Reacher season 04 Sinhala Subtitles ආයුබෝවන් සියලුම දෙනාට. එහෙනම් අවසානයට කලින් කොටසටයි මේ අපි එකතු වෙන්නෙ. මුල ඉඳලම සෑහෙන හොඳට කතාව ගලාගෙන ගියා සහ මුල ඉඳන්ම මං ඒ ගැනත් කීප පාරක්ම සඳහන් කළා ඔයාලට මතක ඇති. අද එපිසෝඩ් එක නම් වෙලා තියෙන්නෙ ‘ Vote for Sampson’ කියලා. ඒවගේම අද කොටසෙ ලිපියටත් මං ඒකෙ සිංහ…

ආයුබෝවන් සියලුම දෙනාට. එහෙනම් අවසානයට කලින් කොටසටයි මේ අපි එකතු වෙන්නෙ. මුල ඉඳලම සෑහෙන හොඳට කතාව ගලාගෙන ගියා සහ මුල ඉඳන්ම මං ඒ ගැනත් කීප පාරක්ම සඳහන් කළා ඔයාලට මතක ඇති. අද එපිසෝඩ් එක නම් වෙලා තියෙන්නෙ ‘ Vote for Sampson’ කියලා. ඒවගේම අද කොටසෙ ලිපියටත් මං ඒකෙ සිංහල නමම තෝරගත්තෙ හේතුවකට. හේතුවකට වඩා ඒක දාන්නම ඕන කියලා මං මෙතනදි කියනවා මොකද ඒකට සාධාරණත්වය අද කොටසින් ඉෂ්ට-සිද්ධ වෙනවා. මෙතනදි ඒ ගැන මං හාංකවිසියක්වත් සඳහන් කරන්න යන්නෙ නෑ ඒකෙ සම්පූර්ණ රසාස්වාදයම ඔයාලටම බලන්න ඉඩ ඉතුරු කරලා.
එහෙනම් වෙනදා වගේම සුපුරුදු පරිදි අද කොටස බලන්න කලින් කලින් කොටසෙදි වෙච්ච සිදුවීම් ටික පොඩියට මතක් කරගෙනම අද කතාව පැත්තට හැරෙමු.
යාළුවන්ගෙ කීම අහන්නෙ නැතුව ජේකබ්, ප්ලම් වත් පුස්තකාලේ තනියම දාලා ඇනාගෙ ෆෝන් එකෙ තිබ්බ ඇඩ්‍රස් එකෙ බිල්ඩිමට ගිහින් අන්තිමට ලයිලා සහ අමීෂාගෙ අතටම මාට්ටු වෙනවා. ඔහුව නිදහස් කරන්න නං පෙන් ඩ්‍රයිව් එක භාරදෙන්න කියලා ලයිලා රීචර් හට අනතුරු අඟවනවා. නොහිතන වෙලාවක එතනට එන ප්ලම්ගෙ පපුවට වෙඩි වදිනවත් සමඟ කුලී හේවයො පිරිසක් එතනට පහර දෙනවා. අවසානේ ලයිලා සහ අමීෂා පෙන් ඩ්‍රයිව් එකත් ලබාගෙන එතනින් පැනගනිද්දි, ජේකබ් ප්ලම් ව රැගෙන රෝහල වෙත යනවා. රෝහලට ගෙනියන මොහොතේ ප්ලම් විසින් පින්තූරේ හිටපු රසායන විද්‍යාඥයාගෙ නම ලියෝ ඕල්ක්විස්ට් සහ ඔහු ඩෝවර් වල කෙනෙක් බව පවසනවා. රීචර් සහ ටමාරා ඩෝවර් වලට බස් රථයක ගමන් මලු දාන කොටසේ සැඟවී රහසිගතව ඩෝවර් වලට පිටත් වෙනවා. ප්ලම් ව රෝහල් ගත කරත්, එහි සිටින පොලීසිය ජේකබ් ව අඳුරගන්නවා පොලීසියෙන් පලායන කොටසෙ කෙනෙක් බව. එතනින් පැනගන්න ජේකබ් අන්තිම විකල්පය විදිහට පොඩි කාලේ ඉඳන් අඳුරන මොන්ටි මාමට කෝල් කරලා ඔහුව ගෙන්වා ගන්නෙ ආරක්ෂිතව ඔහුව වෙන තැනකට ගෙනියන්න කියලයි. ජේකබ්ට ආදරේ නිසාම මොන්ටි මාමා ඔහුව පොලීසියට භාර දෙනවා. නමුත් ජේකබ් ව අත්අඩංගුවට ගන්න පැමිණෙන ඩෝකර්ටි මොන්ටි ටත් සත්තමක් දාලා ජේකබ් ව එතනින් අරගෙන යනවා. අවසානයේදී රීචර් සහ ටමාරා ලියෝ ඕල්ක්විස්ට් රසායන විද්‍යාඥායා සිටින තැනට පැමිණෙන විටත් ඔහු හාඩ්ඩිස්ක් සෑහෙන ප්‍රමාණයක් විනාස කරමිනුයි ඉන්නෙ. පසුව ඔහුගෙන් රීචර් ප්‍රශ්න කරන්න සැරසුනත් අවසානේ ලියෝගෙ ආරක්ෂාකයා වන වෑන්ස් එතනට පැමිණ රීචර් සහ ටමාරව කොටු කරගන්නවා. ඔෆිස් එක ඇතුලෙ නැතුව එලියකට අරන් ගිහින් මුන්ව ඉවරයක් කරන්න කියලා ලියෝ වෑන්ස් ඇතුළු කණ්ඩායමට උපදෙස් දිලා ඔහු එතනින් පිටත් වෙනවා. රීචර් ව සහ ටමාරාව මොවුන් සිහි මුර්ජා කර වෑන් එකක පිටුපස මාංචු දමා මරන්න විශාල කැලේකට අරගෙන යනවා. කිසිම දෙයක් කරකියාගන්නට නොහැකිව රීචර් සහ ටමාරා, තමන්ගෙ මරණයට නිර්භයව මුහුණ දීමට තීරණය කරනවා.
ඉතිං ඔන්න ඔය විදිහට ඔතනින් තමා හයවෙනි කතාංගය අවසන් වුණේ විශාල කුතුහලයක් බලන අපිට ඉතුරු කරලා. රීචර් ටයි ටමාරාටයි බේරෙන්න බැරිවෙයිද, පුළුවන් වෙයිද? බේරුණත් එයාලා මොන විදිහ බේරෙයිද? එහෙනම් ඒ ටික බලන්න නං අනිවාරෙන්ම ඔයාලා රීචර් හත්වෙනි කොටස බලන්නම වෙනවා.
මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්ඩ හොඳේ. ඔයාලගේ කමෙන්ට් එකකින් අපිට ලැබෙන සහයෝගය දිගටම මෙහෙම උපසිරැසි අරගෙන එන්න විශාල පිටුවහලක් කියලත් අමතක කරන්නෙපා. එහෙනම්,
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Reacher season 04 Sinhala SubtitlesSeason 05 Coming Soon.
Reacher Season 04 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
542 downloadsDownload Reacher-S04E07.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Reacher s04 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Reacher Sinhala Sub
- #Reacher Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks ruka
Sachith Madushanka
E.08 Ada Denawada Sub Eka
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබ්එකට තෑන්ක්ස් මචෝ