Mob Psycho 100 Season 01 Sinhala Subtitles ශෂිබුරී… Weebs ගොඩක් කාලෙක ඉඳන් මගේ හිතේ තිබුන ආසාවක් තමයි මේ Mob psycho ඇනිමෙ එකට උපසිරැසි ගන්වන එක. හැබැයි ඉතින් කාලය ගැන තිබ්බ ප්‍රශ්න නිසා වැඩේට සෑහෙන කාලයක් ගියා. ඉතින් කොහොමහරි පලවෙනි සීසන් එකේ උපසිරැසි සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. ඇත්තම කිව්වොත් මං…

Mob Psycho 100 Season 01 Sinhala Subtitles

ශෂිබුරී… Weebs ️ ගොඩක් කාලෙක ඉඳන් මගේ හිතේ තිබුන ආසාවක් තමයි මේ Mob psycho ඇනිමෙ එකට උපසිරැසි ගන්වන එක. හැබැයි ඉතින් කාලය ගැන තිබ්බ ප්‍රශ්න නිසා වැඩේට සෑහෙන කාලයක් ගියා. ඉතින් කොහොමහරි පලවෙනි සීසන් එකේ උපසිරැසි සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. ඇත්තම කිව්වොත් මං මේ වෙනකල් බලපු ඇනිමෙ සීරිස් අතරින් ගොඩක්ම මගෙ හිතට අල්ලපු සුපිරිම ඇනිමේ එකක් තමයි මේ. Comedy ඇනිමෙ එකක් වගේ පෙනුනට ගොඩක් ලොකු අර්ථයක් තියෙන ජීවිතේට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන් ඒවයින් එකක්.  සීසන් තුනක් පුරාවට දිවෙන මේ ඇනිමෙ එක Imdb දර්ශකයෙ 8.5/10 වගේ ගොඩක් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. සුප්‍රසිද්ධ One punch man මංගා එකේ මුල් නිර්මාතෘ විදියට හඳුන්වන (ONE) ගෙ mob psycho මංගා එක පාදක කරගෙන Studio Bones විසින් තමයි මේ කතාව Animated කරන්නෙ. මේ ඇනිමේ එකටම ආවේණික වුනු වෙනස්ම animation style එකක සහ මංගා එකේ වගේම character design එකක් බලාගන්න පුලුවන්. fight scenes ටිකට නම් හොඳම තත්වෙ Animation ටිකක් දීලා තියෙනවා. ඉතින් පලමු කතා සමය 2016 තමයි මුලින්ම විකාශය වෙන්නෙ. ඒ වගේම මේක අයිති වෙන්නෙ. Supernatural, Action, Psychological කියන Genres වලට. (ONE ගෙ mob psycho මංගා එක)

 

කතාවෙ ප්‍රධාන චරිතෙ ගත්තොත් අධිමානසික හැකියාවක් තියෙන Middle School එහෙක යන ළමයෙක් වටේ තමයි කතාව ගෙවිලා යන්නෙ. පොර ගැන කියනවා නම් ගොඩක් නිශ්ශබ්ද පාඩුවේ ඉන්න අහිංසක ළමයෙක්. මෙයාගෙ මනසට දරාගන්න පුළුවන් චිත්ත වේග මට්ටමක් තියෙනවා 1 ඉඳන් 100ට යනකල්.  දුක, වෛරය වගේ සංවේදී දේවල් වුණාම මෙයාගෙ මේ සීමාව පහුකරගෙන යනවා. ඒ වෙලාවට මෙයාට මෙයාගෙ පාලනය නැතිවෙලා යනවා එතකොට ඉතින් මොකා ඉස්සරහ හිටියත් ඉවරයි. (කතාවෙ ප්‍රධාන චරිතය මොබ්) කතාවෙ අනිත් චරිත ගත්තොත් රේගන් සහ මොබ්ගෙ බාල සහෝදරයා රිට්සු. රේගන් ගැන කියනවා නම් personality මං ආසම චරිතයක්. මොබ්ගෙ ගුරුවරයා විදියට තමයි ඉන්නෙ. අත්භූත දේවල්, නපුරු හීන සහ මළවුන් පිලිබඳ උපදේශකයෙක් විදියට තමයි පොර වැඩ කරන්නෙ.(වැඩිපුර කරන්නෙ මසාජ් කරන එක) මොබ් මෙයා ගාව අර්ධ කාලීනව වැඩ කරනවා. ඉස්කෝලෙන් පස්සෙදි. ඉතින් මේකට මොබ්ගෙ අධිමානසික හැකියාව ගොඩක් ප්‍රයෝජනවත් එහෙනම් කතාව තේරුම් ගන්න මේ ටික ඇති කියලා හිතනවා. එහෙනම් මේ ඇනිමෙ එක රසවිඳින්න ඔයාලට බාරයි… සැයු:-(සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ pahe .in සයිට් එකේ Bluray පිටපත් වලට) ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ ✍️ Mob Psycho 100 Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

788 downloadsDownload Mob-Psycho-100-S01-E01E02-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

788 downloadsDownload Subtitles29 KB

4 comments

  1. buddika

    thanks. vinland saga season 2 denne nadda

  2. Anonymous

    Thanks bro.... steins gate වගේ anime එකකටත් sub ගේන්නකො.....

  3. Anonymous

    Thanks sub ekak hoya hoya hitiye

  4. Malith

    Mob psycho season 2 , 3 wlt sub gennako