The Vampire Diaries S06 Sinhala Subtitles එහෙනම් මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලවේ හතරවන කොටසයි. අපි දැන් පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. එලේනා පාරේ හිටිය කෙල්ලෙක්ව අල්ලගෙන ලේ බොනවනේ, ඉතින් අහම්බෙන් වගේ ඒ සිද්ධිය සිද්ධ උනත් ඒ කෙල්ල ඇවිල්ලා තියෙන්නේ ඩේමන්ගෙයි ස්ටෙෆන්ගෙයි පවුලෙ ප්‍රශ්නයක් ව…

The Vampire Diaries S06 Sinhala Subtitles

එහෙනම් මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලවේ හතරවන කොටසයි. අපි දැන් පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු.

එලේනා පාරේ හිටිය කෙල්ලෙක්ව අල්ලගෙන ලේ බොනවනේ, ඉතින් අහම්බෙන් වගේ ඒ සිද්ධිය සිද්ධ උනත් ඒ කෙල්ල ඇවිල්ලා තියෙන්නේ ඩේමන්ගෙයි ස්ටෙෆන්ගෙයි පවුලෙ ප්‍රශ්නයක් විසඳගන්න. ඉතින් කොහොමහරි ඒ කෙල්ල එලේනාගෙන් මිදිලා නගරයට යනවා. එතනදී එලේනාට ඇයව ලුහුබඳින්න බැරිවෙනවා, ඒ ඔවුන්ගේ සීමාවට අහුවෙන නිසා. කොහොමහරි ඇය එලේනගෙන් මිදිලා වැඩිදුර ප්‍රතිකාර සඳහා ශෙරිෆ් සමග පිටත්වෙනවා.

ඒ අතරේ ඩේමන් සහ බොනී අඩුපාඩු ගන්න කියලා සුපර්මාර්කට් එකට යනවා. එතනදී කොහොමහරි පොඩි ලමයි සෙල්ලම් කරන මෙරිගෝ රවුන්ඩ් එකක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේම ඩේමන්ට එයාගෙ පරන කාර් එක හම්බෙනවා. නමුත් ඒවා එතනින් ඉවර වෙන්නේ නෑ, බොනී දකිනවා කවුරුහරි එහා මෙහා යනවා. ඉතින් ඩේමන් සහ බොනී අවසානයේ කොහොමහරි ඒ අමුත්තව හොයාගන්නවා. ඒ කායි කියලා කොල්ලෙක්. හැබැයි ඌ එක්ක වැඩේ ලේසි වෙන්නෙ නෑ, කොහොමහරි එතනදි ආපහු බොනීගේ මැජික් බලය ලැබෙනවා.

ඒ අතරේ ස්ටෙෆන් එනවා එන්සෝව මරන්න, නමුත් ඒ අතර මැදට වම්පයර් දඩයක්කරුවෙක් එන නිසා එන්සෝට සිද්ධ වෙනවා ඔහුව මරලා දාන්න. ඉතින් කොහොම උනත් ට්‍රිප් දැනගන්නවා එන්සෝ කියන්නේ වැම්පයර් කෙනෙක් කියලා, ඒ නිසා ඔහු එන්සෝව දඩයම් කරගන්න තැබෑරුමට වෙලා ඉන්නවා. නමුත් ඔහුගේ වෑයම වැරදුන තැන ස්ටෙෆන් ඔහුට උදවුකරනවා එන්සෝව අල්ලගන්න. ඉතින් ඔයිට වැඩිය මං කියන්න යන්නේ නෑ.

අද කොටස ගැන මොකුත් නොකියා ඉන්නම් මං….

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.

 

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

73 downloadsDownload The-Vampire-Diaries-S06E04-Sinhala-Subtitles.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

73 downloadsDownload Subtitles31 KB

0 comments

No comments yet.