Vinland Saga Season 2 Sinhala Subtitles ලේ වැගිරීම් සහ පළිගැනීමේ ක්‍රෝධයෙන් පිරුණු වයිකින්ග්වරුන්ගේ කථා පුවතක් රැගෙන ආ Vinland Saga පළමු අදියර ප්‍රේක්ෂකයන්ව උන්මාදයට පත් කළා ඔබට මතක ඇති. නමුත්, එහි දෙවන අදියර (Season 2) ප්‍රවේශ වන්නේ එතෙක් අප දුටු ඇනිමේ ලෝකයේ සීමාවන් සුණු විසුණු කර දමමින්, මිනිස් ආ…

ලේ වැගිරීම් සහ පළිගැනීමේ ක්‍රෝධයෙන් පිරුණු වයිකින්ග්වරුන්ගේ කථා පුවතක් රැගෙන ආ Vinland Saga පළමු අදියර ප්‍රේක්ෂකයන්ව උන්මාදයට පත් කළා ඔබට මතක ඇති. නමුත්, එහි දෙවන අදියර (Season 2) ප්‍රවේශ වන්නේ එතෙක් අප දුටු ඇනිමේ ලෝකයේ සීමාවන් සුණු විසුණු කර දමමින්, මිනිස් ආත්මයේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන, අතිශය වර්ණනාත්මක සහ සිතුවිලි සසල කරවන වෙනස්ම මානයකටයි. කොටින්ම මිනිසුන් ලෙස සිතන්නට යමක් දෙන, මිනිසුන් තනන අදියරයි මේ ඇරඹෙන්නේ.
Makoto Yukimura ගේ Vinland Saga Manga මාලාවේ Chapter 55-99 අතර දිවෙන කතාව මේ Season 2 තුළට ඇතුළත් වෙමින් සුපුරුදු විදිහට MAPPA Studio ව විසින් මෙහි සජීවීකරණ නිෂ්පාදන කටයුතු සිදුකර ඇති අතර, පසුබිම් ගොවිපළේ සුන්දරත්වය, සෘතු කාලගුණ වෙනස්වීම් සහ චරිතවල මුහුණේ ඉරියව් ඉතාමත් සත්‍යවාදී ලෙස වර්ණවත්ව ප්‍රතිනිර්මාණය කරල තිබෙනවා. එමෙන්ම මෙහි පසුබිම් සංගීතය සහ ආරම්භක/අවසාන ගීත (OST & Themes) කතාවේ හැඟීම්බර බව තීව්‍ර කිරීමට සමත්වී තිබෙනවා. මිනිත්තු 25 බැගින් දිවෙන කොටස් 24 කින් සමන්විත Cours දෙකක් ලෙසින් නිකුත් වුනු මේ Season 2 තුළ, 1-12 කොටස් ඇතුළත් Cour 1 ට ආරම්භක් තේමා ගීතය ලෙසින් Anonymouz විසින් perform කරන “River” ගීතයත් සහ LMYK විසින් perform කරන “Without Love” ගීතය අවසාන තේමා ගීතය ලෙසිනුත්, 13-24 කොටස් ඇතුළත් Cour 2 හි ආරම්භක තේමා ගීතය ලෙසින් Survive Said The Prophet විසින් perform කරන “Paradox” ගීතය සහ haju:harmonics විසින් perform කරන “Ember” ගීතය අවසාන තේමා ගීතය ලෙසින් කතාවට අපූර්වත්වය එකතු කරනවා.

– Vinland Saga Season 2 සඳහා මූලාශ්‍ර වන Manga Book තුන –
මේ සියල්ලම එක්ක Vinland Saga Season 2 IMDB දර්ශකයේ 8.8 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.83 ක ඉහළ අගයක් මේ මොහොත වෙද්දි ලබාගන්න සමත් වී තිබෙනවා. එමෙන්ම Rotten Tomatoes හි 100% ක අගයත් මේ Season 2 ලබාගෙන තිබෙනවා. මෙම ඉහළ අගයන් ලැබූ මේ කතාව Crunchyroll Anime Award 2020 හි Best Drama කාණ්ඩයට, Anime Trending Award 2019 හි Favorite Opening theme, Favorite Ending theme කාණ්ඩ, 2020 දී Action Adventure Anime of the Year, Anime of the Year, Best in Sceneries and Visuals කාණ්ඩ, 2023 දී Favorite Drama කාණ්ඩය, 2024 දී Best Soundtrack යන කාණ්ඩය යටතේ ජයග්‍රණය කර තිබෙනවා වගේම තවත් කාණ්ඩ රාශියකට යෝජනා ලබන්න සමත් වෙලා තිබෙනවා.
මේ Season 2 කතාව ආරම්භ කරන්න කලින් ඔබ Season 1 නොබැලූ කෙනෙක් නම් ඒක මුලින්ම සම්පූර්ණයෙන් නරඹා මේ Season 2 වෙත එන්න.

යුද පිටියේ ලේ සහ කඳුළු අතරින් ඇරඹුණු කතාවේ ප්‍රධාන චරිතය වෙන තෝර්ෆින්ගේ ජීවන අරගලයේ අතිශය හැඟීම්බර සහ ගැඹුරුම පරිච්ඡේදය දිගහැරෙන්නේ Vinland Saga Season 2 හරහායි. පළමු සීසන් එක පුරාවටම වෛරයෙන් සහ පළිගැනීමේ චේතනාවෙන් පමණක්ම ජීවත් වූ තෝර්ෆින්, තමන්ගේ එකම අරමුණ වූ ආෂෙලඩ්ගේ මරණයෙන් පසු අතරමං වූ වෙනස්ම මිනිසෙක් බවට පත්වන අයුරු අපට මෙහිදී දැකගන්න පුලුවන්.
පළමු සීසන් එකේ සිදුවූ කණගාටුදායක සිදුවීම් මාලාවෙන් පසුව, තෝර්ෆින්ව කෙටිල් නම් ධනවත් ගොවිපළ හිමියෙකුට වහලෙකු ලෙස විකුණනු ලබනවා. තමන්ගේ මුළු ජීවිත කාලයම මිනීමැරීමට සහ යුද්ධයට කැප කළ තෝර්ෆින්, දැන් ජීවිතයේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති අයෙක් බවට පත්වෙලයි ඉන්නෙ. ඒත් මේ පාලු ගොවිපළේදී ඔහුට හමුවනවා ‘එයිනර්’ නම් තවත් වහල් තරුණයෙක්. අයිනර්ගේ පැමිණීමත් එක්ක තෝර්ෆින්ගේ ජීවිතය නිරායාසයෙන්ම වෙනස් වෙන්නට පටන් ගන්නවා. තෝර්ෆින්ට කඩුව වෙනුවට අතට ගන්නට සිද්ධ වෙන්නෙ වෙනම දෙයක්, මිනිස්සුන්ව විනාශ කරනවා වෙනුවට පොරබදන්න සිද්ධ වෙන්නෙ වෙනම දෙයක් එක්කයි.
ඒ වගේම Season 1 හි ප්‍රබල චරිතයක් විදිහට නොපෙනුනත් ඉදිරියේදී බලවත් වැදගත් කෙනෙක් විදිහට දකින්න ලැබෙන කිරුල හිමි කනූට් කුමරු මේ Season 2 හිදී තවත් වැදගත් චරිතයක් වෙනවා. Season 1 අවසානයේදී තරමක් බලයක් එක්ක දකින්න ලැබුනු කනූට්, මේ Season 2 හිදී ඔහුගේ අරමුණ වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ යම් යම් පිරිස් එක්ක ගැටෙන විදිහ බලාගන්න පුලුවන්. කනූට්ගේ ක්‍රියාකලාපයන් මොනවද? ඔහුගේ අරමුණ මොකක්ද? සහ ඔහු මොන විදිහේ කෙනෙක්ද කියන කාරණා මේ දෙවන අදියරෙන් දකින්න පුලුවන්.

පළමු අදියරේ තිබුණු වේගවත් සටන් වෙනුවට මෙහි තිබෙන්නේ මිනිස් මනස සහ ආත්මය සුවපත් වන අයුරු පෙන්වන අපූර්ව කතාවක් (Masterpiece of Character Development). “මට සතුරන් නැහැ” (I have no enemies) යන උතුම් දර්ශනය තෝර්ෆින් තේරුම් ගන්නේ මේ සීසන් එකේදීයි. ප්‍රචණ්ඩත්වයෙන් තොර ලෝකයක් සොයා යන ඔහුගේ ගමනට සැබෑ අඩිතාලම වැටෙන්නේ මෙතැනිනුයි. ඒ වගේම තමන්ගේ මට්ටමේ වගේම තමන්ට වඩා ඉහළ මට්ටමේ තවත් චරිත එක්ක තෝර්ෆින් ජීවිතය තේරුම් ගන්නා ආකාරය වගේම තෝර්ෆින්ගෙන් ඒ ඒ චරිත යම් යම් දේවල් දකින විදිහත් මේ කතාව තුළින් අපිට දකින්න පුලුවන්. කොටින්ම මනුස්සයෙක්ට මෙහෙම වෙනස් වෙන්න පුලුවන්ද කියන අරුම පුදුම කාරණාව කතාව තුළින් අපිටම ප්‍රශ්නාර්ථයට නැගෙන දෙයක් වේවි.
ඉතින් මේ Vinland Saga Season 2 හි 1-6 කොටස් දක්වා උපසිරැසි නිර්මාණය හිතවත් පවිත් විජේසූරිය සහෝදරයා අතිනුත්, 7-24 කොටස් දක්වා උපසිරැසි නිර්මාණය මේ ලිපිය ලියන ලංකන් weebs කණ්ඩායමේ මා අතිනුත් නිර්මාණය කෙරුනා. ඉතින් මගේ උපසිරැසි වල රටාව ටිකක් පවිත් සහෝගේ උපසිරැසි මාලාවට වඩා වෙනස් වේවි. නමුත් කතාවක ආවේණික රසාස්වාදයේ අඩුවක් නොවේවි.
ඔබ සටන්කාමී, ලේ වැගිරීම් සහිත ඇනිමේ එකක් පමණක් බලාපොරොත්තුවෙන් Vinland Saga Season 2 නැරඹීමට පැමිණෙන්නේ නම්, ඔබට වැරදෙන්නට පුළුවන්. නමුත්, ඔබ මිනිස් ජීවිතයේ සැබෑ අරුත, වෛරයෙන් මිදෙන හැටි සහ වැටුණු තැනකින් නැගිටින මිනිසෙකුගේ අතිශය ප්‍රබල කතන්දරයක් රසවිඳින්නට කැමති නම්, Vinland Saga Season 2 කියන්නේ ඔබ ජීවිතයේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම විශිෂ්ටතම නිර්මාණයක් (Masterpiece). “සැබෑ වීරයෙක් කියන්නේ කවුද?”, “කෙනෙකුට තමන්ගේ අතීත වැරදි හදාගෙන අලුතින් ජීවිතය පටන් ගන්න පුළුවන්ද?” කියන ප්‍රශ්නවලට පිළිතුරු මේ අපූර්ව කතාව ඇතුළේ සැඟවිලා තියෙනවා. සිංහල උපසිරැසි සමඟින් මේ අසිරිමත් සහ හැඟීම්බර ගමන රසවිඳින්නට අදම එකතු වෙන්න! මිනිසුන් තනන කතාවේ සාක්ෂිකරුවෙක් වෙන්න. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලිපිය – හසරංග නදීෂ
I have No Enemies. Vinland Saga Season 2 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය BluRay පිටපත් සඳහා වලංගු වේ.
168 downloadsDownload Vinland-Saga-S02-E11-E12.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


