Watch Trailer

Berserk (1997) [S01 : E07 & E08] Sinhala Subtitles | සිටුවරයෙක් වූ කුලී හේවායා [සිංහල උපසිරසි]

Berserk S01 Sinhala Subtitles 1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 07 සහ 08 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ. Berserk S01…

Berserk S01 Sinhala SubtitlesBerserk S01 Sinhala Subtitles

1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 07 සහ 08 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ.

Berserk S01 Sinhala Subtitles

මිඩ්ලන්ඩ් සහ ටියුඩර් අතර සිද්ධ වුනු සටන් කිහිපයකින්ම ජය ග්‍රිෆිත්ගේ නායකත්වයෙන් යුත් උකුස්සාගේ කල්ලිය ලබා ගත්තු නිසා මිඩ්ලන්ඩ් රජතුමා ග්‍රිෆිත්ට නයිට් පදවියක් පවා පිරිනමනවා. මේ නිසා දැන් උකුස්සාගේ කල්ලියේ සුදු උකුස්සා නයිට් කෙනෙක් නිසාත් දැන් කල්ලියේ හැමෝම තවත් ගැම්මෙන් තමයි ඉන්නෙ. ඒ වගේම ඉස්සරට වඩා ජයග්‍රහණත් ගොඩක් ලබා ගත්තු නිසා කල්ලියේ පිරිසත් දැන් වැඩියි. හැබැයි කුලී හේවායෙක්ට නයිට් පදවියක් පිරිනැමීම නිසා රාජ සභාවේ අය නම් එච්චර හොඳ හිතකින් නෙමෙයි ඉන්නේ. ඒත් රජතුමා දිගටම උකුස්සාගේ කල්ලිය ගැන විශ්වාසය තියනවා. ඒ නිසා උකුස්සාගේ කල්ලියට තවත් ටිකක් සංකීර්ණ මෙහෙයුමක් රජතුමා විසින් ලබා දෙනවා. ඒක තවත් බලකොටු වැටලීමක්.

Berserk S01 Sinhala Subtitles

ඒ වැටලීමේ මැදදි හමුදාවට ඉස්සරහට යන්න බැරි තැනක් එනවා. ඒ එක සෙබලෙක් පාර අහුරන නිසායි කියල එන තොරතුර අනුව ගට්ස්ම මේක විසඳන්න යනවා. ඒත් අවසානයේදි හිටියේ මනුෂ්‍යයෙක් නෙමෙයි යෝධ අද්භූත රාක්ෂයෙක්. අතීතයේ ඉඳන් කටකතාවල එන අමරණීය සොඩ් කියල හඳුන්වන රාක්ෂයා තමයි මේ සටනේ ඉඳල තියෙන්නෙ. ගට්ස්ටත් මේ රාක්ෂයාව මරන්න බැරි වෙද්දි, ග්‍රිෆිත් අවසානයේදී ගට්ස් වෙනුවෙන් සහ රාක්ෂයාව විනාශ කිරීමේ අරමුණින් එකතු වෙලා පහර දෙනවා. සැලකියයුතු හානියක් කරන්න මේ දෙන්නා සමත් වුනත්, මේ අමරණීය සොඩ් නිසාවෙන් පහර දීමෙන් වැඩක් වෙන්නෙත් නෑ. මේ සොඩ් ග්‍රිෆිත්ව මැරීමේ අරමුණින් ග්‍රිෆිත්ගේ ළඟට ගියත්, ග්‍රිෆිත්ගේ බෙල්ලේ තියෙන මාලෙ නිසාවෙන් සොඩ් නිශ්චල වෙනවා. රජුගේ බිත්තරය(Egg of the King) හෙවත් බෙහෙලිත්(Behelit) කියල හඳුන්වන ඒක මස් මාංශ මතින් ලෝකය පාලනය කිරීමට දෛවයේ ලියවුනු අයට උරුම වෙන බව කියනවා. මේ නිසා ගට්ස්ට දවසක ඉරණම් ගත වුනු මරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙන බව අවවාද කරමින් සොඩ් සටනින් පළා යනවා.

Berserk S01 Sinhala Subtitles

අමරණීය සොඩ් කියපු ඒ කතාවේ තේරුම මොකක්ද? ග්‍රිෆිත්ගේ ඉරණම මොකක්ද? ගට්ස්ගේ ඉරණම මොකක්ද? මිතුරන් දෙන්නෙක් යැයි කියාගන්නා මේ දෙන්නා එකිනෙකාට සතුරන් වේවිද? ග්‍රිෆිත්ගේ ඉරණම අනුව තවත් ඉහළ සැප සම්පත් ග්‍රිෆිත් වෙනුවෙන් බලා සිටිනවා. මේ කොටස් මඟින් ඇරඹෙන්නේ අන්න ඒ ගමනයි. නරඹන්න මේ කොටස් දෙක. Berserk කතා මාලාවේ 09 සහ 10 කොටස් වලින් මීළඟට හමුවෙමු.

Berserk S01 Sinhala Subtitles

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

758 downloadsDownload Berserk-S01-E07E08-Sinhala-Subtitles-2.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

Berserk S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

758 downloadsDownload Subtitles28 KB

1 comment

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි.