The Vampire Diaries S06 Sinhala Subtitles එහෙනම් මේ අරගෙන එන්නේ වම්පයර් ඩයරීස් කතාමාලාවේ හයවෙනි කතාසමයේ තුන්වන කොටසයි. කලින් කොටසේ සිදු උන දේවල් පොඩ්ඩක් මතක් කරලා ඉන්න. ජෙරමි කොහොමහරි අර නගරයට ආපු අලුත් කෙල්ලත් එක්ක හාද වෙලා වැඩේ ගොඩ දා ගන්නව. ඒ අතරේ එලේනා තමන්ගේ මතක සටහන් සේරම අසුරලා දානවා පෙන්නුව…

The Vampire Diaries S06 Sinhala Subtitles

එහෙනම් මේ අරගෙන එන්නේ වම්පයර් ඩයරීස් කතාමාලාවේ හයවෙනි කතාසමයේ තුන්වන කොටසයි. කලින් කොටසේ සිදු උන දේවල් පොඩ්ඩක් මතක් කරලා ඉන්න. ජෙරමි කොහොමහරි අර නගරයට ආපු අලුත් කෙල්ලත් එක්ක හාද වෙලා වැඩේ ගොඩ දා ගන්නව. ඒ අතරේ එලේනා තමන්ගේ මතක සටහන් සේරම අසුරලා දානවා පෙන්නුවනේ.

ඒ අතරේ කැරොලින් සහ එන්සෝ යනවා ස්ටෙෆන් ඉන්න තැන හොයාගෙන. ඒ ඔහු හැමෝගෙන්ම වෙන් වෙලා ජීවත් වෙන නිසයි. ඒවගේම වැම්පයර් දඩයක්කරුවෙක් වෙන ට්‍රිප් තවදුරටත් දඩයමේ යමින් ඉන්නව. ඒවගේම ඔහු වැම්පයරයන් කිහිප දෙනෙක්වම තමන් විසින් විනාශ කරලා දානවා. එහෙනම් කලින් කොටස ගැන වැඩි කතා නැතුව අද කොටස ගැන බලමුකෝ.

එලේනා තමන්ගේ මතකය අමතක කරලා දානවා, ඒ වෙන කා ගැනවත් නෙමෙයි, තමන් ඉතා ආදරය කල ඩේමන්ගේ සොඳුරු මතකයයි. ඉතින් එතන ඉඳන් ඇය සියල්ලන්ගෙම මිදුණු කෙනෙක් විදිහට අලුතින් ජීවිතේ පටන් ගන්නයි හදන්නේ. ඒ අතරේ ස්ටෙෆන් ආපහු මිස්ටික් ෆෝල්ස් වලට එනවා. ඒ පරන යාලුමිත්‍රකම් අලුත් කරගන්න කියලා හිතුවත් එහෙම නෙමෙයි, තමන්ගේ පෙම්වතිය මැරුව පලිය එන්සෝගෙන් ලබාගන්න. නමුත් කැරොලින් ඒ ගැන ඉන්නේ සතුටෙන් නෙමෙයි, ඒ එන්සෝව මැරීම මගින් නැවතත් ස්ටෙෆන්ගේ පෙම්වතියව ලැබෙන්නේ නැති නිසයි.

ඉතින් ඒ අස්සේ ඩේමන්ලගේ ලෝකේ ලොකු දෙයක් සිද්දවෙනවා, ඒ තමයි අර අභිරහස් අමුත්තා හම්බවෙන වෙන. ඒ සුපිරි වෙලඳ සැලකදී. නමුත් ඔහුගේ හමුවීම එතරම් හොඳ විදිහට නෙමෙයි. එතනදී කුඩා සටනක් සිදුවෙනවා , ඒ සටන සිදුවීම නිසාම බොනීගේ මැජික් බලය ඇයට ආපහු ලැබෙනවා.
ඉතින් මීට වඩා කියවන්න යන්නෙ නෑ. මේ කොටසත් බලන්න කියලා ආරාධනා කරන ගමන් මන් සමුගන්නවා. මීලඟ කොටසින් ඉක්මනට හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය.

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

81 downloadsDownload The-Vampire-Diaries-S06E03-Sinhala-Subtitles.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රඛිත රණතුංග

Subtitles

81 downloadsDownload Subtitles28 KB

0 comments

No comments yet.