Watch Trailer

X-Men 97 Season 2 – X-Men (TV Series 1992–2026) [S07 : E01] with Sinhala Subtitles | කාලය හරහා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් අලුතෙන්ම නිකුත් වූ එක්ස් මෑන් 97 දෙවන සීසන් එක නැතිනම් සම්පුර්ණ කතා මාලාවම ගත්තොත් හත්වන සීසන් එකේ පළමුවන කතාංගය ගෙනාවා. පලවෙනි සීසන් එකේ අවසානය ඔයාලට අමතක වෙන්න විදියක් නෑනේ. මැග්නීටෝ, ප්‍රොෆෙසර් X සහ මුළු X-Men කණ්ඩායමම අභ්‍යවකාශයේදී සිද්ධ වුන පිපිරීමත් එක්ක කාලය සහ අවකාශය ද…

ආයුබෝවන්. ඔන්න එහෙනම් අලුතෙන්ම නිකුත් වූ එක්ස් මෑන් 97 දෙවන සීසන් එක නැතිනම් සම්පුර්ණ කතා මාලාවම ගත්තොත් හත්වන සීසන් එකේ පළමුවන කතාංගය ගෙනාවා.

පලවෙනි සීසන් එකේ අවසානය ඔයාලට අමතක වෙන්න විදියක් නෑනේ. මැග්නීටෝ, ප්‍රොෆෙසර් X සහ මුළු X-Men කණ්ඩායමම අභ්‍යවකාශයේදී සිද්ධ වුන පිපිරීමත් එක්ක කාලය සහ අවකාශය දිගේ විසිරිලා ගියා. දෙවැනි සීසන් එක පටන් ගන්නේ එතන ඉඳන්.

අපේ වීරයන් දැන් ඉන්නේ එකම කාලයක නෙවෙයි. කණ්ඩායම කොටස් වෙලා විවිධ කාල පරිච්ඡේදවලට විසිවෙලා ඉන්නේ. කතාවේ මුල්ම කොටසින් පෙන්වන්නේ ඔවුන් තමන් සිටින කාලයේදී මුහුණ දෙන අභියෝග සහ නැවත එකතු වීමට දරන උත්සාහයයි. පලවෙනි සීසන් එකේදී ඉඟියක් දුන්නා වගේම, ‘ඇපොකැලිප්ස්’ (Apocalypse) චරිතය මේ පාර කතාවේ ලොකු තැනක් ගන්නවා. විශේෂයෙන්ම ඊජිප්තු පසුබිමක සිද්ධ වෙන දේවල් මගින් කතාවේ බරපතලකම වැඩි වෙනවා.

මේ පාර කතාව ගලාගෙන යන්නේ හරිම වේගවත් විදියට. එක චරිතයක් වෙනුවෙන් ලෝකයක්ම හෝ කාලයක්ම වෙනස් වෙන්න පුළුවන් බව මේ පාර ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම සීසන් එකේ මුල්ම කොටසින්ම අපිට ලොකු හෙළිදරව් කිරීමක්  බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඇත්තම කිව්වොත් මේ පාර සීසන් එකේ බර වැඩි වෙන්න පටන් ගන්නේ පලවෙනි එපිසෝඩ් එකෙන්මයි. ඉතින්, තව දුරටත් කියවන්න ඕනේ නැහැ, ලිපිය කියවන ගමන්ම එපිසෝඩ් එක බලන්න පටන් ගන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් කියන්න අමතක කරන්න එපා.  අනික් කොටස එක්ක එන්නම් ඉක්මනින්.

බුදු සරණයි


X-Men on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

313 downloadsDownload X-Men-97-S02E01.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

313 downloadsDownload Subtitles19 KB

2 comments

  1. නිශාන් සමීර

    ගෙනකම් මග බලාගෙන හිටියේ.
    බොහොම ස්තුතියි සබ් එකට ❤️

  2. Nishantha

    කෝ අනිත් episode wala sub tikath denna bro