Watch Trailer

Battle Angel AKA Gunnm (1993) [S01 : E01 & E02] Sinhala Subtitles | යදමින් උපන් වියරුවේ දෙව්දුව! [සිංහල උපසිරසි]

Battle Angel AKA Gunnm (1993) [S01 : E01 & E02] Sinhala Subtitles “Alita: Battle Angel” කියන නම ඔයා අහල තියෙනවද? ආ… ඒ අර ඉංග්‍රීසි ෆිල්ම් එක නේද, ඒක නම් පට්ටයි ආ… Entertaining කරන්න නම් නියම ෆිල්ම් එක… කියල ඔයාට ඒක මතකයට නැගේවි. ඕනිම Hollywood රසිකයෙක්ගෙන් ඇහුවොත් ඒ හා සමාන අදහසක් ඒ චිත්‍රපටය ගැන ක…

Battle Angel AKA Gunnm (1993) Sinhala Subtitles

“Alita: Battle Angel” කියන නම ඔයා අහල තියෙනවද? ආ… ඒ අර ඉංග්‍රීසි ෆිල්ම් එක නේද, ඒක නම් පට්ටයි ආ… Entertaining කරන්න නම් නියම ෆිල්ම් එක… කියල ඔයාට ඒක මතකයට නැගේවි. ඕනිම Hollywood රසිකයෙක්ගෙන් ඇහුවොත් ඒ හා සමාන අදහසක් ඒ චිත්‍රපටය ගැන කියවේවි. ඒත් ඒක නිර්මාණය වුනේ Manga එකක් මූලාශ්‍ර වුනු ඇනිමෙ කතා මාලාවකින් කියලා ඔයා දැනන් හිටියද? ඒකත් 90 දශකයේ ආපු ඇනිමෙ එකකින් කියල ඔයා දැනන් හිටියද? දැනන් හිටියා හරි නැතා හරි, එදා ඔයා රස විඳපු Alita: Battle Angel ඉංග්‍රීසි චිත්‍රපටයට පාදක වුනු ඇනිමෙ කතා මාලාව සමඟින් තමයි අද මම ඔයාලගෙ ඇනිමෙ ෆැන්ටසියට ගොඩ වෙන්නේ. ඒ අනුව මේකත් ඇනිමෙ ස්වර්ණමය යුගයේ (Golden Era) නිර්මාණය වුනු කතාවක්. මීට කලින් මම Neon Genesis Evangelion (1997) සහ Serial Experiments Lain (1998) කියන ඇනිමෙ කතා මාලා දෙකට සිංහල උපසිරැසි අරන් ආවා. ඒ අනුව මේක තමයි මේක තමයි ස්වර්ණමය යුගයට අදාළව ගේන තුන්වෙනි සිංහල උපසිරැසිය වෙන්නෙ. ඒ වගේම ස්වර්ණමය යුගයෙන් අරන් එන දෙවෙනි Mini Series එක.

Battle Angel Alita Anime DVD Cover

Yukito Kishiro අතින් ලියවුනු, Volumes 9 කින් සමන්විත Battle Angel Alita කියන Manga එක ඇසුරෙන් තමයි මේ ඇනිමෙ එක 1993 වසරෙදි නිර්මාණය වෙන්නෙ. Japanese cyberpunk manga series එකක් වෙන මේක ජපන් බසින් GUNNM කියල හඳුන්වනවා. Madhouse Studio එකෙන් නිර්මාණය වුනු ඇනිමේෂන් සහිතව, මිනිත්තු 30 බැගින් වුනු කොටස් 2 ක් පමණක් සහිත මේ කතාවේ මේ කොටස් දෙක, පිළිවෙළින් Manga එකේ Volume 1 සහ Volume 2 හි සම්පීඩනය කරපු කතාවක් විදිහට තමයි මේ Battle Angel Alite විදිහට ඉංග්‍රීසි නමිනුත්, Hyper Future Vision GUNNM විදිහට ජපන් නමිනුත් නිර්මාණය කරල තියෙන්නෙ. Drama, Sci-fi, Mecha යන Genre වලට අයත් වෙන මේ කතාව R+Mild Nudity යටතේ Rate වෙලා තියෙනවා. My Anime List හි 7.07 ක් වගේම IMDB හි 7.2 ක අගයක් ලබා ගන්න මේ Battle Angel Alita ඇනිමෙ කතා මාලාව සමත් වෙලා තියෙනවා. ඒ වගේම Kishiro ට අනුව මුලින්ම කොටස් දෙකක් විතරයි සැලසුම් කරල තියෙන්නෙ. ඉතින් kishiro ට Anime adaptation එකක් ගැන සැලසුමක් නෑ වගේම ඇනිමෙ එක ආපහු ගේන්නත් අදහසක් තිබිලා නෑ කියලයි තොරතුරු දැක්වෙන්නේ. Kaori Akima ගායනා කරන “Cyborg Mermaid” නම් Ending Theme Song එක විතරක් මේ කතාවට ඇතුළත් වෙනවා.

GUNNM Manga Volume 01 Cover

ඒ වගේම මේ Battle Angel Universe එක පාදක කරගෙන Ashen Victor, Battle Angel Alita: Holy Night & Other Stories, Battle Angel Alita: Last Order, Battle Angel Alita: Mars Chronicle කියන spin off manga සහ sequel manga කිහිපය නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම 1998 අවුරුද්දෙදි Gunnm: Martain Memory නමින් Playstation Video Game එකකුත් නිකුත් වෙලා තියෙනවා.

ඒ වගේම අවසාන වශයෙන් James Cameron මහත්මා අතින් තිර රචනය සහ නිෂ්පාදනය සිදු කරල 2019 වසරෙදි එළි දක්වපු Alita: Battle Angel ලයිව් ඇක්ෂන් චිත්‍රපටය ආදායම් අතින් අති සාර්ථක වුනු adaptation එකක් වුනා. මං මුලදී කිව්වත් වගේ ඒක මේ වෙද්දි බොහෝ දෙනා නරඹලා ඇති. සමහරු ඒකෙ අවසානය එක්ක දෙවෙනි චිත්‍රපටයක් බලාපොරොත්තුවෙන් ඇති. මම ලිපිය ලියන්නෙත් ඒ බලාපොරොත්තුවම ඇතුවම තමයි.✌️

Alita: Battle Angel (2019) Movie Poster

Battle Angel නිර්මාතෘ Yukito Kishiro සහ Alita: Battle Angel චිත්‍රපටයේ Alita ට පණ පෙවූ Rosa Salazar නිළිය

මේ කතාව චිත්‍රපටයේ සිදුවීම් වලට හුඟක් සමානයි. ඒ මොකද ඒ චිත්‍රපටය නිර්මාණය වුනේ මේක ඇසුරෙන් වීම නිසායි. ඒත් චිත්‍රපටයේ කතාව ඒ වගේම නෙමෙයි, යම් යම් වෙනස්කම් ඇතුව යම් සිද්ධි දාමයන් ප්‍රමාණය වැඩි කරමින් තමයි චිත්‍රපටයේ කතාව ගොඩ නැගිලා තියෙන්නෙ. ඒ නිසා මේ ඇනිමෙ එකේ කතාව ගැන කියනවා නම්, මේක ආරම්භ වෙන්නෙ “ඉදෝ” කියන සයිබර්නෙටික් ඩොක්ටර් සයිබෝර්ග් රොබෝ අවයව එකතු කරන සිද්ධියක් එක්කයි. ඊට පස්සෙ තමයි මේ කතාවෙ කතා නායිකාව නිර්මාණය වෙන්නෙ. එයා තමයි “ගලී”. එයා මිනිස්සු අඳුරගන්න විදිහ, එයාගෙම රහස් හැකියාවන් හොයාගන්න විදිහ වගේම ඒ හැකියාවන් බවුන්ටි හන්ටින් වලට යන විදිහ ගැන මේ කතාවේ ඇතුළත් වෙනවා. ඒ වගේම චිත්‍රපටයේ අපිට දකින්න ලැබෙන, පය තියන එක හීනයක් වුනු ඉහළ අහසේ තියෙන “සාලෙම්” කියන නගරයත් මේ කතාවේ තියෙනවා. ඒ නගරය සහ මේ ගලී ජීවත් වෙන නගරයේ තියෙන වෙනස මොකක්ද? දැන් ජීවත් වෙන නගරය අත් හැරලා සාලෙම් වලට යන්න හදන්නෙ කවුද? ඒ යන්නෙ ඇයි? කියන දේවල් මේ කතාවෙන් බලාගන්න ලැබෙනවා. මීට වඩා දෙයක් මේ ඇනිමෙ එකේ story එක ගැන මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.

දැන් මම යන්නම් ආපහු Alita: Battle Angel ඉංග්‍රීසි චිත්‍රපටයට. මේ චිත්‍රපටයට අනුව නම්, මේ චිත්‍රපටයේ අවසානය එක්ක උත්තර නැති ප්‍රශ්න ගොඩක් අපිට මතු වෙනවා. Alita කියන්නෙ ඇත්තටම කවුද? ඉහළයි පහළයි නගර දෙක වෙන් වුනේ කොහොමද? ඉහළ නගරයේ පාලකයා කවුද? අතීතයෙදි දරුණු ව්‍යසනයක් වුනාද? වුනා නම් ඒ මොකක් නිසාද, කවුරු නිසාද? කියන ප්‍රශ්න ඉන් කිහිපයක් විතරයි. ඉතින් මේ Hyper Future Vision GUNNM හෙවත් Battle Angel Alita ඇනිමෙ එකෙන් ඒ ප්‍රශ්න වලට උත්තර නම් අපිට හම්බවෙනවා කියල මට කියන්න බෑ. මොකද මේක කොටස් 2 ක් පමණක් සහිත කතාවක් නිසා මේ ඇනිමෙ එකේ තවත් කොටසක් නිකුත් වෙන්නේ නම් නෑ. ඒ නිසා Alita: Battle Angel චිත්‍රපටය දෙවැන්න එන දවසක් වෙනුවෙන් අපි බලාපොරොත්තුවෙන් ඉමු. එතෙක් මේ ඇනිමෙ එක නරඹන එක විතරයි දැනට ඉතුරු. එහෙනම් නරඹන්න මේ Alita ගේ ඇනිමෙ උප්පත්තිය. ඒ වගේම මේ ඇනිමෙ එක Japanese dub එකෙන් නරඹන්න අමතක කරන්න එපා. මොකද උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Japanese dub එකට ගැලපෙන විදිහටයි. එහෙනම් ස්වර්ණමය යුගයේ තවත් ඇනිමෙ එකකින් ළඟදීම නැවත හමුවෙමු. එතෙක් Happy Anime…✌️

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

699 downloadsDownload Alita-Battle-Angel-1993-Complete-Series-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

699 downloadsDownload Subtitles26 KB

9 comments

  1. nami

    thanks bro

  2. ashok

    sousou no frieren anime ekata sub oneeee

  3. Anonymous

    Thnks cowboy bepop ekata subtitles dennako plz

    1. ලංකන් weebs

      කරගෙන යන ගමන්.

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. bihandu

    Thank you , Monster anime ekatath sub one

  6. vihanga

    the promised neverland ekata sub dennako plz

  7. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.