Watch Trailer

Fist of the North Star [S01 : E14] Sinhala Subtitles | ඉරණම විසඳුනු සටන [සිංහල උපසිරසි]

Fist of the North Star Season 01 Sinhala Subtitles මුහුණට මුහුණලා කරන සටන්, ඒ කියන්නෙ අත් පා භාවිතයෙන් කරන සටන් කලාවක් මූලිකව දිග හැරෙන කතාවක් ඇතුළත් Hokuto no Ken මන්ගාව ඇසුරෙන් නිමවී, Remake Series එකක් ලෙසින් කතාව කිසිම වෙනසක් සිදු නොකර ප්‍රතිනිර්මාණය වී 2026 වසරේදී නිකුත් වුනු Fist of the North…

Fist of the North Star Season 01 Sinhala Subtitles

මුහුණට මුහුණලා කරන සටන්, ඒ කියන්නෙ අත් පා භාවිතයෙන් කරන සටන් කලාවක් මූලිකව දිග හැරෙන කතාවක් ඇතුළත් Hokuto no Ken මන්ගාව ඇසුරෙන් නිමවී, Remake Series එකක් ලෙසින් කතාව කිසිම වෙනසක් සිදු නොකර ප්‍රතිනිර්මාණය වී 2026 වසරේදී නිකුත් වුනු Fist of the North Star ඇනිමෙ කතා මාලාවේ 14 කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නේ. ඒ අනුව මේක තමයි Season 1 හි අවසාන කොටස.  ඉතින් මේ කතාව ඇනිමෙ රසිකයන්ට කරන නවීන පන්නයේ මතක් කිරීමක් වේවි.

හැමෝටම කරදරයක් උනු ෆැන්ග් කල්ලිය එක්ක තියෙන ගනුදෙනු අවසන් කරන්න හිතාගෙන කෙන් සහ රෙයි පිටත් උනා. හැබැයි අන්තිමේදි උනේ කල්ලියේම උගුලකට මේ හැමෝම අහු වුනු එක. පුදුමයට කාරණාවක් උනේ මැරුනා කියල හිතපු රෙයිගෙ නංගිවම මේ උගුලේ ඇම විදිහට පාවිච්චි වුනු එක. කෙන්, රෙයි දෙන්නා එක්ක ආපු මමියාත් කල්ලියේ ගොදුරක් බවට පත් උනා. මේ දෙන්නව පරද්දන්න බැරි නිසා කල්ලියට තිබුනෙ එක උපායයි, ඒ තමයි කෙන් සහ රෙයි දෙන්නට දෙන්නා සටන් කරන්න සලස්සලා දෙන්නවම විනාශ කරවන එක. අතිශය මාරක සටන් කලාවන් දෙකක උරුමකරුවන් වුනු මේ දෙන්නාගේ සටන මොන විදිහෙ එකක් වේවිද? ෆැන්ග් කල්ලිය සහ මේ අය අතර තියෙන ගනුදෙනුව ඉවර වෙන්නෙ කොහොමද? මමියා සහ රෙයිගෙ නංගිට මොකද වෙන්නෙ? මේ අවසාන කොටසින් මොකක්ද වෙන්නෙ? බලන්නකො මේ අවසාන කොටස.

ඒ අවසානය එක්ක කතාව මීළඟ අදියරට මතු සම්බන්ධ වෙනවා වගේම ඒ අදියර 2027 දී නිකුත් වන බවට දැනටමත් නිවේදනය කරලයි තියෙන්නෙ. මුලින් කිව්වත් වගේම ස්වර්ණමය යුගයෙන් නැවත ප්‍රතිනිර්මාණය වුනු මේ කතාව සටන් පිරුනු කතාවක් නිසා කතාව කොහෙත්ම කම්මැලි නැති කතාවක් බවට සැකයක් නෑ. ඒ වගේම ප්‍රචණ්ඩත්වය එක්ක මනුෂ්‍යත්වය මුසු මානුෂීය කාරණා සමබරව දිවෙන කතාවක් විදිහට මේ Fist of the North Star හඳුන්වන්න පුලුවන්. මේ උපසිරැසිය නිර්මාණය කළේ  Fist of the North Star HOKUTO NO KEN S01 1080p AMZN WEB-DL DUAL DDP2.0 H.265 (Dual-Audio, Multi-Subs) කියන torrent පිටපතට අනුවයි. ඒ වගේම ඕනිම web වීඩියෝ පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. උපසිරැසි එක්ක කතාව japanese audio එකෙන් නරඹන්න අමතක කරන්න එපා. කතාව ගැන වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟට දෙවන අදියර නිකුත් වුනු කාලයක ඒ අදියරෙන් හමුවෙමු. Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name – The One Who Laughs Last
• Released Date – 2026.06.26

Fist of the North Star Season 01 Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

100 downloadsDownload Fist-of-the-north-star-S01-E14-Sinhala-Subtitles.zip14 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

100 downloadsDownload Subtitles14 KB

0 comments

No comments yet.