The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ හතරවන කොටසයි මේ අරගෙන එන්නේ.අපි බලමුකෝ අද මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී මතක ඇතිනේ යම් රහස් සංවිධානයක් ගැන හෙළි වුණයි කියලා. ඒ වගේම තමයි ක්ලවුස් මේ ගැන යමක් දන්නවා. අන්න ඒ නිසාම තමයි ඔහු කෝනර්වත් අරගෙන ඉස්පිරි…

The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ හතරවන කොටසයි මේ අරගෙන එන්නේ.අපි බලමුකෝ අද මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී මතක ඇතිනේ යම් රහස් සංවිධානයක් ගැන හෙළි වුණයි කියලා. ඒ වගේම තමයි ක්ලවුස් මේ ගැන යමක් දන්නවා. අන්න ඒ නිසාම තමයි ඔහු කෝනර්වත් අරගෙන ඉස්පිරිතාලෙන් පැනගන්නෙ. ඕන්න එහෙනම් අද කොටසේදී මේ සංවිධානය ගැන සම්පුර්ණ විස්තරයක්ම දැනගන්න ලැබෙයි. ඇත්තම කිව්වොත් මෙයාලා පැවතගෙන ඉන්නේ අවුරුදු 900 ක් තිස්සේ. ඒ වගේම තමයි ඔරිජිනල් පවුල ඉතාලියේ සංචාරයක් යනවා. තවත් වැම්පයර්ලා සෑදීම සාදහා මේ අවස්ථාවේදී තමයි දකින්න ලැබෙන්නේ ”පස් සහෝදරයින්ගේ” කෙනෙක්ව. ඔහු මිනිස්සුන්ට අනාවරණය කරනවා වැම්පයර්ලා වැනි ජාතියක් අපි අතරේ ඉන්නවා කියලා. කොහොමහරි ක්ලවුස් මේකට කැමති නැහැ. හැබැයි රෙබේකා මොහුත් එක්ක ආදරයෙන් බැදෙනවා. ඔහුගේ ස්වරූපය දැන දැනත් ආදරය කරනවා. ඒ වගේම තමයි මොවුන් පිළිබදව යම් විස්තරයකුත් සොයාගන්නවා. ඒ තමයි මායාකාරීන් මගින් මොවුන්  පස් දෙනා බැදීමකට ලක් කරගන්නවා. ඒ වගේම තමයි මොවුන්ගේ ඇගේ තියෙන පච්ච  වැම්පයර්ලාව මරණ ලොකු ආයුධකට සිතියමක්. ඒක ගැන සදහන් කරන්න යන්නේ නැහැ ඔයාලම බලලා දැනගන්නකො. ඒ වගේම තමයි එලේනාට ඩේමන් පොරොන්දුවක් වෙනවා පෝෂණය වෙන හැටි උගන්වනවා කියලා. ඉතින් මෙයාලා ඒකට බොනීත් එක්ක ආච්චි අම්මගේ කොලේජ් එකට යනවා ඇයගේ බඩු ටික අරගෙන එන්න. ඉතින් ඔය අතරේ කොලේජයේ සාදයකුත් පවත්වනවා. ඉතින් මේ අවස්ථාවේදී තමයි ඔවුන් මේ වැඩේ පුරුදු පුහුණු වෙන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අද කොටසින් මේ දඩයක්කරුවන්ගේ මහ මොලකරු ගැන අවසානෙදි දැනගන්න ලැබෙයි. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

145 downloadsDownload The-Vampire-Diaries-S04E04-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

145 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.