MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිචතුර මදුසංකචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසිහොල්මන්

Girl House (2014) | අහිතකර වූ තෘප්තිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 21 votes.
Please wait...

Girl house 2015

තවත් අමුතුම ආකාරයේ තේමාවක් රැගත් සලරුවක් ඔයාලට ගෙනාවා. මේකත් සුපුරුදු පරිදි මට ලබාදුන්නෙ සමීර චතුරංග සහෝදරය, කිව්වා ඉක්මනටම දෙන්න කියලා, ගොඩාක් වැඩ රාජකාරි අස්සේ ඔන්න දවසක් ඇතුළත මේක කරල අහවරක් කරන්න පුලුවන් වුනා,  Horror | Thriller ඝණයට වර්ගීකරණය වෙලා තියෙන මේ සලරුව  එක්තරා විදියක  “අහිතකර තෘප්තියක් “  ගැන තමයි විනාඩි 99ක් පුරාවට දිග හරින්නෙ. එහෙම කියපුවාම ඔයාලට තේරෙන්න ඕනේ. මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු සිනමාපටයක්. මොකද “Girl House “ කියලා වෙබ් අඩවියක් ඔස්සේ සජිවීව නිරුවත්ව චැට් එකේ යෙදෙන කෙල්ලෝ ටිකකට වෙන අකරතැබ්බයක් ගැන තමයි මේකෙන් පෙන්වන්නෙ. ඒක නිසා අතිශයින්ම වැඩිහිටියො විතරක් බලන එක හොඳයි කියල හිතෙනවා. මේකෙන් ඔයාලගේ ජීවිතයට යමක් එකතු කරගන්න පුලුවන් වෙයි. යන්තම් මේ පාරනම් ලංකාවේ අපි Google ඔස්සේ අසැභි දේවල් හොයන තරගයෙන් පලවෙනි තැනට ඇවිල්ලා නැහැ.  J J. ඉතින් මේ අනන්තවත් වූ අසැභි වෙබ් අඩවි ඔස්සේ අසැබි දේවල් කරා යන්නවුන්ට යම් පාඩමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි.

මිනිත්තු 99 ක් පුරා දිවෙන මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Trevor Matthews කියන අධ්‍යක්ෂක වරයා විසින්. මෙහි ප්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්නෙ  Ali Cobrin යි.  IMDb දර්ශකයෙ නම් 5.3/10 වැනි අගයක් තමයි දැක්වෙන්නෙ.

එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්. ප්‍රධාන නිළිය Ali Cobrin ඒ කියන්නෙ කතාවේ හැටියටනම් කයිලි මෙයාගේ තාත්තා  ජීවතුන් අතර නැහැ. අම්මටත් මෙයාගේ අධ්‍යයන වැඩ වලට වියදම් කරන්න තරම් වත්කමක් නැහැ.ඉතින් මේ දේ නිසා මෙයා හිතනවා “Girl House “ කියන වෙබ් අඩවියට සම්බන්ධ වෙලා අතමිට සරු කරගන්න තමන්ගේ විය හියදම් වෙනුවෙන්. ඉතින් මෙහෙම සම්බන්ධ වුනාම තවත් කෙල්ලෝ ගොඩාක් මේකට සම්බන්ධ වෙලා වැඩේ කරගෙන යනවා.මේ වෙබ් අඩවියෙන් කරන දේ ගැන මම කලින් කීවනේ.ඉතින් මේ වෙබ් අඩවියේ ප්‍රධානියා කියන විදියට කිසිම විදියකින් මේ වෙබ් අඩවිය හැක් කරන්න විදියක් නැහැ.ඒ වගේම මේ කෙල්ලො ටික නැවතිලා ඉන්න තැන හොයාගන්න විදියකුත් නැහැ. ඉතින් කයිලි හිතනවා, තමන්ගේ ඇඟ ඉස්සරහින් තියෙන ලැප්ටොප් එකට පෙන්නුවයි කියලා ඒකෙන් එයාට හානියක් නැහැ කියලා. ඔය අතරේ කයිලි නොදැනුවත්ව කයිලිට ආදරේ කරපු කොල්ලෙකුත් මේ වෙබ් අඩවියෙන් මෙයාව දැකලා, පස්සේ ගිහින් හම්බුවෙලා දෙන්න අතර සම්බන්ධයක් ගොඩ නැගෙනවා.ඉතින් මේ අසංවර කෙල්ලො ටිකට වෙන අකරතැබ්බය මොකක් වෙන්න ඇති ද?

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

~ මම ආපහු කවදාවත් තවත් අසභ්‍ය වෙබ්අඩවි  වලටනම් යන්නෙ නැහැ~ 

 

Kite (2014) on IMDb

 

 

[button link=”http://tinyurl.com/mmqbt26″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

11995F3DFD82769F18ECE5BAD94E58410ADFE997
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9351 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/10960640_856667684392271_1323663233_o-e1423460153433.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

57 thoughts on “Girl House (2014) | අහිතකර වූ තෘප්තිය [සිංහල උපසිරැසි සමඟ]