The Cockpit AKA Za kokupitto (1993) [S01 : E01 & E02 & E03] Sinhala Subtitles දෙවන ලෝක යුද්ධය කියල කියන්නෙ අදටත් සිත සලිත කරවන සිදුවීම් රැසක් සිද්ධ වුනු, ඒ යුද්ධයේ ප්‍රතිඵල අදටත් දකින්න ලැබෙන අති භයානක සිදුවීමක්. ඒ යුද්ධය පාදක කරගෙන නිමවුනු නිර්මාණත් ඒ වගේම බොහොමයක් තියෙනවා. ඇනිමෙ විශ්වයේ වුනත් දෙව…
The Cockpit AKA Za kokupitto (1993) Sinhala Subtitles
දෙවන ලෝක යුද්ධය කියල කියන්නෙ අදටත් සිත සලිත කරවන සිදුවීම් රැසක් සිද්ධ වුනු, ඒ යුද්ධයේ ප්‍රතිඵල අදටත් දකින්න ලැබෙන අති භයානක සිදුවීමක්. ඒ යුද්ධය පාදක කරගෙන නිමවුනු නිර්මාණත් ඒ වගේම බොහොමයක් තියෙනවා. ඇනිමෙ විශ්වයේ වුනත් දෙවන ලෝක යුද්ධය පාදක කරගෙන නිමවුනු නිර්මාණ කිහිපයක්ම තිබෙනවා. ඒවා අපි නැරඹිය යුතු වෙන්නේ අපි අත් නොවින්ද ඒ යුද්ධය මොන තරම් දරුණුයිද ඛේදනීයයිද කියල ඒ නිර්මාණ තුලින් අපිට දැකගන්න ලැබෙන නිසායි. ඒ යුද්ධෙදි අති විශාල මෙහෙයක් වගේම විනාශයක් කරපු නිර්මාණයක් තමයි ගුවන් යානාව. එකළ නිමවුනු ගුවන් යානාව සහ බෝම්බය අතර අදටත් තියෙන්නෙ ගහට පොත්ත වගේ බැඳීමක්. ඒ ගුවන් යානාව අරන් යන නියමුවා කියන්නෙත් යානාව සහ බෝම්බය කියන කොටස් දෙකේ සම්බන්ධකය කියල කිව්වොත් මං හිතන්නෙ මං වැරදි නෑ. ඉතින් අද ඔයාලගෙ ඇනිමෙ ෆැන්ටසියට අරන් ආවේ අන්න ඒ වගේ සම්බන්ධයක් ගොඩනගපු ඇනිමෙ කතා මාලාවක්. ඒ විදිහට අරන් එන මේ කතාව තමයි අපේ Anime Golden Era එකේ, එහෙම නැත්නම් ස්වර්ණමය ඇනිමෙ යුගයේ හතරවෙනි දිග හැරුම වෙන්නේ.
මං මුලදී සඳහන් කළා ගුවන් යානාව සහ බෝම්බය කියන සාධක දෙකේ සම්බන්ධකය වෙන්නේ ඒ යානාවේ නියමුවායි කියන කාරණාව. ඒ මොකද කියනවා නම් සටනේ ජය පරාජය, මෙහෙයුමේ සාර්ථක අසාර්ථක බව, යුද්ධයේ අදාළ පාර්ශවයේ ජය පරාජය වගේම මුළු ලෝකයේම ඉරණම තීරණය වෙන්නේ මේ නියමුවා ගන්නා තීරණය නිසා වෙන්නත් පුලුවන්. එතකොට මේ කතාවේ නම වෙන The Cockpit කියල කියන්නෙ මොකක්ද? Cockpit කියල කියන්නෙ මේ නියමුවා ඉන්න නියමු කුටිය කියල හඳුන්වන්න පුලුවන්. ඒ වගේම මේ යානාව වල නියමුවාට පිටිපස්සෙන් ඇතැම් විට සහය වෙඩික්කරුවෙක් පවා ඉන්නවා අපිට සමහර නිර්මාණ වලදී දැකගන්න පුලුවන්. එතකොට ඒකත් Cockpit එකක් කියල හඳුන්වන්න පුලුවන්. එතකොට මේ ගුවන් යානා වල නියමුවා තීන්දු තීරණ ගන්නෙ මෙන්න මේ Cockpit එකේ ඉඳලයි. ආරම්භයේදී ඉලක්ක කරගෙන ආපු මෙහෙයුම අතරමැදදී වෙනස් වෙන්න පුලුවන්. ඒ ඒ අවස්ථාව අනුව Cockpit එකේ ඉඳල ගන්නා මේ තීරණය නිසා යුද්ධයේ සමහර පරිත්‍යාගයන් මෙතෙකයි කියල අපිට කියන්න අමාරුයි. අන්න ඒ විදිහේ පරිත්‍යාගයන් ගෙනාපු කතාවක් විදිහටයි The Cockpit ඇනිමෙ කතා මාලාව මම දකින්නේ.

1993 වසරෙදි නිකුත් වුනු මේ The Cockpit ඇනිමෙ සිරීස් එක IMDB දර්ශකයේ 7.2 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 7.19 ක අගයක් ලබාගෙන තියෙනවා. Adult Cast, Historical, Military යන Genre වලට අයත් වෙන මේක මිනිත්තු 30 බැගින් වුනු කොටස් තුනකින් පමණක් සමන්විතයි. ඒ වගේම මේ Mini Series එකට මූලාශ්‍ර වෙලා තියෙන්නෙ අභ්‍යවකාශ කතා වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලපු Leiji Matsumoto ගේ World War II manga එක. මේ කොටස තුනේ ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු පිළිවෙළින් Madhouse, Jacom, Visual 80 කියන ස්ටූඩියෝ ත්‍රිත්වය විසින් සිද්ධ කරල තියෙනවා. ඒ වගේම Music අතින් ගත්තම Ending Theme එකකින් පමණක් සමන්විත මේ ඇනිමෙ එකේ ඒ “Kanashii Toki wa Itsumo” ගීතය Hiroyuki Matsuda විසින් ගායනා කරනවා.

The Cockpit ඇනිමෙ කතා මාලාව වෙනුවෙන් මුල් වුනු කතාව ලියූ Leiji Matsumoto මන්ගා කතෘ
ඇත්තටම මේ කතාව මම දකින්නේ එක් ප්‍රධාන බලවත් ශක්තිමත් වීර චරිතයකගෙ කතාවකින් එපිටය ගිය වෙනම හැඟීමක් එක් කරන කතාවක් විදිහටයි. ඒ ඇයි කියන එක මේ කතාව නරඹන අතරෙදි පැහැදිලි වේවි. එහෙනම් අපි බලමු මේ ඇනිමෙ කතාව මොන වගේද කියලා. මේක කොටස් තුනකින් පමනක් යුතු නිසා ඒ තුනේ Spoils නැති සාරාංශයක් අරගෙන එන්නම් මේ විදිහට.
පළමු කොටස – Slipstream
ලුතිනන් එර්හාද් වොන් ලයින්ඩර්ස් කියල කියන්නෙ ජර්මනියේ නාසි ගුවන් හමුදාවේ දක්ෂ ප්‍රාහාරක යානා නියමුවෙක්. මෙයා කරපු එක්තරා දෙයක් නිසා මෙයාව බයගුල්ලෙක් විදිහට නම් කරනවා. මේ සිදුවීමේ වැරැද්ද නිවැරදි කරගන්න මෙයාට අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි එක්තරා ප්‍රහාරක යානාවක් එක්ක රහසිගත භාණ්ඩයත් පේනෙමියුන්ඩේ කියන ස්ථානයට ප්‍රවේශමෙන් ආරක්ෂිතව පියාසර කරල අරන් යන එක. ඒ ගෙනියන රහසිගත භාණ්ඩය මොකක්ද? ලයින්ඩර්ස්ව බයගුල්ලා කියන නම හැදෙන්න හේතු වුනු සිදුවීම මොකක්ද? ඒ වැරැද්ද නිවැරදි කරගෙන ලයින්ඩර්ස්ට මේ භාණ්ඩය ප්‍රවේශමෙන් ආරක්ෂිතව අදාළ තැනට අරන් යන්න පුලුවන් වේවිද?
දෙවන කොටස – Sonic Boom Squardron
“චෙරි මල” කියල කියන්නෙ දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ජපන්නු විසින් නිපදවපු පැයට කිලෝමීටර 1,040 ක උපරිම ක්ෂණික වේගයක් තියෙනවා කියල කියන විශේෂ රොකට් බෝම්බයක්. මේ බෝම්බය අරන් යන රොකට්ටුව නම් කළේ “ඕකා” කියන නමින්. විශේෂම කාරණාව තමයි මේ රොකට් බෝම්බය අරන් යන නියමුවාට ආපහු කවදාවත් පණ පිටින් නම් එන්න ලැබෙන්නෙ නැති වෙන එක. මොකද කියනවා නම් ඒ තරම් වේගයකින් අදාළ ඉලක්කයේ වද්දන්න නම් ඒ වෙනතෙක් නියමුවෙක් රොකට්ටුව ඇතුළේ ඉන්න වෙන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ විදිහට නිර්මාණය කරපු මේ බෝම්බය එක්තරා විදිහකින් මිනිස් බෝම්බයකුත් වෙනවා. ලුතිනන් නොගමි කියල කියන්නෙ මේ මිනිස් බෝම්බයට යොදපු නියමුවෙක්. ඇමෙරිකානු නාවික ප්‍රහාරක නෞකාවක් විනාශ කිරීමේ මෙහෙයුම පැවරෙන්නෙ මේ නොගමිටයි. ඇමෙරිකානු හමුදාවේ වේගය අභිභවා මේ ඉලක්කය සපුරන්න ලුතිනන් නොගමිට පුලුවන් වේවිද?
තෙවන කොටස – Knight of the Iron Dragon
පළමු පන්තියේ ප්‍රයිවට් කොදයි කියල කියන්නෙ එක්තරා ජපන් කාලතුවක්කු රෙජිමේන්තුවකට සොල්දාදුවෙක්. සටනක් මැදදී පහු බහින්න කියල ආපු නියෝගයකට අනුව පහු බහිද්දි වෙනත් පළමු පන්තියේ ප්‍රයිවට් කෙනෙක් වෙන උත්සුනොමියා නියෝගයක් අරන් එනවා. ඒ නියෝගයට අනුව මේ කාලතුවක්කු රෙජිමේන්තුවේ සහය මේ උත්සුනොමියා ඇතුළු බට කණ්ඩායමට අත්‍යවශ්‍යයි. හැබැයි ඒ සහය ඉල්ලන තැනට කිලෝමීටර් 100 කට අධික දුරක් ගෙවාගෙන ඇමෙරිකානු හමුදාව මඟ ඇරගෙන යන්නත් ඕනි. ඉතින් මේ කොදයි සහ උත්සුනොමියා දෙන්නාට ඇමෙරිකානු හමුදා මඟ ඇරන් තමන්ගේ නියෝගවලට අනුව මෙහෙයුම සම්පූර්ණ කරන්න පුලුවන් වේවිද?
ඔන්න ඔය විදිහට තමයි කොටස තුනකින් පමණක් සමන්විත The Cockpit ඇනිමෙ කතා මාලාව දිහ හැරෙන්නේ. ඉතින් දෙවන ලෝක යුද්ධයේ පැතිකඩයන් මොන වගේද කියල මේ පුංචි කොටස් තුනෙන් අපූරුවට අරන් එනවා කියන එක ඔයාටම දකින්න පුලුවන් වේවි. තමන්ගෙ රට වෙනුවෙන් ඒ ඒ පිරිස් මෙහෙයුම් සම්පූර්ණ කරන ආකාරය දකින්න ලැබේවි. නරඹන්න එහෙනම් මේ Mini Anime Series එක. මේ කතාවත් අනිත් කතාවන් වගේම Japanese dub එකෙන් නරඹන්න අමතක කරන්න එපා. මේ Mini Anime Series එකෙන් ඒ විදිහට සමු ගනිද්දී මම මීළඟට ඔයාලගෙ හමුවට එන්නේ Golden Era එකේ නිකුත් වුනු තවත් කතාවකින්. ඒක තරමක් දිග Masterpiece එකක් කියන එක විතරයි ඒ ගැන දැනට ඉඟියක් විදිහට දෙන්න පුලුවන්. එහෙනම් හමුවෙමු. එතෙක් Happy Anime!✌️
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
744 downloadsDownload The-Cockpit-S01-E01-E02-E03-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
8 comments
Dhanuka
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Anonymous
download කරගත්තෙ මොකෙන්ද
විමා - Admin
ඩව්න්ලෝඩ් වෙබ් අඩවියෙන් ගන්න
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
dinush lakmal
මචං ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හරි ඩවුන්ලෝෆඩ් කරගන්න පුලුවන් සයිට් එකක් දාන්න. කොහෙවත් හොයාගන්න හම්බුනෙ නැනේ ටොරෙන්ට්ස් වලත් නැ මේ නමින්
Sanupa Ranmeth - Admin
අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanks bro . Puluvnnm Vinland saga denna