MOVING (무빙) සීරීස් එකේ දහහත්වෙනි එපිසෝඩ් එක අරන් අද ආවේ. මේවෙද්දි Disney+ එකේ Ranking No #1 Series එක වෙන්න MOVING සමත් වෙලා තියෙනවා. ඒවගේම Disney+ සහ Hulu කියන OTT Platform දෙකේම වැඩිම පිරිසක් නරඹපු කොරියන් සීරීස් එක වෙන්නත් MOVING සමත් වෙලා තියෙනවා. ඉතින් MOVING කියන්නේ මේ අවුරුද්දේ එන්න තිබ්බ H…

MOVING (무빙) සීරීස් එකේ දහහත්වෙනි එපිසෝඩ් එක අරන් අද ආවේ. මේවෙද්දි Disney+ එකේ Ranking No #1 Series එක වෙන්න MOVING සමත් වෙලා තියෙනවා. ඒවගේම Disney+ සහ Hulu කියන OTT Platform දෙකේම වැඩිම පිරිසක් නරඹපු කොරියන් සීරීස් එක වෙන්නත් MOVING සමත් වෙලා තියෙනවා. ඉතින් MOVING කියන්නේ මේ අවුරුද්දේ එන්න තිබ්බ Highly Anticipated සීරීස් එකක්. ඒවගේම දැනට සීසන් එකක් වෙනුවෙන් වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කොරියන් සීරීස් එක තමා මේක. වොන් බිලියන 65ක වියදමකින් හදපු මේ සීරීස් එක එපිසෝඩ් 20කින් සමන්විතයි. MOVING කතාමාලාවේ අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Kingdom S2 අධ්‍යක්ෂක Park In Je. තිරරචනයෙන් එකතු වෙන්නේ Kang Full. Kang Full ගේ MOVING කියන වෙබ්ටූන් එක පාදක කරන් තමා මේ සීරීස් එක හදලා තියෙන්නේ. Action, Thriller, Fantasy, Supernatural, Sci-fi කියන ගණයන්ට MOVING අයත් වෙනවා. ඉතින් කිව්වා වගේම MOVING ස්ක්‍රිප්ට් එක Kang Full ගේ තනි වැඩක්. මුලින්ම 2020 සැප්තැම්බර් 9 Jo In Sung ට සීරීස් එකට එකතු වෙන්න ආරාධනා ලැබෙනවා. 2021 අගෝස්තු වල MOVING සීරීස් එකේ නිෂ්පාදන ආයතනය විදියට Studio&NEW එකතු වෙලා නිෂ්පාදන වියදම වොන් බිලියන 65ක් කියලා නිවේදනය කරනවා. 2021 අගෝස්තු 26 වෙනිදා රූගත කිරීම් ආරම්භ කරනවා. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ අපි හැමෝම එනකම් බලන් ඉදපු MOVING මේ විදියට 2023 අගෝස්තු 9 වෙනිදා Disney+ හරහා නිකුත් වෙනවා. සැප්තැම්බර් 20 වෙනකම් හැම සතියෙම බදාදට එපිසෝඩ් දෙක ගානේ නිකුත් වෙනවා. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යමු. හැමෝම වගේ දන්න සුපිරි නළු නිළියෝ සෙට් එකක් තමා MOVING සීරීස් එකට රංගනයෙන් දායක වෙන්නේ.

CAST – රංගන දායකත්වය
• Ryu Seung Ryong – ජන්ග් ජූ වොන්
• Han Hyo Joo – ලී මී හ්යුන්
• Jo In Sung – කිම් දූ ශික්
• Cha Tae Hyun – ජොන් ග්යේ දෝ
• Kim Sung Kyun – ලී ජේ මන්
• Kim Hee Won – චෝයි ඉල් හ්වන්
• Lee Jang Ha – කිම් බොන්ග් සොක්
• Go Youn Jung – ජන්ග් හී සූ
• Kim Do Hoon – ලී ගන්ග් හූන්
• Ryu Seung Bum – ෆ්‍රෑන්ක්

• Park Hee Soon – කිම් දොක් යූන්
• Yang Dong Geun – ජන්ග් ජුන් හ්වා
• Jo Bok Rae – පාක් චන් ඉල්
• Kim Da Hyun – බේ ජේ හක්
• Park Kwang Jae – ක්වොන් යොන්ග් දුක්

෴දහහත්වන කථාංගය෴
ඉස්කෝලෙට එන උතුරේ කට්ටියව ගිය එපිසෝඩ් එකෙන් දකින්න ඇතිනේ. ඉතින් මේ ඇවිත් ඉන්නේ NDTP ෆයිල් හොයාගන්න. ඉතින් මේ උතුරේ අයගේ ලොක්කා තමා කිම් දොක් යූන්. මෙයා යන්නේ චෝයි ඉල් හ්වන් ඉන්න තැනට. චෝයි ඉල් හ්වන් ඉන්නේ ජු වොන් එක්ක කතාවක. ඔන්න ඔය අතරේ බොන්ග් සොක්, හී සූ දෙන්නගෙ පස්සෙන් ආපු මනුස්සයා ඉන්නවනේ. එයත් උතුරේ කෙනෙක්. අන්න එයා හී සූව ටෙස්ට් කරනවා. ඒකිව්වේ එයාට තියෙන්නේ මොනවගේ හැකියාවක්ද තියෙන්නේ කියලා බලනවා. එහෙම එන්නේ බොන්ග් සොක් නැති අතරේ. දොර ලොක් කරලා හින්දා බොන්ග් සොක් පියාඹලා ඇතුලට යනවා. ඒකෙන් උතුරේ කෙනා දැනගන්නවා බොන්ග් සොකුත් අධිමානුෂිකයෙක් කියලා.දැන් ඉස්කෝලෙ ඇතුලෙයි, ස්පෝර්ට් සෙන්ටර් එක ඇතුලෙයි තනිකර යුද්ධයක්. ඉතින් උතුරේ අයට ෆයිල් එක අරගන්න පුළුවන් වෙයිද? එහෙනම් මේ බදාදා එන අන්තිම එපිසෝඩ් තුනෙන් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!“The Battle Begins….”

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,102 downloadsDownload MOVING-S01E17.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Moving [S01: E17] Sinhala Subtitles
- #Moving s01 Sinhala Sub
- #Moving s01 Sinhala Subtitles
- #Moving Sinhala Sub
- #Moving Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
MINURA
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Viraj
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Madusha Heshan
මේ subtitle එක rar file එක විදිහටනෙ download වෙන්නේ....අනිත් ඒවා වගේ zip file එකක් වගේ නෙවේ. ඒ නිසා subtitle එක add කරන්න බැහැනෙ...
Hiran Ganepalla
ගැටලුව නිවැරදි කලා සහෝ. නැවත උත්සාහ කරන්න.
ritha
tnx sudda
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks saho
Arthdal Chronicle S02 ta sub dennako plz