The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 6 වන කොටසයි මේ අරගෙන එන්නේ. අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දැක්කනේ කෝනර්ට එලේනා අතින් මැරෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි එලේනා මනුෂ්‍ය ජීවතයක් අරගන්න පළවෙනි වතාව වෙන්නේ මේකයි. ඇත්තටම මේක ගැන ඇය ගොඩක්…

The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 6 වන කොටසයි මේ අරගෙන එන්නේ. අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දැක්කනේ කෝනර්ට එලේනා අතින් මැරෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි එලේනා මනුෂ්‍ය ජීවතයක් අරගන්න පළවෙනි වතාව වෙන්නේ මේකයි. ඇත්තටම මේක ගැන ඇය ගොඩක් තරහින් ඉන්නේ. ඒ හැමදේටම දොස් කියන්නේ ස්ටෙෆන්ට. මොකද එයා බොරු කරපු නිසා. නමුත් එලේනා මේ ගැන ඇත්තම හේතුව දන්නේ නැහැ. ඒ කොහොමහරි අද කොටසේදී එලේනාට භයානක දේවල් වලට මුහුණදෙන්න සිද්ධ වෙනවා. මොකද ඔයාල දන්නවනේ මායාකාරියෝ ශාපයක් මගින් තමයි මේ ”පස් සහෝදරයින්ව” බන්දනයකට ලක් කරන්නේ. ඉතින් කවුරුහරි මේ දඩයක්කරුවා මැරුවොත් ඒ කෙනාට එක එක දෙවල් වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. උදාහරණයකට ගත්තොත් එලේනා මරපු කෝනර්ව හීනෙන් පේන්න ගන්නවා. එතකොට කැතරින්ව පේන්න ගන්නවා. කාටහරි තුවාල කරන්න හදනවා වගේම සියදිසි නසාගන්න හදනවා. ඉතින් මේ හැමදෙයක්ම ඉවර වෙන්නේ සියදිසි නසගත්තොත් තමයි. ඉතින් එලේනා මේ හැම එහෙකටම මුහුණ දෙනවා. ඉතින් ස්ටෙෆන් ඩේමන් මේක නැති කරගන්න ක්‍රමයක් හොයාගෙන ෂේන් ළගට යනවා. ඉතින් එයාලා බලාපොරොත්තු වෙච්ච විදියට ක්‍රමයක් ලැබෙනවා. ඒ තමයි තවත් දඩයක්කරුවෙක් හොයාගෙන එයාගේ අතින්ම වැම්පයර් කෙනෙක්ව මරණ්න සිද්ධ වෙනවා. එතකොට තමයි ශාපය ඉවත් වෙන්නේ. හරියට ඒ වෙනුවට කෙනෙක්ව හොයාගන්නවා වගේ දෙයක්. ඉතින් ඩේමන් ජෙරමිට මේ වැඩේට කතා කරනවා. මොකද එයා විතරයි දඩයක්කරුවෙක්ට කියලා ඉන්නේ. ඉතින් අපි බලමුකෝ ජෙරමිට වැම්පයර් කෙනෙක් මරාගන්න හැකි වෙයිද නැත්තම් එලේනාගෙ ඉරණම කෙසේ සිද්ධ වෙයි කියලා. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

162 downloadsDownload The-Vampire-Diaries-S04E06-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles

162 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.