හොඳයි එහෙනම් මේ සුදානම ඉතාලි ටෙලි කතා මාලාවක් ඔබ වෙත අරගෙන එන්න. මේක Action, Crime කියන වර්ගවලට තමයි අයිති වෙන්නේ. හැබැයි බොහොම සට කපට ලස්සන දේශපාලන කතාවකුත් මේකේ ගැබ්වෙලා තියනවා. මේක ඇත්තටම Suburra (2015) ට පෙර සිදුවීම් අලලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පළමු කතා සමයේ කොටස් 10 ක් තියනවා ඒ ඔක්කොම අව…

හොඳයි එහෙනම් මේ සුදානම ඉතාලි ටෙලි කතා මාලාවක් ඔබ වෙත අරගෙන එන්න. මේක Action, Crime කියන වර්ගවලට තමයි අයිති වෙන්නේ. හැබැයි බොහොම සට කපට ලස්සන දේශපාලන කතාවකුත් මේකේ ගැබ්වෙලා තියනවා. මේක ඇත්තටම Suburra (2015) ට පෙර සිදුවීම් අලලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පළමු කතා සමයේ කොටස් 10 ක් තියනවා ඒ ඔක්කොම අවසානයි ඔබට දවසකට එකක් වශයෙන් බලාගන්න හැකි වේවි ඉතින්.
මේකත් Netflix කරපු වැඩක් තමයි. ඇත්තටම කියනවා නම් මේක තමයි Netflix ආයතනයෙන් කරපු පළමු ඉතාලි ටෙලි කතා මාලාව, මේ වෙනකොට අපේ වෙබ් අඩවියෙන් Netflix අරගෙන ආව ඔවුන්ගේ පළමු ජර්මානු ටෙලි කතා මාලාව ලබා දීලා ඉවරයි නෙව. මේකත් ඒ වගේම බොහොම ත්‍රාසජනක, ක්‍රියාදාම එකක් ගෙතුන අපරාධ කතාවක්. ඔක්කොම කොටස් නිකුත් වෙලා තියෙන්නේ 2017 ඔක්තෝබර් මාසේ 6 වැනිදා.
මේකට පාදක වෙලා තියෙන්නේ Giancarlo De Cataldo හා Carlo Bonini විසින් රචිත නැව කතාවක්. ටෙලි නිර්මාණය කරලා තියෙන්නේ Daniele Cesarano සහ Barbara Petronio කියන දෙන්නා. කොටසක් වෙන්නේ මිනිත්තු 42–62 වගේ. ලබාගෙන තියන IMDB අගය 8.0 ක්. මේ කතා සමය වෙනුවෙන් ලබාගෙන තියන කුණු තක්කාලි අඩවියේ ප්‍රේක්ෂක අගය වෙන්නේ 93% ඒ ප්‍රේක්ෂක මනාපය 4.3/5 ක් වගේ ලබාගෙන.
මේ කතා මාලාව ගලාගෙන යන්නේ ඉතාලියේ මැර කල්ලි (මාෆියාව), දේශපාලනයේ දුෂණ වංචා කියන පැතිකඩ ඔස්සේ. කතාව ආරම්භ වෙන්නේ වසර 7 ක් රෝම නගරයේ නගරාධිපති හැටියට කටයුතු කල කෙනාගේ ඉල්ලා අස්වීමත් එකක්. මේ අස්වීම නිසාවෙන රෝම නීතියට අනුව දවස් 20 ක් කාලයක් ලැබෙනවා හැමෝටම හරිබරි ගැහෙන්න ඉන් පස්සේ තමයි මේ අස්වීම බලාත්මක වෙන්නේ. ඉතින් මේ කාලය ගත වෙන්න කලින් හැමෝම තම තමුන්ගේ සැලසුම් ක්‍රියාවට නංවන්න පටන් අරගෙන, හරියටම කියනවා නම් හෙමින් කරගෙන ගිය වැඩ ඉක්මන් කරන්න පටන් අරගෙන. මේකේ ආරම්භයේ අපි ප්‍රධාන මැර පවුල් 2 ක් දකිනවා, එක කොටසක් අහිකුන්ඨිකයන්ගෙන් පැවත එන්නන්. අනික් පිරිස හා ඔවුන් අතර ඒ තරම් හිත හොඳක් නැහැ… මේ ඔක්කොම පවුල් පාලනය ගෙනියන්නේ ලොකු පිරිසක් හැබැයි මේ කතාව ඇස යොමු කරන්නේ ඊලග පරම්පරාව ගැන. මේ කොටසින් සිද්ධ වෙන්නේ ප්‍රධාන චරිත හඳුනා ගැනීම වගේම සියල්ල උඩු යටිකුරු කරන සිදුවුමකට මුල බීජය වෙන සිදුවීම එහෙනම් බලන්නකෝ මේ දේවල් ඔක්කොම.
එහෙනම් ඊලග කොටසෙන් හමුවෙමු ඉක්මනින්. එතකම් ඔබ සැමට ජය වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
![]()
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


