Mirzapur S03 Sinhala Subtitles ආයුබෝවන්, ඔයාල බොහෝ දෙනෙක් ඉතා ආශාවෙන් නරඹපු මේ ඉන්දියානු රූපවාහිණී කතා මාලාවේ තුන් වෙනි කතා මාලාව මේ ජූලි 15 දින ඇමේසන් ප්‍රයිම් වෙත මුදා හැරුනා. මේ වෙනකොට ඔයාල බොහේ දෙනෙක් මේකෙ මුල් කතා මාලා දෙක (2018 සහ 2020) බලල ඇති. නැත්තම් බයිස්කෝප් එක්ක සම්බන්ධ වෙන්න. ඒ අතරතුර…

ආයුබෝවන්, ඔයාල බොහෝ දෙනෙක් ඉතා ආශාවෙන් නරඹපු මේ ඉන්දියානු රූපවාහිණී කතා මාලාවේ තුන් වෙනි කතා මාලාව මේ ජූලි 15 දින ඇමේසන් ප්‍රයිම් වෙත මුදා හැරුනා. මේ වෙනකොට ඔයාල බොහේ දෙනෙක් මේකෙ මුල් කතා මාලා දෙක (2018 සහ 2020) බලල ඇති. නැත්තම් බයිස්කෝප් එක්ක සම්බන්ධ වෙන්න. ඒ අතරතුර මම කොටස් 10 කින් යුක්ත තුන් වෙනි මාලාව ගෙන එනවා. IMDB දශකයෙ 8.5ක් වැනි ඉහළ අගයක් මේ තරම් කල් රඳව ගෙන ආව කියන්නෙ ඔයාලට හිතා ගන්න පුළුවන් මේ කතාවට ලැබුන ජනප්‍රියත්වය.
Mirzapur S03 Sinhala Subtitlesඋත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නැගෙනහිර අන්තයේ පුර්වන්චාල් ප්‍රදේශය භොජ්පූරි බස කතා කරන්නන් වෙසෙන එතරම් දියුණුවක් නොමැති ප්‍රදේශයක්. එම ප්‍රදේශය ප්‍රාන්ත රජයේ පාලනය යටතේ මෙන්ම ඊට සමාන්තරව මැර කල්ලි විසින් අනියම් ලෙස සිදු කෙරෙන්නේ දේශපාලනික වශයෙන් සම්බන්ධතා සමග.
ඒ ඒ ප්‍රදේශ නායකයෙකු ( බහුබාලී හෝ ඩොන් කෙනෙකු) විසින් පාලනයට ලක් කරන අතර කතාවට පදනම් වන මිර්සාපුර්(MIRZAPUR) එවැන්නක්. එහි ඩොන් අඛන්ඩානන්ද් ත්‍රිපාටි හෙවත් කාලීන් බයියා කෝටිපති කාපට් අපනයනකරුවෙක් හැටියට පෙනී සිටිමින් විවිධ ජාවාරම් වල යෙදෙන ප්‍රබල චරිතයක්. ඔහුගෙ පුත්‍රයා මුන්නා තම පියාගේ උරුමය අනුව සිංහාසනය උරුම කර ගැනීමට නොඉවසිල්ලෙන් සිටින බලයට කෑදර අපතයෙක්.
Mirzapur S03 Sinhala Subtitlesවිවාහ පෙරහරකට සිය ගෝලයින් සමග කඩා වැදී බීමතින් කරන වෙඩි තැබීමකින් එහි මනාලයා මිය යනවා. ඒ සම්බන්ධ නඩුව භාර ගන්නේ රාමකාන්ත් පණ්ඩිත් නැමැති බලයට නොනැමෙන කෘතහස්ථ නීතිඥයායි. ඔහුට එරෙහිව මුන්නා සිය ගෝලයින් පණ්ඩිත්ගේ ගෙදරට එන්නේ ඔහුට තර් ජනය කර නඩුවෙන් ඉවත් කර ගැනීමටයි.
එහෙත් පණ්ඩිත්ගේ දරුවන් ඔහු සමග එකම පාසලේ ශිෂ්‍යයෝ බව ඔහු දැන ගන්නේ එවිටයි. කොහොම උනත් පණ්ඩිත්ගේ දරුවන්ගෙන් බඩ පුරා ගුටි කන ඔවුන් ආපසු යාම කෙළවර වෙන්නේ ඔහුගේ පියා විසින් පණ්ඩිත්ගේ දරුවන් දෙදෙනා වන ගුඩ්ඩු සහ බබ්ලු සිය ගෝලයින් ලෙස බඳවා ගැනීමෙනුයි.
රාම්කාන්ත්ගේ දැඩි විරෝධය මැද කාලීන් බයියා යටතේ වැඩෙන සොහොයුරන් හා මුන්නා අතර ආරෝව විටින් විට එලියට එමින් දිගින් දිගටම පැමිණ පසු කාලයේ පුපුරා යනවා. ඉතින් මුල් කතා මාලා දෙකේ කතාව සාරාංශ කර කියන එක නම් හරි අමාරුයි. එකිනෙකට බැඳුන සංකීර්ණ කතා රාශියක් ඒ දෙකේම දැක ගන්න පුළුවන්.
කාලීන් බයියා. ඔහුගේ තරුණ බිරිය බීනා, රාම්කාන්ත් පවුල, පොලිස් පරික්ෂක ගුප්තාගේ පවුල, අනිත් ඩොන් වරුන් මෙන්ම ප්‍රාන්ත මහ ඇමති ඇතුළු දේශපාලන සම්බන්ධකම් රාශියක් මැද අවසානයේ මහ ඇමතිනිය බවට පත් වන මධුරි යාදව් තමයි මුන්නාගේ බිරිය වෙන්නේ. ඒත් තුන් වෙනි කොටසට එන කොට මුන්නා අතින් ගුඩ්ඩුගේ සහෝදරයා සහ බිරිඳත් ඉන් අනතුරුව ගුඩ්ඩු අතින් මුන්නාත් මිය යනවා.
කාලීන් බයියා අතුරු දහන් වෙනවා. මහ ඇමතිනියගේ ඉලක්කය ගුඩ්ඩු පොලිසිය විසින් අල්ලා ඝාතනය කරවීමට ගන්නා උත්සාහය අවසාන වෙන්නේ රාම්කාන්ත් පණ්ඩිත් විසින් එය මෙහෙයවූ පොලිස් ප්‍රධානියා මරා දැමීමෙනුයි. දැන් කාලීන් බයියා සහ මුන්නා නැති මිර්සපූර සිංහාසනයට සටනක් ඇති වෙලා. උඩින්ම ඉන්නේ ගුඩ්ඩු බයියා. ඉතින් මොනවා වේවිද කියල ඉස්සරහට බලමු.
Mirzapur S03 Sinhala Subtitlesදිගට ලිව්වත් වැඩිය කියවන එකක් නෑනේ. ඒ නිසා නවතින්නම්. ඉදිරි වෙලාවක සමස්ථ කතාවම සම්පිණ්ඩනය කර ගෙන එන්න උත්සාහ කරන්නම්.

Mirzapur S03 Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,244 downloadsDownload Mirzapur-S03-E01-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mirzapur S03 Sinhala Subtitles
Subtitles
- #2024
- #Aasif Khan
- #Abhishek Banerjee
- #Ali Fazal
- #Alka Amin
- #Amit Sial
- #Anangsha Biswas
- #Anil George
- #Anjumm Shharma
- #Arjun Kaware
- #Ayaz Khan
- #B Shantanu
- #BANDULA K
- #Bramhaswaroop Mishra
- #Danish Merchant
- #Divyendu Sharma
- #Editor's Pick
- #Harpreet Bindra
- #Harshita Gaur
- #Isha Talwar
- #Jeetu Shastri
- #Kiara Sadh
- #Kulbhushan Kharbanda
- #Kundan Kumar
- #Lilliput
- #Manu Rishi Chadha
- #MaxxA
- #Meghna Malik
- #Mirzapur
- #Mirzapur S03 Sinhala Subtitles
- #Mirzapur Season 03
- #Mirzapur Season 03 Sinhala Subtitles
- #Must Watch
- #Neha Sargam
- #Nitara Bhambhani
- #Nitin Mahesh Joshi
- #Pankaj Tripathi
- #Pramod Pathak
- #Prashansa Sharma
- #Prashant Kumar
- #Priyanshu Painyuli
- #Priyasha Bhardwaj
- #Purushottam Basutkar
- #Rasika Dugal
- #Rohit Tiwari
- #Shahnawaz Pradhan
- #Shaji Chaudhary
- #Sheeba Chaddha
- #Shernavaz Jijina
- #Shriya Pilgaonkar
- #Shweta Tripathi
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #Vijay Varma
- #Vikrant Massey
- #Virendrapratap Giri
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Lahiru Bandara
Anonymous
Sthuthi
Naara
Sub එකට thank you machan ithuru tikath ikmanin denna ❤️
Buddhika Lakmal
බොහෝම ස්තූතියි බන්දුල සහෝ සබට
Anonymous
ela...
Sahan Gayantha
thanks a lot saho sub ekata
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




අම්මො සබ් එක දිලා එලම සිරියස් එකම බානවා දැම්ම.