The Vampire Diaries S03 Sinhala Subtitles එලේනා සහ ඩේමන් ගේ පත ලව් සීන් එක තමයි කලින් කොටසේ මට මතක හිටිනම දර්ශනය වුනේ. ඒ හැර අවසාන වෙද්දී අපිට දැනගන්න ලැබුනා ඇලාරික් කියන්නේ ඇලාරික් නොවන බවත් රෙබෙකා කියන්නේ රෙබෙකා නොවන බවත්. ඒ හිටියේ එස්තර්. කලින් අහිංසක මූඩ් එකක් පෙන්නගෙන දුව ලඟට ඇවිල්ලා මෙන්න මං…

The Vampire Diaries S03 Sinhala Subtitles

එලේනා සහ ඩේමන් ගේ පත ලව් සීන් එක තමයි කලින් කොටසේ මට මතක හිටිනම දර්ශනය වුනේ. ඒ හැර අවසාන වෙද්දී අපිට දැනගන්න ලැබුනා ඇලාරික් කියන්නේ ඇලාරික් නොවන බවත් රෙබෙකා කියන්නේ රෙබෙකා නොවන බවත්. ඒ හිටියේ එස්තර්. කලින් අහිංසක මූඩ් එකක් පෙන්නගෙන දුව ලඟට ඇවිල්ලා මෙන්න මං මලෝ කියලා බිමට පතබෑවුණු එස්තර් අම්මා ඇත්තටම කරලා තියෙන්නේ තමන්ගේ දුවගේ සිරුර හොරකම් කරපු එකයි. අනිත් අය විතරක් නෙවෙයි ක්ලවුස් පවා මෙයාට රැවටුනා. දැන් නපුරු ඇලාරික් එස්තර් එක්ක සන්ධාන ගත වෙලා වැම්පයර් වර්ගයා සමූල ඝාතනය කරන්නයි සැලසුම් කරන්නේ.

මේ ජරමර අස්සේ රෙබෙකා සහ කැරොලයින්ගේ මූලිකත්වයෙන් පාසලේ දශක නැටුමක් (අතීත දශකයක් නිරූපණය වෙන විදියට ඇඳුම් පැළඳුම්, සංගීතය, නර්තනය ආදිය යොදාගන්නා) සංවිධානය වෙනවා. මේකට එලේනා යන්නේ ඩේමන් එක්කද ස්ටෙෆාන් එක්කද? හිතාගන්න බෑ නේද දැන් තත්වේ එක්ක බලද්දී? ඉතින් මේ නැටුමට හැමෝම වගේ සහභාගී වෙනවා. ටයිලර්, ක්ලවුස් පවා. දෙන්නා මුණ ගැහුණම මොන වගේ දෙයක් වෙයිද කියලා කල් ඇතුව අනුමාන කරන්න නම් හරිම අමාරුයි. ඉතින් මෙයාලා නැටුමින් විනෝද වෙන අතරේ එස්තර් සහ ඇලාරික් තමන්ගේ කුමන්ත්‍රණය යස අගේට කරගෙන යනවා. වෙනකක් තියා මෙයාලට නැටුම් ශාලාවෙන් එලියට යන්න බැරි වෙන්න සීමා මන්තරයක් පවා එස්තර් කරනවා.

ඉතින් මේ එස්තර්ගේ සැලැස්ම මොන වගේ දෙයක් වේවිද? ඔයාල දන්නවනේ සුදු ඕක් ලී උල් ඉතුරු වෙලා තියෙන්නේ දැන් එකක් විතරයි. ඒකෙන් ඇනපු ගමන් ඔරිජිනල් කෙනෙක් මැරෙනවා. හැබැයි අදාළ ලී උලත් ඒ එක්කම ගිනිගෙන විනාශ වෙනවා. ඉතින් කොයිකටත් තියෙන්නේ ඒක විතරයි. ඒ විතරක් නම් මදැයි. ක්ලවුස් වගේ පැරණි බලවත් කපටි ආරම්භක වැම්පයර් කෙනෙක් මරා දමන්න නම් ලී උල විතරක් මදි. ඊට සමාන ඇති මහත් ශක්තියක් ඇති කෙනෙක් හෝ කිහිප දෙනෙක් අවශ්‍ය වෙනවා. ඒ සේරම ගැටළු වලට උත්තර එස්තර් සපයන්න සූදානම්.

අද කොටසේදී ඔයාලට දැකගන්න ලැබේවි ඔයාලා ආදරය කල තවත් එක් චරිතයක් මරණය වැළඳගන්නා අයුරු. කොහොම නමුත් IMDB අගය 8.5ක් අරගෙන කලින් කොටස් වලට නොදෙවැනි වුනු කුතුහලාත්මක සහ වින්දනාත්මක කොටසක් අදත් ඔයාලට ලැබෙනවා.

 

The Vampire Diaries S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

189 downloadsDownload The-Vampire-Diaries-S03E20-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

මාලින්ද පිටිගල

Subtitles

189 downloadsDownload Subtitles22 KB

0 comments

No comments yet.