උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo S01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මම ආසම ශානරයේ කතාවක් වුන මේක 2025 ජනවාරි 24 Netflix හරහා විකාශය වුන Choi Tae-kang රචනා කරපු Lee Do-yoon අධ්‍යක්ෂණය කරපු මෙඩිකල් ඩ්‍රාමා එකක්. Hansanleega සහ Hongbichira යන නිර…
The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo S01 Sinhala Subtitles
ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මම ආසම ශානරයේ කතාවක් වුන මේක 2025 ජනවාරි 24 Netflix හරහා විකාශය වුන Choi Tae-kang රචනා කරපු Lee Do-yoon අධ්‍යක්ෂණය කරපු මෙඩිකල් ඩ්‍රාමා එකක්. Hansanleega සහ Hongbichira යන නිර්මාණකරුවන් 2019 දි නිර්මාණ කරපු Trauma Center: Golden Hour කියන වෙබ්ටූන් මාලාවෙන් තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ.
මේකෙන් කියවෙන්නෙ දක්ෂ කම්පන ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන බෙක් කන්ග් හ්‍යුක් තමන්ගෙ ගෝලයින්ව පුහුණු කරන ගමන් කිසිම උදව්වක් නොලබන රෝහල් පරිපාලනයක් එක්ක කම්පන මධ්‍යස්ථානයක් මෙහෙයවන හැටි.
කථාංගයක් විනාඩි 47 -55 අතර දිවෙන මේ කතාවෙ කථාංග ඔක්කොම තියෙන්නෙ 8යි. ඇත්තටම ඒක නිසාම තමයි මම ඒක කරන්න ගත්තෙත්..මේක මෙඩිකල් ඩ්‍රාමා එකක් නිසා ඒ ක්ෂේත්‍රයට අහිති වචන ගොඩක් තියෙනවා. ඒවා ගූගල් සර්ච් කරල පුලුවන් තරම් ගලපල තේරෙන හැටියට මම දාලා තියෙනවා. ඒත් ඉතිං හැම ක්ෂේත්‍රයකටම අදාල වචන තියෙනවනෙ. ඒ නිසා ඒ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ හරි ඒ ගැන ඉගෙන ගන්න හරි කෙනෙක් මේක බැලුවොත්…ඒ වචන වල අඩුපාඩු තිබුනොත් පොඩි කමෙන්ට් එකකින් මාව දැනුවත් කරන්න. එතකොට මට පුලුවන් ඊලඟ නිර්මාණයෙදි ඒක හදා ගන්න. එහෙනම් ඉතිං අපි කතාව බලමු නේද..
1 . වෛද්‍ය උන්මාදයට ඇතුළු වීම
වෛද්‍ය බෙක් කන්ග්-හ්යුක් යුද්ධයෙන් විනාශ වුන මැද පෙරදිග ගම්මානයක තීරණාත්මක වෛද්‍ය සැපයුම් ලබා දීමකින් ආරම්භ වෙන පලවෙනි කතාංගයෙ ඊලඟට දිගහැරෙන්නෙ කොරියාවෙ සෝල් වල පිහිටා තියෙන ප්‍රසිද්ධ රෝහලක දර්ශනයකින්. හන්කුක් විශ්වවිද්‍යාල රෝහලේ ඌන ක්‍රියාකාරී කම්පන මධ්‍යස්ථානය නැවත ගොඩගැනීමක් වුවමනා බව කියන අලුතින් පත්වුන සෞඛ්‍ය ඇමතිතුමිය වෛද්‍ය බෙක් කන්ග්-හ්යුක්ව රෝහලට කැඳවන්නෙ කම්පන මධ්‍යස්ථානය බාර දෙන්න. රෝහලට ඇතුල් වුන මොහොතෙම වෛද්‍ය බෙක්ට රෝහලේ කම්පන මධ්‍යස්ථානයට තියෙන තැන ගැන තේරුම් ගන්න පුලුවන් වෙනවා. ඒ වගේම වෛද්‍ය බෙක් ගැන රෝහලේ අනිත් වෛද්‍යවරුන් අතරත් ඇතිවෙන්නෙ හොඳ පිලිගැනීමක් නෙවෙයි. ඉතිං වෛද්‍ය බෙක්ට දිගටම කම්පන මධ්‍යස්ථානයේ ඉන්න පුලුවන් වෙයිද?
The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
778 downloadsDownload The-Trauma-Code-Heroes-on-Call-2025-S01E01-baiscopelk-sinhala-subtitle.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 841
- Downloads
- 1.3M
- Readers' rating
- No reviews yet

Subtitles
- #Editor's Pick
- #Jung-jeung-eui-sang-sen-teo
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subtitles
- #The Trauma Code: Heroes on Call
- #TV
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
![The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo [S01 : E01] Sinhala Subtitles | වීරයෝ සූදානමින් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/The-Trauma-Code-Heroes-on-Call-2.jpg)
බොහෝම ස්තූතියි සිස් අලුත් සීරිස්එහෙකට සිංහල සබ් දුන්නට