Watch Trailer

Tyrant [ S01 : E03 ] | අයියා මලෝ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසක නිහැඬියාවකට පස්සේ මට යම්තාක් දුරකට විශේෂ වූ දිනයකදී ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නයි මේ සුදානම.. වැදගත්ම දේ තමයි පුරා චිත්‍රපටි උපසිරැසි 63 කට පස්සෙ මම මේ හදන්නේ මගේ මුල්ම රූපවාහිනී උපසිරැසි අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්නයි. ඒ වගේම තවත් විශේෂත්වයන් තියෙනවා ඒ මම මේ සොඳුරු අඩවියේ සාමාජිකය…

tyrant tv 2014 -1

ඔන්න මම ටික දවසක නිහැඬියාවකට පස්සේ මට යම්තාක් දුරකට විශේෂ වූ දිනයකදී ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නයි මේ සුදානම.. වැදගත්ම දේ තමයි පුරා චිත්‍රපටි උපසිරැසි 63 කට පස්සෙ මම මේ හදන්නේ මගේ මුල්ම රූපවාහිනී උපසිරැසි අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්නයි. ඒ වගේම තවත් විශේෂත්වයන් තියෙනවා ඒ මම මේ සොඳුරු අඩවියේ සාමාජිකයෙක් වෙලා වසරක් ගතවීම සහ මගේ උපන්දිනය යෙදී තිබීම.. ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ කණ්ඩායමක් එක්ක වසරක් පුරා වැඩ කරන්න ලැබුණු එකට. ඒ වගේම ඉදිරියටත් මේ වගේම ඉන්නවා.

IMDB ශ්‍රේණීගත කිරීම් වල දැනට 8.1 වගේ ඉහළ සමස්ත අගයක් ලබාගන්න මේ සුපිරි කතා මාලාව සමත් වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ පසුතල වල රූගත කරපු මේ කතා මාලාවේ අබුඩීන් නම් මනඃකල්පිත රටක් ගැන කියවුණත් අරාබි රටවල් වල තියන සංස්කෘතික හා සමාජ වටපිටාව නම් එහෙම්ම අරගෙන තියෙනවා කියලා කිවහැකියි. මේ වසරේ නිකුත් වූ කොටස් දහයකින් සමන්විත වෙච්ච මේ කතා මාලාවම මම එකවර ඔබට ලබා දෙනවා. ඒ ඔයාලට මේක නරඹන්න තවත් පහසු වෙන නිසාමයි.

මර්දනය තම පාලනය කරගත් සල්ලිකාර මැදපෙරදිග ඒකාධිපතියෙක්. ඔහුටම ගැලපෙන සිහසුනට උරුමක්කාරකම් කියන සල්ලාල වියරු වැඩිමහල් පුතෙක්. මේ සියල්ල එපා වී රටද හැර දමා ඇමරිකාවේ ළමා වෛද්‍යවරයෙක් ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවන බාල පුතෙක්. අවුරුදු 20 කට පසු මේ තිදෙනා එකිනෙකා හමුවන අවස්ථාවක්. මේ අවස්ථාව මේ තිදෙනාට කෙසේ නම් බලපායිද? ඔවුන්ගේ ජීවිත කෙසේ උඩු යටුකුරු වෙන්න නියමිතද? ජනතා විප්ලව, කුමන්ත්‍රණ, සිහසුන, අපරාධ, සල්ලාලකම් මැද මේ ගෙවන ජීවිත වලට ඊළඟ මොහොතේ කුමකින් කුමක් සිදුවෙයිද? සෑම මොහොතකම කුතුහලය කියන දේ ගැබ් වෙලා තියෙනවා කියන්න ඕනේ.

මුලින් නම් හිතේවි නාට්‍යමය ස්වරූපයට බරයි කියලා. ඒත් වැඩියෙ හිතන්න එපා. එක කොටසක් මුලින් බලන්නකෝ. අනිවා ඔයාලා එක හුස්මට ඔක්කොම බලල අහවර කරනවා කියලා මට විශ්වාසයි.

තව දෙයක් තියෙනවා, ඔයාලා මොකද හිතන්නේ මේ වගේ කතා මාලාවම එකවර දෙන එක පිලිබඳව. හොඳද නැත්නම් නරකද? ඒකත් කියමු බලන්න, මේ වගේ තවත් කතා මාලාවල් කිහිපයක් කරන්න හිතන් ඉන්නවා. ඔයාලා කැමති එව්වා තියෙනවා නම් කියන්න. ඔයාලගේ අවශ්‍යතාවයට තමයි මේ අපේ සොඳුරු නවාතැන ඔබ වෙනුවෙන් සෑම මොහොතකම විවෘත වෙලා තියෙන්නේ.

එහෙනම් ඇති නෙහ් මේ දෙසුවා.. තවත් උපසිරැසි යක් අරගෙන එනකම් දැනට සමුගන්නම්. හැමෝටම ජය පතනවා !!!!

පා.ලි.
මෙම ටෙලි කතා මාලාවේ පළමු කතා සමයේ සියළුම කොටස් ඩිරෙක්ට් බාගත කරගන්න “මෙතනින්” අපගේ ෆේස් බුක් පිටුවට පිවිසෙන්න..

 

Tyrant (2014) on IMDb

 

 

3.70 GB (Complete Season) මෙතනින් බාගන්න

33881DD76A5853C76E06FF5F0A97AE2EA8069830 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,234 downloadsDownload Tyrant-Season-01.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                      All Episodes                         

Subtitles by

සමීර චතුරංග

Subtitles

4,234 downloadsDownload Subtitles315 B

2 comments

  1. jeewantha

    Thanks. නියම කථාවක් සබ් නියමයි.

  2. Tharaka Lahiru

    Tnx mcn