2022 වසරේ Summer season එකේදි Netflix ඔස්සේ නිකුත් කෙරුනු Action,Sci-fi,Gore,Psychological කියන Genre වලට අයත් වෙමින්, Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින්, Trigger Studio විසින් නිර්මාණය කරපු, මිනිත්තු 25 බැගින් වුනු කොටස් 10 ක් පුරා දිවෙන Cyberpunk Edgerunners ඇනිමෙ කතා මාලාවේ 7 හා 8 වන කොටස් එ…

2022 වසරේ Summer season එකේදි Netflix ඔස්සේ නිකුත් කෙරුනු Action,Sci-fi,Gore,Psychological කියන Genre වලට අයත් වෙමින්, Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින්, Trigger Studio විසින් නිර්මාණය කරපු, මිනිත්තු 25 බැගින් වුනු කොටස් 10 ක් පුරා දිවෙන Cyberpunk Edgerunners ඇනිමෙ කතා මාලාවේ 7 හා 8 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නේ.
කොහොමද දැන් කතාව ගැන හිතෙන්නෙ.වෙනස්ම ඇනිමේෂන් එක්ක එන වෙනස් ම සංගීතය එක්ක වෙනම ෆැන්ටසියකට යන්න පුලුවන් වුනා නේද? Cyberpunk Edgerunners කතාව බලන අය අතරෙ දැන් හොඳ hype එකක් ගොඬනැගිලා ඇති කියල හිතනවා.ඒත් හොඳම දේවල් තාම ආවෙ නෑ.අපි යමු ඉස්සරහට.
දැන් කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි කෙටියෙන් මතක් කර ගනිමු.
තමන්ගේ අම්මගේ මරණයෙන් පස්සෙ තිබුණු ණයවලින් නිදහස් වෙන්න කියල හිතාගෙන ‘සැන්ඩැවිස්ටන්’ නම් වුනු හමුදා ශ්‍රේණියේ කොඳු ඇට පේළියක් බද්ධ කරගත්තු ඩේවිඩ් මාර්ටිනස්ට ඒ බද්ධ කිරීම නිසා නයිට් සිටි හි ඉන්න සයිබර්පන්ක්වරු එක්ක එකතු වෙලා මෙහෙයුම් කිහිපයකට සහභාගි වෙලා සල්ලි හොයන්න පුලුවන් වුනා.ඒ අතරෙදි කණ්ඩායමේ සාමාජිකයෙක් වුනු ලුසී එක්ක පෙමින් වෙළෙන්නත් ඩේවිඩ්ට පුලුවන් වෙනවා.ඒ වගේම සයිබර්පන්ක්වරු කියල කියන්නේ හොරු විතරක්ම නෙමෙයි, සල්ලිවලට ඕනිම දෙයක් කරන කණ්ඩායමක් කියලත් පසුගිය කොටස්වලින් බලා ගන්න ලැබුනා.මේ අතරෙ සයිබර්සයිකො කෙනෙක්ගේ පහරදීමකින් කණ්ඩායමේ පිලර්ට මැරෙන්න සිද්ධ වුනා.දැන් ආයෙත් කණ්ඩායමට නයිට් සිටි එකේ ප්‍රධාන සමාගම් අතරින් එකක් වුනු ‘අරසාකා කෝපරේෂන්’ එකේ විධායකයෙක් වුනු ටනාකාගෙ පස්සෙන් යන්න සිද්ධ වෙනවා.මේ ලොක්කව අල්ලගන්න එක ලේසි වැඩක් නෙමෙයි නිසා ‘ජිමී කුරොසකි’ කියල කෙනෙක් මාර්ගයෙන් ටනාකාට ළං වෙන්න පුලුවන් කියලා සයිබර්පන්ක් කණ්ඩායම හොයා ගන්නවා.කොහොමහරි ටනාකාව අල්ලගන්න සමත් වෙන අතරෙදි ජිමී කුරොසකි මැරෙනවා.
ඊට පස්සෙ ටනාකාගෙ ස්නායු ජාලයට ඇතුල් වෙලා අවශ්‍ය වුනු දත්ත ගන්න සයිබර්පන්ක් කණ්ඩායම උත්සහ කරනවා.මේ අතරෙදි කණ්ඩායම් නායක මේන් ට සයිබර්සයිකොසිස් හැදිලා ඒ රෝගයේ රෝග ලක්ෂණවලින් පීඩා විඳිමිනුයි ඉන්නේ.අවසානයේ දත්ත ටනාකාගෙන් ලබාගන්න සමත් වෙනවත් එක්ක ම මේන් සම්පූර්ණයෙන්ම සයිබර්සයිකො කෙනෙක් බවට පත් වෙලා මහා කලබගෑනියක් කරනවා.මේ තත්වයෙන් මේන් ව බේරගන්න හදන ඩෝරියෝටත් මේන්ගෙ අතින්ම මැරෙන්න සිද්ධ වෙනවා.අවසානයේදී මේ තත්වය මැඩ පවත්වන්න ආපු NCPD එක,ට්‍රෝමා කණ්ඩායම,මැක්ස්ටැක් කණ්ඩායමත් එක්කම තමන්ට ගැලවීමක් නැති බව දැනගන්න මේන් එතනදි මරාගෙන මැරෙනවා.දැන් කණ්ඩායමෙන් ඉතුරු වෙලා ඉන්නෙ ඩේවිඩ්,ලුසී,රෙබෙකා,කිවී හා ෆැල්කෝ විතරයි.සයිබර්පන්ක් නායකයාගේ මරණය ඒ විදිහට සිද්ධ වෙද්දි කණ්ඩායමේ ඉතුරු අයට ඊළඟට මොනවා වේවිද? ඩේවිඩ්ට මොකක් වේවිද? ඩේවිඩ් ලුසී ආදර කතාවට මොකක් වෙයිද? කතාව මොන පැත්තකට යාවිද? ඔන්න එහෙනම් මේ කොටස් දෙකෙන් බලාගන්න ඊළඟට මොකද වෙන්නෙ කියලා.
කලින් වගේම මේ උපසිරැසිත් 18+ ලේබලය එක්කයි අරගෙන එන්නේ.උපසිරැසිය ගැන අදහස් වගේම ගුණ දොස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.මීළඟ කොටස් දෙකෙන් හමුවෙනකල් හැමෝටම සුභ වේවා! ජය වේවා!
ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
2,261 downloadsDownload C.P-S01-E07-E08.zip2.6 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
6 comments
හිෂාන්
Rashu Fernando
ගොඩාක් ස්තූතී සබ් එකට...
ලංකන් weebs
බොහොම ස්තූතියි.❤️
Anonymous
sub ekata bohoma sthuthiy. digatama sub denna,
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Wednesday (2022) series එකට sub දෙන්නකෝ...