Watch Trailer

Reacher [S04 : E03] Sinhala Subtitles | එක පුංචි පියවරක් [සිංහල උපසිරසි]

Reacher season 04 Sinhala Subtitles ආයුබෝවන්, එහෙනම් ඔන්න රීචර් හතරවෙනි සීසන් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ඉතිං මේ වෙද්දී මේ සීසන් එකට Rotten Tomatoes අගය 93% ක ප්‍රතිශතයක් ලබාගන්න හැකි වී තිබෙනවා. සීසන් 1 එකට පස්සෙ මට පෞද්ගලිකව හිතට අල්ලලා ගිය සීසන් එක මේල කියලත් කියන්න පුළුවන්. ​එහෙනම් දෙ…

Reacher season 04 Sinhala Subtitles ආයුබෝවන්, එහෙනම් ඔන්න රීචර් හතරවෙනි සීසන් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ඉතිං මේ වෙද්දී මේ සීසන් එකට Rotten Tomatoes අගය 93% ක ප්‍රතිශතයක් ලබාගන්න හැකි වී තිබෙනවා. සීසන් 1 එකට පස්සෙ මට පෞද්ගලිකව හිතට අල්ලලා ගිය සීසන් එක මේල කියලත් කියන්න පුළුවන්. ​එහෙනම් දෙවනි කොටසත් පොඩියට මතක් කරගෙනම තුන්වෙනි කොටස බලමු. පලමු කතාංගයේ අවසානයේ, CIA එකෙන් ඇවිත් කීප දෙනෙක්ම පොර බැදලා, අවසානේ රීචර් ව සිහි නැති කරලා පැහැර ගන්නවා. සිහිය එනකොට රීචර් ඉන්නෙ කූඩුවක. අනිත් කූඩු වල ෆිලී පොලිස් නිලධාරිනී ටමාරා ග්‍රීන් සහ ඇනා මෙරික්ගේ සහෝදරයා වන ජේකබ් පවා ඉන්නවා. CIA එකෙන් ඇවිත් මුලින්ම ප්‍රශ්න කරන්න ඇතුලට ගන්නෙ රීචර් ව. එතනත් ඔවුන් පවා රීචර්ගෙන් විමසන්නෙ ඇනා මැරෙන මොහොතේ පෙන් ඩ්‍රයිව් එකක් දුන්නාද යන්නයි. ඉතිං එතනත් කපටි පියවරක් අනුගමනය කරන රීචර් CIA එකේ නිලධාරීන්ව බිම දාන්න සමත් වෙනවා. වහාම එතනින් තුන්දෙනාම පැනලා යන්න හැදුවත් CIA එකේ තව කණ්ඩායම් ඇවිත් ඔවුන්ව පටලන්න උත්සහ කරනවා. අවසානේ ඔවුන්ට එතනින් පැනගන්න උදව් කරන්නෙ නිදහස් මාධ්‍යවේදියෙක් වන රසල් ප්ලම්. පසුව රීචර් කෙලින්ම කොන්ග්‍රස්මන්ත්‍රී සැම්ප්සන් ව මුණ ගැහිලා ප්‍රශ්න කරන්න. නමුත් ඒ පලමු උත්සාහය ව්‍යර්ථ වෙනවා. පසුව ජේකබ් ට දැනගන්න ලැබෙනවා ඔහුගේ බෑණා වන බෙන්, දවස් කීපයක ඉඳන් ෆුට්බෝල් පුහුණුවීම් වලට නොගිහින් අතුරුදහන් කියලා. බෙන්ගේ මිතුරෙකුගේ මාර්ගයෙන්, අන්තිමට දැකපු වෙලාවේ බෙන් එක්ක බාර් එකෙන් පිටවෙලා ගියපු කෙල්ලගේ නම අහගන්නවා. පසුව ටමාරා ෆිලී පොලිසියේ තම පාට්නර්ගෙන් විස්තර දැනගෙන ඒ කෙල්ල ඉන්න හොටෙල් කාමරේට යනවා. නමුත් ඒ යනවිටත් ඒ කෙල්ලව කෑලි කරලා ඉවරයි. ඊළඟට රීචර් කෙලින්ම යන්නෙ මන්ත්‍රී සැම්ප්සන්ව මාධ්‍ය ඉස්සරහම මුණගැහෙන්නයි. එතකොට ජනපති අපේක්ෂකයෙක්ට මාධ්‍ය ඉදිරියේ ලිස්සා යන්නට නොදෙන අරමුණ ඇතුව. පසුව පෞද්ගලික සැම්ප්සන් ව හමුවන රීචර්, ලයිලා කියපු තොරතුරු අනුව, සැම්ප්සන් ඇත්තටම ලයිලාගේ තාත්තාද යන්න තහවුරු කරගන්නටත් එක්ක ප්‍රශ්න කීපයක් අහනවා. සැම්ප්සන්ගේ සෘජු පිලිතුරු දීම හමුවේ සහ පැකිලීමකින් තොරව තම DNA සාම්පල යොමු කරන්න කැමති වන අයුරු දකින රීචර් තේරුම් ගන්නවා. ලයිලා තමන් හට කියපුවා සේරම බොරු කියලා. ඉතිං කතාංගය අවසානේ අහම්බෙන් වගේ රීචර් දකිනවා, ඇනා මෙරික් දිවිනසාගත්තු රෑ කෝච්චියේ හිටපු හතරවෙනි සාක්ෂිකාරයව.  ඔන්න ඔතනින් තමා දෙවනි කතාංගය ඉවර වුණේ. එහෙනම් හතරවෙනි කතාංගයෙන් හමුවෙමු. හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා හොඳද?! හැමෝටම සුභ දවසක්!! ජයවේවා!! Reacher season 04 Sinhala Subtitles
Season 05 Coming Soon.
  Reacher Season 04 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

856 downloadsDownload Reacher-S04E03-1.zip28 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                             Next BT1All BT1Next BT1

 

Reacher s04 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

856 downloadsDownload Subtitles28 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි රුක්ෂාන් සහෝ උපසිරැසියට

  2. Sandaru Nimsara

    Thanks ruka