Agent Kim Reactivated Sinhala Subtitles ඉතිං ළමයි මම ආයෙත් ආවා. ඔයාලා No Mercy බලන ගමන් නේද.. මේකත් ඒකත් එක්කම බලන්න හොඳ කතාවක්. ඒක නම් විකාශනය වෙලා ඉවර එකක්නෙ. හැබැයි මේක නම් තාම යන එකක්. ඊයෙ තමයි පටන් ගත්තෙ. සෑහෙන කාලෙකින් මේ ඔන් ගොයින් එකක් දෙන්නෙ. කාලෙ ටිකක් එහා මෙහා වෙයි. ඒත් දවස් දෙකේ කොහොම හ…

Agent Kim Reactivated Sinhala Subtitles
ඉතිං ළමයි මම ආයෙත් ආවා. ඔයාලා No Mercy බලන ගමන් නේද.. මේකත් ඒකත් එක්කම බලන්න හොඳ කතාවක්. ඒක නම් විකාශනය වෙලා ඉවර එකක්නෙ. හැබැයි මේක නම් තාම යන එකක්. ඊයෙ තමයි පටන් ගත්තෙ. සෑහෙන කාලෙකින් මේ ඔන් ගොයින් එකක් දෙන්නෙ. කාලෙ ටිකක් එහා මෙහා වෙයි. ඒත් දවස් දෙකේ කොහොම හරි දෙන්න උත්සහ කරනවා. අපි එහෙනම් කතාව බලමු නේද
Agent Kim Reactivated (2026) කියන්නේ කාලයක් තිස්සෙ නිහඬ ජීවිතයක් ගත කරපු අති දක්ෂ රහස් නියෝජිතයෙක් ආයෙමත් භයානක මෙහෙයුමකට කැඳවන කතාවක් වටා ගෙතුන Action Thriller Mystery Crime කතා මාලාවක්. අතීත සිදුවීම්, සැඟවුණු සත්‍යයන් වගේම වර්තමානයේ මතුවෙන අලුත් තර්ජන එකිනෙකට බැඳෙද්දී, හැම කොටසකම අන්තිමට “ඊළඟට මොකක් වෙයිද?” කියන කුතුහලය තමයි බලන අපිට ඉතුරු කරන්නෙ
මෙම කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ Lee Seung Young එතකොට, Jeong Jong-taek සහ Toy දෙන්නා ලියපු Naver Webtoon Manager Kim කතාව ඇසුරෙන් මේකෙ තිර රචනය Nam Dae Joong තමයි කරල තියෙන්නෙ. Fantagio and Studio S කියන සමාගම් දෙක යටතේ නිෂ්පාදනය වුන මේ කතාව, SBS TV හරහා වගේම Netflix හරහා විකාශය වීමට නියමිතයි.
මේකෙ ප්‍රධාන රංගනයෙන් අපිට කාලෙකට පස්සෙ So Ji-sub, දැකගන්න පුලුවන් වෙනව වගේම Choi Dae-hoon, Yoon Kyung-ho, Joo Sang-wook, Son Na-eun, Kim Sung-kyu, Lee Jae-yong, Won Hyun-jun, Park Jin-woo, Jo Bok-rae, Lee Dong-ha, Seo Su-min සහ Yoo Ji-an ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසකුත් එකතු වෙනවා.
So Ji-sub නම් ඉතිං ආයෙ කතාව ගැන මොනව කියන්නද නේද… එහෙනම් අපි බලලම ඉමු.
පලවෙනි කොටස පටන් ගන්නෙ සාමාන්‍ය බැංකු සේවකයෙක් වගේම තමන්ගෙ එකම දුව වෙනුවෙන් ජීවත්වෙන ආදරණීය තනිකඩ තාත්තා කෙනෙක් වෙන කිම් ගෙ දෛනික ජීවිතයත් එක්ක. නිහඬ, ගැටුම් මඟහරින මනුස්සයෙක් විදිහට පේන ඔහුගෙ ජීවිතය පිටතින් සාමාන්‍ය වුනත්, ඔහු කොච්චර දේවල් හංගගෙන ඉන්නවද කියල පුංචි පුංචි ඉඟිත් මෙතනදි හම්බෙනවා.
ඒත් හදිස්සියෙම සිද්ද වෙන දෙයක් නිසා මෙච්චර කල් දාගෙන හිටපු ආවරණය අයින් කරලා මේ කිම් ට සිද්ද වෙනවා පරණ ජීවිතේට යන්න.. ඉතිං අපි ඒ ගැන දෙවෙනි කොටසෙන් දැනගමු.
Agent Kim Reactivated Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,808 downloadsDownload Agent-Kim-Reactivated-S01E01.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Agent Kim Reactivated Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Agent Kim Reactivated S01 Sinhala Subtitles
- #Agent Kim Reactivated Season 01 Sinhala Subtitles
- #Agent Kim Reactivated Sinhala Sub
- #Agent Kim Reactivated Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Advertisement
![Agent Kim Reactivated [S01 : E01] Sinhala Subtitles | අහිංසක තනිකඩ පියෙක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/06/Agent-Kim-Reactivated-S01-2.jpg)



මං ආසම නලුවෙක්….
ස්තූතියි සිස් මේ අලුත් සීරිස්එකට සබ් දෙන්න පටං ගත්තට