Avatar: The Last Airbender [S02 : E02] Sinhala Subtitles මේ ඇවිල්ලා Avatar: The Last Airbender Live Action සීරිස් එකේ 02 නි සීසන් එකේ 03 වෙනි එපියට ගේන සබ් එක. කලින් සිද්දිය ගැන සුපුරුදු හෑල්ල යටින් දාන්නම්. Zuko පෘථිවි රාජධානිය (Earth Kingdom) හරහා තමන්ගේ ගමන යන අතරේ, දවසක් එයා Peng කියන පොඩි ළමයය…
![]()
මේ ඇවිල්ලා Avatar: The Last Airbender Live Action සීරිස් එකේ 02 නි සීසන් එකේ 03 වෙනි එපියට ගේන සබ් එක. කලින් සිද්දිය ගැන සුපුරුදු හෑල්ල යටින් දාන්නම්.
Zuko පෘථිවි රාජධානිය (Earth Kingdom) හරහා තමන්ගේ ගමන යන අතරේ, දවසක් එයා Peng කියන පොඩි ළමයයි එයාගේ අක්කා Fei ගෙදරට ගිහින් උදව්වක් කරනවා. පස්සේ කට්ටියක් ඇවිත් මේ අයට කරදර කරනකොට Zuko එයාලව බේරගන්නවා. ඒ පවුලේ අය පෙන්නපු ආදරේ, කරුණාව දැක්කම Zukoට එයාගේ අම්මව හොඳටම මතක් වෙනවා. අම්මා ඉස්සර කියලා දීපු දේ තමයි, “වීරකම කියන්නේ බලය පාවිච්චි කරන එක නෙවෙයි, අනිත් අයව ආරක්ෂා කරන එක” කියන එක. මේ සිදුවීම් එක්කම Zukoයි, අනිත් පැත්තෙන් කුරිරු විදිහට Avatarව හොයන Azulaයි අතර තියෙන වෙනස තවත් හොඳටම කැපී පේනවා.
මේ අතරේ, Aang, Katara, Sokka, සහ Suki යන පිරිස Ba Sing Se ආසන්නයට යනකොට, එතන පොළව යට තියෙන පට්ටම earthbending තරගයක් දකින්න ලැබෙනවා. එතනදී තමයි ‘Blind Bandit’ කියලා ප්‍රසිද්ධ, කාටත් හොයාගන්න බැරි අන්ධ සටන්කාරියව Aang දකින්නේ. එයාගේ දක්ෂතාවය දැක්ක ගමන් Aangට තේරෙනවා, තමන්ට earthbending උගන්වන්න ඉන්න සුදුසුම කෙනා මෙයා කියලා. අන්තිමට ඒ කවුද කියලා බැලුවම, ඒ තමයි බොහොම ධනවත් පවුලක හිරවෙලා ඉන්න Toph Beifong. තමන්ගේ දෙමව්පියන්ගේ දැඩි පාලනයෙන් මිදෙන්න හිතාගෙන ඉන්න Toph, රහසින් Aangට ‘neutral jing’ කියන සටන් කලාවේ දර්ශනය ගැන කියලා දෙනවා.
කතාවේ උණුසුම්ම හරිය වෙන්නේ Azula හදිසියේම Zukoව හොයාගෙන එන වෙලාවෙයි. ඒ රණ්ඩු සරුවල් මැද්දට Aangලා පිරිසත් සම්බන්ධ වෙනවා. අන්තිමට Iroh ඇවිත් Zukoට උදව් කරනවා, ඒ වගේම Tophත් Team Avatar එකට එකතු වෙන්න තීරණය කරනවා. ඒ වුණාට, Tophගේ ගෙදරින් එයාව මේ ගමනට යන්න දෙන්න කැමති වෙන්නේ නෑ. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක, කණ්ඩායම Ba Sing Se බලා යන ගමන තවත් අභියෝගාත්මක වෙන්න පටන් ගන්නවා. ඕක තමා සිද්දිය මේකෙන් ඊළඟට වෙන දේ බලාගන්න එහෙනම්…
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,212 downloadsDownload Avatar-The-Last-Airbender.S02E03.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල සංජීව
Subtitles
4 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Athula brother sub ekata
Sandaru Nimsara
Thanks
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි සහෝ සබ්එකට