කොහොමද හැමෝටම? MOVING (무빙) සීරීස් එකේ අටවෙනි එපිසෝඩ් එක අරන් අද ආවේ. මේවෙද්දි Disney+ එකේ Ranking No #1 Series එක වෙන්න MOVING සමත් වෙලා තියෙනවා. ඒවගේම Disney+ සහ Hulu කියන OTT Platform දෙකේම වැඩිම පිරිසක් නරඹපු කොරියන් සීරීස් එක වෙන්නත් MOVING සමත් වෙලා තියෙනවා. ඉතින් MOVING කියන්නේ මේ අවුරුද්දේ එ…

කොහොමද හැමෝටම? MOVING (무빙) සීරීස් එකේ අටවෙනි එපිසෝඩ් එක අරන් අද ආවේ. මේවෙද්දි Disney+ එකේ Ranking No #1 Series එක වෙන්න MOVING සමත් වෙලා තියෙනවා. ඒවගේම Disney+ සහ Hulu කියන OTT Platform දෙකේම වැඩිම පිරිසක් නරඹපු කොරියන් සීරීස් එක වෙන්නත් MOVING සමත් වෙලා තියෙනවා. ඉතින් MOVING කියන්නේ මේ අවුරුද්දේ එන්න තිබ්බ Highly Anticipated සීරීස් එකක්. ඒවගේම දැනට සීසන් එකක් වෙනුවෙන් වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කොරියන් සීරීස් එක තමා මේක. වොන් බිලියන 65ක වියදමකින් හදපු මේ සීරීස් එක එපිසෝඩ් 20කින් සමන්විතයි. MOVING කතාමාලාවේ අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Kingdom S2 අධ්‍යක්ෂක Park In Je. තිරරචනයෙන් එකතු වෙන්නේ Kang Full. Kang Full ගේ MOVING කියන වෙබ්ටූන් එක පාදක කරන් තමා මේ සීරීස් එක හදලා තියෙන්නේ. Action, Thriller, Fantasy, Supernatural, Sci-fi කියන ගණයන්ට MOVING අයත් වෙනවා. ඉතින් කිව්වා වගේම MOVING ස්ක්‍රිප්ට් එක Kang Full ගේ තනි වැඩක්. මුලින්ම 2020 සැප්තැම්බර් 9 Jo In Sung ට සීරීස් එකට එකතු වෙන්න ආරාධනා ලැබෙනවා. 2021 අගෝස්තු වල MOVING සීරීස් එකේ නිෂ්පාදන ආයතනය විදියට Studio&NEW එකතු වෙලා නිෂ්පාදන වියදම වොන් බිලියන 65ක් කියලා නිවේදනය කරනවා. 2021 අගෝස්තු 26 වෙනිදා රූගත කිරීම් ආරම්භ කරනවා. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ අපි හැමෝම එනකම් බලන් ඉදපු MOVING මේ විදියට 2023 අගෝස්තු 9 වෙනිදා Disney+ හරහා නිකුත් වෙනවා. සැප්තැම්බර් 27 වෙනකම් හැම සතියෙම බදාදට එපිසෝඩ් දෙක ගානේ නිකුත් වෙනවා. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යමු. හැමෝම වගේ දන්න සුපිරි නළු නිළියෝ සෙට් එකක් තමා MOVING සීරීස් එකට රංගනයෙන් දායක වෙන්නේ.

CAST – රංගන දායකත්වය

• Ryu Seung Ryong – ජන්ග් ජූ වොන්
• Han Hyo Joo – ලී මී හ්යුන්
• Jo In Sung – කිම් දූ ශික්
• Cha Tae Hyun – ජොන් ග්යේ දෝ
• Kim Sung Kyun – ලී ජේ මන්
• Kim Hee Won – චෝයි ඉල් හ්වන්
• Lee Jang Ha – කිම් බොන්ග් සොක්
• Go Youn Jung – ජන්ග් හී සූ
• Kim Do Hoon – ලී ගන්ග් හූන්
• Ryu Seung Bum – ෆ්‍රෑන්ක්

෴අටවන කථාංගය෴

අද එපිසෝඩ් එකේ යන්නේ බොන්ග් සොක්ගේ අම්මගෙයි තාත්තගෙයි අතීත කතාව. ඉතින් කිම් දූ ශික් එහෙමත් නැත්තම් බොන්ග් සොක්ගේ තාත්තා තමා ANSP එකේ ඉස්සර හොදම බ්ලැක් ඒජන්ට්. එතකොට මී හ්යුන් ANSP එකේ හිටපු බ්ලැක් ඒජන්ට් කෙනෙක්. මෙහෙයුමක වෙච්ච තුවාලයක් හින්දා දැන් පරිපාලන අංශෙ වැඩ කරන්නේ. ANSP එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මින් යොන් ජුන් ඉන්නවනේ. එයා මී හ්යුන්ට රාජකාරියක් පවරනවා. ඒ රාජකාරිය මොකක් වෙන්නැතිද? එහෙනම් නවවෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,745 downloadsDownload MOVING-S01E08.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

නයන බුද්ධික

Subtitles

6,745 downloadsDownload Subtitles22 KB

9 comments

  1. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  2. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!
    අද තමා අටවෙනි කොටසට වෙනකම් බලල ඉවර කලේ.
    මරු ආ. දිගටම දෙන්න. :D

  3. WdH

    thanks for the sub

  4. Vishwa Dhanushka

    Sub එකට thanks.9 වෙනි එක බලාගන්න බැරුව ඉන්නෙ,

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  6. viraj

    thanks...........

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  9. Krishani

    Thank you