Mercy for None AKA Gwang-jang Season 01 Sinhala Subtitles කොහොමද හැමෝටම? අද අරගෙන ආවේ ආයේ ගිනි ගින්දර ඇක්ෂන් තියන සුපිරිම සීරීස් එකක් අරගෙන. නම තමා Mercy For None. ටික කාලෙකට සබ් කරන එක නවත්තලා තිබ්බත් මේකට සබ් නැති වුනොත් අපරාදේ කියලා හිතුන හින්දයි වැඩ අස්සේ අරගෙන ආවේ. ඉතින් Mercy For None එකේ කොර…

කොහොමද හැමෝටම? අද අරගෙන ආවේ ආයේ ගිනි ගින්දර ඇක්ෂන් තියන සුපිරිම සීරීස් එකක් අරගෙන. නම තමා Mercy For None. ටික කාලෙකට සබ් කරන එක නවත්තලා තිබ්බත් මේකට සබ් නැති වුනොත් අපරාදේ කියලා හිතුන හින්දයි වැඩ අස්සේ අරගෙන ආවේ. ඉතින් Mercy For None එකේ කොරියානු නම තමා 광장 (ග්වන්ග්ජන්ග්). ග්වන්ග්ජන්ග් කියන්නේ කොරියන් බසින් ප්ලාසා එකට. මේකේ තියෙන විශේෂත්වය තමා දැනට ඇවිත් තියෙන ජනප්‍රියම ඇක්ෂන් වෙබ්ටූන් එකකින් තමා කතාව නිර්මාණය කරලා තියෙන්නේ. වෙබ්ටූන් එකේ නම තමා Plaza Wars: Mercy For None. 2023 අවුරුද්දේ Cast එක announce කරපු දවසේ ඉදන්ම මේක නම් එනකම්ම බලන් ඉදපු එකක්. ඉතින් එහෙම පහුගිය ජුනි 6 වෙනිදා Netflix හරහා රිලීස් වුන Mercy For None එපිසෝඩ් 7කින් සමන්විතයි. Action, Mystery, Crime, Thriller ගනයන්ට අයිති වෙන මේ සීරීස් එක අධ්‍යක්ෂණය කරන්නේ Choi Sung Eun විසින්.
ඉතින් කතාව ගැන කිව්වොත් මන් බලලා තියෙන සුපිරිම ඇක්ෂන් සීරීස් වලින් දැන් උඩින්ම තියෙන එකක් කිව්වොත් හරි. ඒතරම්ම Top Notch Action වලින් පිරිලා තියෙන්නේ. කාස්ට් එකේ Performances නම් ආයේ ඉතින් Next Level. කාස්ට් එක දැක්ක ගමන් කියතහැකි ඒක නම්. කතාවේ ප්‍රධාන චරිතේ වෙන නම් ගි ජුන්ට පණ පොවන So Ji Sub බොසා හෙන කාලෙකින් තමා මේ විදියට ෆුල් ඇක්ෂන් සීරීස් එකක් කලේ. So Ji Sub ඇතුළුව Huh Joon Ho, Ahn Gil Kang, Lee Beom Soo, Gong Myung, Choo Young Woo, Jo Han Chul, Cha Seung Won සහ Lee Jun Hyuk වගේ ජනප්‍රිය සුපිරිම මාත් පෞද්ගලිකව කැමතිම නළුවෝ සෙට් එකක්ම මේ සීරීස් එකේ රංගනයෙන් දායක වෙනවා. ඇක්ෂන් ෆුල් පැක් සීරීස් එකක් හින්දා පටන් ගත්ත වෙලේ ඉදන් එක දිගට කුතුහලයෙන් බලන්න පුළුවන්.
《CAST – රංගන දායකත්වය》
★ So Ji Sub – නම් ගි ජුන්
★ Huh Joon Ho – ලී ජූ වුන්
★ Ahn Gil Kang – ගු බොන්ග් සන්
★ Lee Beom Soo – ශිම් සොන්ග් වොන්
★ Gong Myung – ගු ජුන් මෝ
★ Choo Young Woo – ලී ගුම් සොන්
★ Jo Han Chul – චෝයි සොන්ග් චොල්
★ Cha Seung Won – චා යොන්ග් දෝ
★ Lee Jun Hyuk – නම් ගි සොක්
《Summary – සාරාංශය》
නම් ගි ජුන් කියන්නේ අපරාධ ලෝකේ ඉන්න හෙනම දක්ෂ සටන්කරුවෙක්. ඒත් අවුරුදු 11කට කලින් වුන සිද්ධියක් නිසා දැන් නිහඩ ජීවිතයක් ගත කරන ගමන් ඉන්නේ. නම් ගි ජුන්ගේ මල්ලි තමා නම් ගි සොක් කියන්නේ. ගි සොක් වැඩ කරන්නේ ජූවුන් එක යටතේ. ආ.. ජූවුන් කියන්නේ ලොකු මැර කල්ලියකින් කැඩිලා හැදුන සංවිධානයක්. ඒකේ සභාපති තමා ලී ජූ වුන්. එයාගේ පුතා තමා ලී ගුම් සොන්. හැබැයි එයා නම් අභිචෝදකයෙක්. තව සංවිධානයක් තියෙනවා බොන්ග්සන් කියලා. ඒකේ සභාපති වෙන්නේ ගු බොන්ග් සන්. ගු බොන්ග් සන්, ලී ජූ වුන් දෙන්නා ඉස්සර ඉදන් හොදට අදුරනවා.
ඉතින් ඔන්න ඔහොම ටික දවසක් යද්දි බොන්ග්සන් සභාපති, ජූ වුන් සභාපතිගෙන් උදව්වක් ඉල්ලනවා. ඒ එයාගේ පුතා වෙන ගු ජුන් මෝ සම්බන්ධ දේකට. ඉතින් මේ ගැන බලන්න ලී ජූ වුන් යවන්නේ ගි සොක්ව. නම් ගි සොක්, ජුන් මෝව හම්බුන වෙලාවේ දෙන්නා අතරේ බහින් බස් වීමක් වෙලා අන්තිමේ ගි සොක්, ජුන් මෝට හැමෝම ඉස්සරහ ගහනවා. ඒකේ පළිය අරගන්න තමා දැන් ජුන් මෝ බලන් ඉන්නේ. ඔන්න ඊට පහුවදා ගි සොක් මැරිලා ඉද්දි පොලීසියෙන් හොයාගන්නවා. මේක දැනගත්ත ගි සොක්ගේ අයියා වෙන නම් ගි ජුන් පළිගන්න මල්ලිව මරපු උන් හොයාගෙන යනවා. ඉතින් ගි සොක්ව මරන්න ඇත්තේ කවුරු වෙන්නැතිද? ගි ජුන්ට පළිය අරගන්න පුළුවන් වෙයිද? මේවට උත්තර දැනගන්න නම් අනිවාරෙන් කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට සමුගන්නවා. ඊළග එපිසෝඩ් එකෙන් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,655 downloadsDownload Mercy-for-None-S01E03-baiscopelk-sinhala-subtitle.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mercy for None AKA Gwang-jang Season 01 Sinhala SubtitlesSubtitles by
නයන බුද්ධික
Subtitles
3 comments
Buddhika laKMal
Geun dae
Thank you very much for your hard work and dedication. >"<
정말 고맙습니다 ^0^
Sandaru Nimsara
Thanks❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තූතියි නයන බුද්දික සහෝ උපසිරැසියට