි මම ටීවී සීරියස් බලන්න ගත්තේ ඇරෝ එකෙන්. මමනම් ඔක්කොම ටික බැලුවා. සුපර් පවර් නැති සුපර් හීරෝ.. සුබ ගමන්..

    අවුරුදු 08ක් උප සිරැසි දුන්නු ඔක්කෝටම ස්තූතියි..

  29. Deshani

    thank you, :)

  30. sameeramadusanka

    අවුරුදු 8ක් ආසාවෙන් බලපු tv series එකේ අවසානය කියලා දැනගත්තහම දුකකුත් තියෙනවා.green arrow උබව හැමදාමත් මතක තියේවි,සුබ ගමන්....
    ඒවගේම අපිට sub දුන්න සියලුදෙනාටම බොහොම ස්තුතියි...

  31. Dasun

    TV series බලන්න ගත්ත කතාව. අමතකම කරන්න බැරි මතකයක් වුන කතාව.. ඔලිවර් ඒ චරිතයට උපරිමය දුන්නා.. අද වෙනකොට අවසාන කොටසටත් ඇවිත්.. සුබ ගමන් මිත්‍රයා...

    1. mindinu

      Aniwa brother

  32. mindinu

    Pissu watuna weerayek.good luck.

  33. ravidu ishan

    සීරීස් එකට සබ් දුන්න උබටයි අනිත් සහෝලටයි ගොඩක් ස්තූතියි මචන්!!! මොනවා උනත් මටනං කතාවේ season 1 ,2 ,5 තමා කතාවේ හොඳම හරිය..ආසාවෙන්ම බලපු තව කතාවකුත් ඉවරඋනා ,ඊලඟට supernatural ...
    Anyway good luck mchn !!!

  34. Gayan_madushanka_

    Thanks bro

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. nimeshdesilva

    thanks sahoo

  37. Dulan Randika

    බොහොම ස්තූතියි උපසිරසි යට...

    මුලින්ම ස්තූති කරන්න පටන්ගන්න ඕනෙ කවිදු ට සබ් ආපු දවසෙම ඉක්මනට කොටල සබ් එක අරන් ආවා.පුදුම වේගයක් තිබ්බෙ.ඒකෙන් හැබැයි කට්ටියගෙ ඉවසීම ක් නැති උනා.කතාවක් තියෙන්නෙ ඕනම දෙයක් ඕනවට වඩා නෑ කියලා
    කියලා.කවිදු ගෙ කර්‍යබහුලත්වයත් එක්ක මධුකප්‍රිය සහෝ තමා ඊලඟට වැඩේට් බැස්සෙ..ඒ දවස් වල තිබ්බ කාලගුණේ ප්‍රශ්න හින්දා වෙච්ච කරදරයක් හින්ද සබ් එක පර්ක්කු වෙලා අම්ම අප්පා මතක් කරල බැනල කරගත්තු විනාශෙන් මං හිතන්නෙ ගොඩක් කට්ටිය ට්සි ත් රිදවීම් උනානෙ කොටින්ම සබ් දෙන එකත් නැවතුනානෙ.ඔක්කොම උනේ ඇරෝ ෆෑන්ස් ල හින්දා වගේම crossover විතරක් බලපු අයත් හිටියා.ඒ හින්දා ඇරෝ ෆෑන්ස් ල හින්දා ම උනා කියන එක වැරදියි මං හිතන්නෙ

    කොහොම හරි අවසානය වෙනකම් මේ කතාව ඇදගෙන සනිඳු ,කවිදු මධුකප්‍රිය, ඇතුලුව නම් කිව්ව නොකිව්ව හැමෝටම ගොඩක් ස්තූතියි.මේ වගේ කතාවක් අවසානය වෙනකම් ගල්මුල් අපහාස මැද ඇදගෙන ආවට..

    කව්රු මොනව කිව්වත් ඇරෝ මේ වෙනකම් මට නම් කිසිම චාටර් සී එකක් නෑ.එකම අවුල මැරිච්ච අය ආපහු ගෙන්නල ස්පින් ඕෆ් ගහපු එක.සැක් ව අයින් කරල අපේ සුරංගනා කතා ලියන් උත්තමයට දුන්න වගේ වැඩක් තමා Cw කරගත්තෙ.වැඩි ලාභ හොයන්න ගිහිල්ලා තියෙන කතාව කාගත්තා.කොහොම උනත් සාර්ථක අවසානයක් තිබ්බා.කතාවට පට්ට ඉමෝෂනල් අන්තිම ටික නම්.

    ඒත් අර අන්තිමට් ජොන් ලඟට් උල්කාපාතයක් එන්නෙ මොකද්ද දන්නෑ නේ ඒ සීන එක ඒ එච්චර තේරුන්නෑ.

    1. Kasun Tharaka Weerasooriya

      ජෝන් තමයි ග්‍රීන් ලැන්ටර්න් වෙන්නෙ.

    2. Anonymous

      Green Lantern kawadada patan ganne?

  38. Nuwandika Dil

    Kawru in homa qwwath
    Asawen balapu apiwage ayath innawa
    Adarei
    Kattiyta
    Thanks, epawegana yana ekak unath digatama dunnata. Hemotama. ♥️♥️♥️
    Meke aduwata ena Stargirl ekath karanna . Thanks again

  39. Rumesh Perera

    අවුරුදු ගනනාවක් තිස්සෙ මේ ඇරෝ කතාමාලවට සබ් දුන්න ඔබ ඇතුලු සියලු දෙනාට බොහොම ස්තූති.
    එත් එක්කම කියන්න ඕනේ අපි මෙවගෙ අසාවෙන් බලපු ගොඩක් කතා මාලා මග නැවතුන. පුලුවන් නම් එවටත් පරක්කු වෙවී හරි සබ් දෙන්න බලන්න. බොහොම ස්තූති. ජය වේව!!

  40. Thameesha Teheran

    එතකොට 2042දී ස්ටාර් සිටීවල මියායි විලියමුයි ඉන්නකොට විලියම් පැහැරගත්තානේ ඒසීන් එකේ ඉතුරු ටික කොහොමද බලන්නේ ඒකට වෙනම ටීවී සිරියස් එකක් එනවද

    1. කවිශල් රසින්ත (කවී)

      ඔක්කම ප්‍රශ්න වලට උත්තර අන්තිම කොටසේ තිබ්බා... ඔක්කම ප්‍රශ්න විසඳුවා... හරියට බලලා නෑ සහෝදරයා ඔයා.. ආයේ හොඳට බලන්න... ❤️

    2. Janithpromoditha

      ethakota digel anthimata habavena kolapata vage de mokakda
      thava mokak hari kathavak enna thiyda
      spin off ekaka vage

    3. Anonymous

      Green lantern ගෙ ring එක හම්බ වෙන්නේ

    4. N

      Uta venama series kak enavalu .. spoilers thama

  41. Manoj

    මුලින්ම ඉතින් කවිදු සහොව තමා මතක් කරන්න වෙන්නේ. මොකද ඉස්සර කතාව එන දවසෙම සබ් එක දීපු දවස් තිබ්බා. සමහරු Flash වගෙ ඉක්මනින් සබ් දෙනවා කිව්වා මතකයි. මාත් කිව්වා. :P ඉස්සර හැම සබ් එකටම කමෙන්ට් එකක් දානවාමයි කවිදු සබ් කරන කාලේ. මොකද සබ ගැන කියන්න දෙයක් නෑ. ඒ වගේමයි ඉක්මනටත් දුන්නා. මදුකප්‍රිය ඒ බර කරට ගත්තේ ඊට පස්සේ. ඇරො ෆ්ලැශ් crossover එකකදී baiscopelk එක චාටර් කරපු ගොන් හැත්තක් හිටියා. තව ටිකෙන් TV Series වලට සබ් දෙන එකත් නතර වෙන්න තිබ්බා. ඒ වගේ පිස්සු කෙලියෙත් මේ ඇරෝ වර්ස් රසික පිස්සො ටිකම තමා. කවුරු මොනවා කිව්වත් කතාව නතර වෙන එක ගැන නම් පට්ටෙට දුකයි. ආදරෙයි බයිස්කොප් මැරිලත් පැයක්

  42. chinthaka.max4

    thankx machan

  43. Naveen Rangana

    Thanks for Subtitle.............
    Jayawewa..........!!!!!!!!!!!!!!!!!

  44. Akalanka weerasinghe

    බොහොම ස්තුතියි මේච්චර කාලයක් මේකට උපසිරැසි දුන්නාට.. ආසම කතාවක් ❤️

  45. Bawani Chandima

    hamotama bohoma sthuthi...kaneries katha malavath sub eka genna loku udauwak eka...

  46. suranuwan

    thanks bro...

  47. YasasPerera

    arrow series eka man godakma adare karapu kathawak. eda idan ada dakwa sub genawa oya athulu anith hema kenektama man sthuthi karanawa. hugak kepaweem karala me wenakan me series ekata sub dunna hemotama sthuthi..

  48. lakshan

    thanks ..................

  49. Senaruwan

    Mechchra kalayak arrow season 1k sub dunna hemotama thanks.
    Oyala dunna subtitel nisai man me series 1k mechchra kal beluwe
    Thanks hemotama

  50. Anonymous

    thanks bro

Load more comments