බයිස්කෝප් සිංහලෙන් අඩවියට නිතර ඇවිල්ලා යන ඔබටත් දැන් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. මුලින්ම කියන්න ඕන අප විසින් කිසිදු ගෙවීමක් කරන්නෙ නැහැ මේ වෙනුවෙන්. අප වෙබ් අඩවිය තුලින් උපසිරැසි ලබාදීම සහ ඔබව අපගේ සම්පත් දායකයෙකු ලෙසින් බඳවා ගැනීම යන සියල්ලම නොමිලේ සිදුවන කටයුත්තක්. ඒ සඳහා ඔබට මුලිකවම ඉංග්‍රිසි හෝ දෙවැනුව හින්දි, දමිළ, මලයාලම්, තෙළිඟු, කන්නඩ, කොරියන් ආදී විවිධ භාෂාවන්හි දැනුමක් තියනවනම්, ඔබ බලපු, ඔබේ සිත් ඇද ගත්ත, ලස්සණ ෆිල්ම් එකක් හෝ ටීවී සිරිස් එකක් තියනවනම්, ඒක හැමෝමත් එක්ක සිංහල උපසිරැසි සමඟ බෙදාහදා ගන්න කැමතිද?
එහෙමනම් කරන්න තියෙන්නේ ඔබ රසවිඳපු ඒ ෆිල්ම් එකේ නම සබ්ජෙක්ට් එක ලෙසින් යොදා [email protected] වන අපගේ නිල විද්‍යුත් ලිපිනයට එම සිනමාපටය වෙනුවෙන් උපසිරැසි ගැන්වීමට ඔබට හැකිදැයි අසා ඊ-මේල් පණිවුඩයක් යොමු කරන්න. ඉන්පසුව ඊට අපගෙන් ලැබෙන පිළිතුර අනුව කටයුතු කරන්න. කිසිම විටෙක අපගෙන් එසේ නො-විමසා තම හිතු මනාපයට සිනමාපට තෝරාගනිමින් උපසිරැසි ගැන්වීම් සිදු නොකරන්න. මක්නිසාදයත් ඒ වනවිටත් අප ඒ වෙනුවෙන් උපසිරැසි ගැන්වීම වෙනත් අයෙකුට බාරදී තිබුණහොත් ඔබ විසින් අපෙන් නොවිමසා සිදුකල උපසිරැසිය වෙබ් අඩවියේ පලකිරීමට අපට සිදු නොවනු ඇති බැවිනි. ඉංග්‍රිසි උපසිරැසිය සිංහලට පරිවර්තනය කර ඒ උපසිරැසි ගොණුව සමඟ, දැනට වෙබ් අඩවියේ පළවී ඇති ආකාරයේ ලිපියක් ලියල පහළ තියන ඊමේල් ලිපිනයට එවන්න. (උපසිරැසි යොදන ආකාරය පිළිබඳව විස්තර මෙතනින් බලන්න).
[/box]කිසිදු විටෙක ගූගල් ට්‍රාන්ස්ලේට් වැනි දෑ භාවිතා කරමින් උපසිරැසි පරිවර්තන කටයුතු සිදුනොකරන්න. එවැනි දෑ භාවිතා කරමින් එවන උපසිරැසි අප විසින් භාරගනු නොලැබේ.
ලිපියක තියෙන්න ඕනා කරුණු ගැනනම් දැනට අඩවියේ පළවී තියන ලිපියක් බැලුවාම තේරෙනවනේ. ඒ විදියට තිබුනාම ඇති. හැබැයි ලිපියක් ලියන්න, උපසිරැසි පරිවර්තනය කරන්න කලින් සලකා බැලියයුතු කරුණු කීපයක් නම් තියනවා.. ඒවා තමයි පහත දැක්වෙන්නේ.
ඔබ සිංහල උපසිරැසියක් නිර්මාණය කර අප වෙත එවූ සැනින් පලවීමක් නම් සිදු නොවේවි. මක්නිසාද යත්, අප හැමවිටම අපට උපසිරැසි ලැබුන පිළිවලට තමා අඩවියේ පළකිරීම සිදුකරන්නේ. ඉතින් සමහරවිටක ඔබේ උපසිරැසිය ඔබ අප වෙත එවා දිනක් දෙකක් ගතවී පළවීමට ඉඩ තිබේ.
සැ.යු.: අන් අය විසින් පරිවර්තන කල උපසිරැසි වෙනත් අඩවියකින් ලබාගෙන තමන්ගේ නමින් අප වෙත එවීමෙන් වලකින්න. එය ඒ නිර්මාණය කල අයට කරන බලවත් අසාධාරණයක් මෙන්ම ඔබේ ලැජ්ජා නැතිකම පෙන්වීමකි. එලෙස ඔබ පළමුවර අන් කෙනෙකුගේ එකක් එවා එය හෙලි වූ පසු නැවත ඔබ ඔබගේම උපසිරැසියක් එව්වත් අප එය බාර නොගනී.
මේල් එක එවන විටදී අපේ පහසුව සඳහා මේ කරුනුත් සලකා බලන්න.(වෙබ් අඩවිය සම්බන්ධයෙන් ඕනම විවේචනයක්, අදහසක්, ගැටළුවක්, අප විසින් වැඩි දියුණු කරගතු යුතු දෑ ආදී විවිධ දේවල් මේකට එවන්න!) 🙂
[/box]