The Vampire Diaries S06 Sinhala Subtitles එහෙනම් ඔයාලා මේ එකතුවෙන්නේ වැම්පයර් ඩයරීස් කතාමලාවේ දසවන කොටසත් එක්කයි. එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.. බොනීව බේරගන්න ආපහු අනිත් ලෝකෙට යන්න ඕනෙ නිසා ඩේමන් ඇලරික්ට මතුරනවා කොහොමහරි ජෝ ගෙන් අර ලෝක අතර හුවමාරුවෙන භාණ්ඩේ උස්සන්න කියලා. නමුත්…

The Vampire Diaries S06 Sinhala Subtitles

එහෙනම් ඔයාලා මේ එකතුවෙන්නේ වැම්පයර් ඩයරීස් කතාමලාවේ දසවන කොටසත් එක්කයි. එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු..

බොනීව බේරගන්න ආපහු අනිත් ලෝකෙට යන්න ඕනෙ නිසා ඩේමන් ඇලරික්ට මතුරනවා කොහොමහරි ජෝ ගෙන් අර ලෝක අතර හුවමාරුවෙන භාණ්ඩේ උස්සන්න කියලා. නමුත් මූ ඒක තියෙන තැන දන්නෙ නැති නිසා විහිලුවෙන් වගේ ජෝගෙන් අහගන්නවා තියෙන තැන ගැන. පස්සේ ඒක හොයාගෙන ඩේමන්ගේ අතටම ගෙනත් දෙනවා .

සේරටම පස්සේ දැන් එලේනාගෙයි ඩේමන්ගෙයි අතේ ආරෝහණය තියෙනවා, එයාලා ලිව්ගෙ උදවුවෙන් ආයෙත් යටුකුරු ලෝකෙට යනවා. ගිහින් එහිදී බොනීට කතාකරනවා, පස්සේ බොනීව එක්කරගෙන යන්න සේරම ලෑස්ති කරනවා. නමුත් ඒ අතරෙදී කායි ආපහු වර්ථමාන ලෝකෙට ඇවිත් ලිව්ව හොයාගෙන යනවා. එතනදී ලිව් දැනගන්නවා මේ ඉන්නේ තමන්ව මරන්න හදපු සහෝදරයා කියලා. ඒ අතරේ අර නගරයට අලුතෙන් ආපු කෙල්ල ස්ටෙෆන්ව හම්බෙන්න යනවා, ඒ මැට්ගේ උදවුවෙන්, නමුත් ස්ටෙෆන් දැනගන්නවා මේ කෙල්ල කියන්නේ බොරු කියලා, ඉතින් ඒක නිසා ඔහු ඇයව එක්කරගෙන යනවා මේකෙ ඇත්ත නැත්ත හොයන්න. එතනදී ඒ කෙල්ල කියනව එයාගෙ නම සේරා සැල්වටෝර් නෙමෙයි මොනික් කියලා, තමන් ආවේ සේරාගෙ පවුලේ අයගේ තොරතුරු හොයන්න කියලා. නමුත් ඉතින් එතන අනිත් අය ඇත්ත දැනගන්න කලියෙන්ම එන්සෝ මේ කෙල්ලවත් මරලා දානවා.

සේරටම පස්සේ ලිව්ට සිද්ධ වෙනවා ඩේමන්වයි එලේනාවයි ආපහු ගෙන්වන්න. ඒ කායි ඇවිත් ඇයගේ මැජික් බලය ලබාගන්න කලියෙන්. ඉතින් ඒ සිද්ධිය නිසා ඒ දෙන්නාට සිදුවෙනවා බොනී නැතුව තනියෙන්ම ආපහු මෙ ලෝකෙට එන්න.

එහෙනම් මං මීට වැඩිය කලින් කොටස ගැන කියන්න යන්නේ නෑ. අද කොටස බලලා ඔයාලගෙ අදහස් කියලා යන්න. මීලඟ කොටසින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

88 downloadsDownload The-Vampire-Diaries-S06E10-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රඛිත රණතුංග

Subtitles

88 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.