Latest
Movies

Sinhala Subtitles for Netflix

Olympia නැමැති ග්‍රහලෝකයකින් පැමිණි සුපිරි බල සහිත පිටසක්වල ජීවීන් පිරිසක්… මිනිසාගෙ අනාගතය සහ පෘථිවිය් අනාගතය සුරක්ෂිත කිරීමට  පිටසක්වලින් පැමිණ  මිනිසා සමඟ පෘථිවි⁣යේ වසර දස දහස්ගණනක් ජීවත් වූ අමරණීය සුපිරි වීරවරයින් දසදෙනෙක්….       
 
 
…… Eternals ……
 
 
 
ඔවුන්ට පෘථිවිය සුරක්ෂිත කරන්නට හැකිවෙයිද? මේ සුපිරි බල සහිත පිටසක්වල ජීවීන් මිනිසුන් සමඟ කොහොම ජීවත් වෙයිද?
මිනිසුන් සමඟ අවුරුදු දහස් ගණනක් ජීවත් වුණු පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන් පෘථිවියට පැමිණි Eternals ලා තෑනෝස්ගෙ Snap එකෙන් පෘථිවිය ආරක්ෂා කිරීමට Avengers ලට උදව් නොකරේ ඇයි?
හැම Marvel fan කෙනෙක්ටම වගේ තිබුන ඒ ප්‍රශ්නෙට ඔයාලා හිතන්නෙ නැති උත්තරයක් Eternals එකෙන් ලැබේවි..
 
 
MCU phase 4 වල Turning Point එකක් විදියට Eternals Movie එක හඳුන්වන්න පුලුවන් .. පලවෙනි වතාවට characters විශාල සංඛ්‍යාවකට origin එකක් දෙන marvel movie එක බවට පත්වෙන Eternals movie එකේ Eternals ලව මුලින්ම comic වලින් දැකගන්න ලැබෙන්නෙ 1976 අවුරුද්දෙ ජූලි මාසෙයෙදි නිකුත් නිකුත් වුන The Eternals කියන Comic Series එක හරහා.. ඒ වගේම තමයි Shang Chi movie එකේදි වගේම Comic වලට වඩා තරමක් දුරට වෙනස්කම් රාශියක්ම තියෙන Movie එකක් වගේම Emotional අතිනුත් Shang Chi movie එකට සමාන මට්ටමක් ගෙන තියෙන movie එකක් තමයි Eternals movie එක.
 
Comic වලට වඩා movie එක හරහා අපිට දකින්න ලැබෙන්න ප්‍රධාන වෙනස්කම් කිහිපයක් තමයි Comic වලදි පිරිමි චරිත වලින් නිරූපණය වුන Ajak  සහ Makkari කියන චරිත කාන්තා නිරූපණයන් වීම සහ Comic වලදී Eternals කණ්ඩායමේ නායත්වය දැරූ Ikaris වෙනුවට Movie එකේදි Eternals නායකත්වය Ajak විසින් දැරීම..
 
2021 අවුරුද්දෙ නොවැම්බර් 05 වෙනිදයින් Theater Release එක ආරම්භ වුන Eternals movie එකට ලැබුන Ratings නම් සතුටුදායක අගයන් වුනේ නෑ.. Rotten Tomatoes හි Tomatoemeter එක 47% වගේ අඩු rating එකක් වගේම IMDb Ratings වලට අනුව 6.8/10 ක අගයක් තමයි මේ Movie එකට හිමි වෙලා තියෙන්නෙ .. Marvel Fans ලා වගේම හැමදෙනෙක්ම ලොකු අවදානෙකින් බලන්හිටපු movie එකක් තමයි මේ Eternals කියන්නෙ.
 
ඉතින් ඒ බලන් හිටපු ප්‍රශ්න වලට උත්තරයක් Eternals movie එකෙන් ලබා දෙයිද? Eternals අනාගතය කොයි විදියට ඉදිරියට ගලාගෙන යාවිද? Eternals movie එක අසාර්ථකයි ද? මේ හැම ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න Eternals movie movie එක සමත් උනාද කියල ඔයාලම feedback එකක් දෙන්න movie බලලා ඉවර උනාට පස්සෙ ඔයාලට movie එක දැණුන විදියත් එක්ක. ඒ කොහොම උනත් ප්‍රේක්ෂකයන්ගෙන් නම් ඒ තරම් negative feedback එකක් ආවෙ නෑ Eternals movie එකට. Origin Story එකක් නිසා සමහර අයට මේ movie එක ටිකක් කම්මැලි වෙන්නත් පුලුවන් , හැබැයි MCU හි මීලඟ අනාගතය Eternals මත රැඳේවි කියල ඉඟි පලකරන්න නම් පුලුවන්.
 
Eternals කියන්නෙ මේ තරම් කාලයකට අපි දැකපු marvel විශ්වය වෙනස් කරන සහ සෑහෙන්න විශාල වෙනස්කම් ගොඩකට මග පාදන movie එකක්, ඒ නිසා Eternals movie එක ගැන ලොකු details කියන්න බෑ මොකද හැම තැනකම ලොකු විස්තර සහ ඉඟි ගොඩක් තියෙන movie එකක් තමයි Eternals කියන්නෙ. Visual Effect ගැන කතා කරොත් ඉතින් හැමදාම වගේ  කියන්න තියෙන්නෙ හැම අතින්ම සුපිරි combination එකක්. Overall movie එක ගත්තොත් visual effects,music අතින් balanced Movie එකක් කිව්වට වැරැද්දක් නෑ
ඉතින් එහෙනම් movie එක Enjoy කරන්න. මතක තියාගන්න මේ Phase 4 එකේ ආරම්භය විතරයි. මේ Movie එකත් ඔයාලට Surprise ගොඩක් අරන් එයි. මතක තියාගන්න, ඔයාලා trailers ටික බැලුවට පස්සෙ හි⁣තුන දේවල් කිසිම දෙයක් නම් මේ movie එකේදි සිද්ධ වෙන්නෙ නෑ. Eternals කියන්නෙ Marvel Fans ලට අලුත්ම සහ වෙනස්ම අත්දැකීමක්..ඒ අත්දැකීම ඒ විදියටම විඳගන්න. ඔයාලටත් මේ වෙනකන් රසවිඳලු marvel movies වලට වඩා වෙනස්ම ආකාරයේ අත්දැකීමක් Eternals movie එකෙන් ලැබේවි. ආ අමතක කරන්න නම් එපා movie එකේ post credit scene දෙකක් තියෙනවා. ඒ නිසා අන්තිම වෙනකන් movie එක බලන්න. Marvel fans ලට නම් ඒ දේ ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනෙ නෑනෙ නේද..
 
 
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල අරියරත්න
                                                     
 
කතාව පැත්තට පොඩ්ඩක් බහිමු එහෙනම් ඉන්දියාවේ චන්දිගඩ් වල ඉන්න කායවර්ධකයෙකුගේ ජීවිතය වටා ගෙතෙන මේ කතාවේ එයාගේ අදිශ්ඨානය වෙන්නේ G.O.A.T තරඟය දිනන එක.මෙයා පිට පිටම පරාද වෙන නිසා ජිම් එකට එන ගනදෙනු කාරයෝ අඩු වෙනවා. ඒක නිසා මේ ජිම් එක පවත්වාගෙන යන්න සහයෝගය දෙන එයාගේ යාලුවෝ දෙන්නාට පුලුවන් කමක් ලැබෙනවා මේ ජිම් එකේ පොඩි ඉඩක් අමතර ආදායමක් විදිහට සුම්බා පන්තියක් කරන ගුරුවරියකට ලබාදෙන්න. පස්සේ මේ කායවර්දන ශිල්පියාට තරුන සුම්බා ගුරුවරිය ගැන ආදරයක් ඇති වෙනවා. ඉතින් මේ දෙන්නා යාලු වෙලා ඊට පස්සේ ඇති වෙන ප්‍රශ්නය මේ කතාවේ ප්‍රධාන මාතෘකාව වෙනවා. ඉතින් ආරාධනා කරනවා නරඹන්න…

 

Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | හංසක නුවන් 
                                                     
 
 
Minnal Murali 2021 සිනමාපටය ගැන එහි නිෂ්පාදකයින් විසින් හෙලිකරන්නට ගත්දා පටන් පුවත් මවන චිත්‍රපටයක් වුණ බව ශ්‍රීලාංකීය මලයාලම් සිනමා රසිකයින් වන ඔබත් හොඳාකාරවම දන්නා කරුණක්!එම කරුණු ගැන මුල සිට මතක් කලහොත් චිත්‍රපටය තිරගත නොකර ඉඳුරාම Ott හරහා නිකුත් කරන බව නිෂ්පාදකයින් විසින් සැලකල විට ඇතිවුණ ගැටළුකාරී තත්වය. විශේෂයෙන්ම චිත්‍රපටය සඳහා විශාල මුදලක් වැයකරමින් සකසා තිබු පසුතලයක් විනාශ කිරීම කැපී පෙනුනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Tovino Thomas ප්‍රකාශ කර තිබුනේ පසුගිය දිනයන් හි කෝවිඩ් 19 වසංගත තත්වය නිසා මුළු රටම වසා දැමු අවස්ථාවේදි ඔවුන් රූගත කිරීම් තාවකාලිකව නවත්වා සිටින අවස්ථාවේදි කල්ලඩි ප්‍රදේශයේ සකසා තිබු පසුතල සැකසුම ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කර ඇති බවත් ඒ සඳහා ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව සහ මෙවන් කටයුතු කිරිමෙන් එම කණ්ඩායම් ලබන තෘප්තිය කුමක්දැයි යන්න තවමත් නොවැටෙහෙන බවයි.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Basil Joseph විසින් වන අතර Sophia Paul මෙය නිෂ්පාදනය සිදුකර තිබෙනවා. චිත්‍රපටයේ කතාව රචනය කර තිබෙන්නේ Arun Anirudhan සහ Justin Mathew විසිනි. මලයාලම්, දමිළ, තෙලෙඟු, කන්නඩා, හිංදි සහ ඉංග්‍රීසි යන භාෂා හයෙන් මෙම චිත්‍රපටය නිකුත් කරනු ලබනවා. ඉඳුරාම නෙට්ෆිලික්ස් හරහා මෙම චිත්‍රපටය නිකුත් කරන නිසාවෙන් මේ සඳහා වාර්තාගත මිලක් නියම වී ඇති බව සිනමා ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. අනුව දශකයේ කතාවක් ලෙස නිමවා ඇති මෙම චිත්‍රපටයෙහි දේශිය පසුබිමක කතාවක් ගලා යනවා. මෙහි ක්‍රියාදාම දර්ශනයන් නිර්මාණය කර ඇත්තේ හොලිවුඩ් සිනමාවේද ක්‍රියාදාම දර්ශන ශිල්පියකු වන Vlad Rimburg සහ ඔහුගේ කණ්ඩායම විසිනි. බොහෝ විට මලයාලම් සිනමාපටයක මෙවන් හොලිවුඩ් නියෝජනයක් වන පලමු අවස්ථාවද මෙය වියහැකියි. සුපුරුදු ලෙසින් චිත්‍රපටයේ අන්තර්ගත කතාව පිළිබඳ කිසිවක් ලිවිමට අදහස් කරන්නේ නෑ. වෙනස්ම අත්දැකීමක් ලබාදෙන නිර්මාණශීලි මලයාලම් සිනමාපටයක් නරඹන ලෙසට නැවතත් ඔබ සැමට ආරාධනා කරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | සදුනි අමා දහරා
                                                     
 
Breaking Bad කියන්නෙ මෑත කාලයෙ ගොඩක් ජනප්‍රිය වුණ ටෙලි කතා මාලාවක්.. ඔන්න ඒක පාදක කරගෙන තමයි මේ EL CAMINO කියන චිත්‍රපටිය නිෂ්පාදනය වෙලා තියෙන්නෙ.. IMDb අගයත් 7.7/10ක් වගේ ගොඩක් ඉහල මට්ටමක තමයි තියෙන්නෙ..
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | සඳුන් දර්ශණ
                                                     
 
නාස්තිකාර සුරූපී කෙල්ලෙක් තමයි කේට් කියන්නේ.ඇයට ජීවිතය ගැන කිසිම අවබෝධයක් නැහැ එක් නත්තල් දිනක ඇයගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා…බොහෝ දෙනෙක් ආදරය කරන Emilia Clarke තමයි මෙහි ප්‍රධාන චරිතය නිරෑපනය කරන්නේ IMBD දර්ශකයේ ඒකක 6.5 අගයක් මෙම චිත්‍රපටය හිමි කරගෙන තිබෙනවා 
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | හංසක නුවන්
                                                     
 
කුන්ජාලී මරක්කාර් කියන්නේ පසුකාලිනව කෝලිකෝඩ් / කැලිකට් හි රජතුමා උන සාමෝරින් රජුගේ හමුදා බලකායේ අද්මිරාල්වරයෙක්,කැල්කට් වර්තමානයේ හදුන්වන්නේ කේරලය ලෙසිනි.. 16 වෙනි ශතවර්ශයේ පෘතුගීසී ආක්‍රමණයන්ට එරෙහිව සටන් කරපු වීරයන් අතරට එක්වන තවත් කෙනෙක් තමයි කුන්ජාලී මරෙක්කර් කියන්නේ..මේ කාලය ඇතුලත කුන්ජාලි මරෙක්කාර්ලා හතර දෙනෙක් ඉදල තියෙනවා..ඉතින් මේ හතරදෙනාගෙන්,හතරවෙනි කුන්ජාලි මරෙක්කාර් ගැන තමයි ඔයාලට අද බලාගන්න පුලුවන් වෙන්නේ, අපි සිංහල උපැසිරැසි  අරගෙන එන Marakkar: Lion of the Arabian Sea චිත්‍රපටිය තුලින්…
 
2021 දෙසැම්බර් 02 නිදා තිරගතවීම ආරම්භ උන මේ චිත්‍රපටියේ,Mohanlal ,Pranav Mohanlal,Arjun ,Suniel Shetty,Prabhu ,Manju Warrier,Keerthy Suresh,Siddique,Kalyani Priyadarshan  ඇතුලු විශාල නලු නිලි කැලැක් දැකගන්න පුලුවන්..
 
කතාව ගැන කිව්වොත්..මම්මාලි කියන්නේ තරුණ වියේ ඉන්න පිරිමි ලමයෙක්,කල වයසත් හරි එකේ මෙයාට කසාදයක් කරල දෙන්න තමයි හැමෝම ලෑස්තිවෙන්නේ..ඉතින් මම්මාලිගේ අම්මාගේ ආශාවක් තියෙනව කදු මුදුනක තියෙන දේවාලෙක මෙයාගේ කසාදේ කරන්න..ඉතින් එවකට රට පාලනය කරන රජතුමාගෙනුත් අවසර අරගෙන,මනමාලයගේ පවුලේ අයයි,මනමාලිගේ පවුලේ අයයි හැමෝම ඒ දේවාලෙට යන්න පිටත් වෙනවා..ඉතින් මෙයාලට යන්න තියෙන්නේ මහා ඝන කැලයක් මැදින්,කොහොම හරි රෑ වෙනවාත් එක්කම මෙයාල ඒ මගම කදවුරු බැදගෙන රෑ ගත කරල උදේට ආයෙත් ගමන පිටත් වෙන්න තමයි හැදුවේ..ඒ සියලුම හීන බොද කරමින් ,එක පාරටම මෙයාලගේ කදවුරට පෘතුගීසින් විසින් පහර දෙනවා…කදවුරේ ඉන්න සියලුම දෙනාව මරාදමන්න පෘතුගීසින් දෙපාරක් හිතන්නේ නෑ..ඉතින් එතනින් එහාට කතාව බලන එක ඔයාලට බාරයි…
 
 
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල අරියරත්න
                                                     
 
ඔන්න අද මම ගෙනාවේ පහුවුන නොවැම්බර් මාසේ 16 released උන වගේම අලුත්ම Netflix කතාවක්..Fantasy/Family ඝනයට අයත් මේ කතාව මේ වෙනකොට නම් IMDb දර්ශකයේ 6.8 ක වගේ ප්‍රමාණයක් ගන්නත් සමත් වෙලා තියනවා…
 
ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියන්නේ Gil Kenan විසින් වගේම Matt Haig විසින් එ නමින්ම 2015 වසරේ නිකුත් කරන ලද පොත මත පදනම්ව තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියන්නේ
ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි නිකොලස්..ඒ වගේම නිකොලස්ට ඉන්නවා මීකා කියලා මී යාලුවෙකුත්.. ඒ වගේම මුල ඉදන්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන කතාවක් තමයි මේක…
 
පැය 1 මිනිත්තු 40 ක වගේ කාලයක් දිවයන මේ කතාව ගැන කිව්වොත්,නිකොලස් කියන සාමාන්‍ය තරුණ පිරිමි ළමයා හිම තියන උතුරට ත්‍රාසජනක ගමනක් ආරම්භ කරන්නේ එල්ව්ස්ගේ ප්‍රබන්ධ ගම්මානය වෙන එල්ෆ්හෙල්ම් හොයා ගන්න ගවේෂණයක යෙදිලා ඉන්න එයාගේ තාත්තව හොයාගන්න. මීකා කියන එයාගේ මි යාළුවත් එක්ක තමයි මේ ගමන නිකොලස් යන්නේ.ඒ යන අතරතුරදී
මෙයාලට තවත් අලුත් යාලුවෙක් එකතු වෙනවා.
 
ඉතින් නිකොලොස්ටයි එයාගේ යාලුවෝ දෙන්නටයි මේ එල්ෆ්හෙල්ම් කියන අපුරු ගම හොයා ගන්න පුළුවන් වෙයිද?
ඒ වගේම එයාගේ තාත්තවත් හම්බවෙයිද? දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා….. එහෙනම් මේ ලස්සන කතාව බලන්න කියල මම ඔයාලටත් ආරාධනා කරනවා…!
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල
                                                     
 
1993 මුම්බායි පිපිරුමෙන් පසු 26/11 ප්‍රහාරයට යොදා ගැනීමට ගෙනා RDX 1000kg න් 600kg ඉන්දියාවේ යම් ස්ථානයක වලදා ඇති බවට බුද්ධි අංශ තොරතුරු සොයා ගන්නා ලදි. තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ඉන්දියානුවන් ලෙස පෙනී සිටින ත්‍රස්තවාදීන් 40 දෙනෙකුගෙන් සමන්විත ජාලයක් පිහිටුවා ඇති අතර, එහි ප්‍රධානියෙකු ලෙස රියාස් හෆීස් නම් කෙරේ.. ඔවුන් වසර දහතුනක් තිස්සේ ඉන්දියාවේ සැඟවෙමින් ප්‍රහාර සැලසුම් කරන ලදි.මෙම චිත්‍රපටය IMBD දර්ශකයේ 6.5 අගයක් හිමිකරගෙන ඇත.
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | හංසක නුවන්
                                                     
 
ඔන්න ඉතින් ඔයාලට අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන කන්නඩ චිත්‍රපටියක්,ඉතින් කන්නඩ චිත්‍රපටි බලන්න ආශා කරන කේන්ක්නම් අනිවාර්‍යෙන්ම මේ චිත්‍රපටිය බලන්න ඇගිලි ගැන ගැන හිටියා කියලනම් කියන්න පුලුවන්…ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ Kotigobba 3 චිත්‍රාපටිය…ඉතින් Kotigobba පලවෙනි චිත්‍රපටිය නිකුත් වෙන්නේ 2001 වර්ෂයේ,මෙය 1995 නිකුත් උන රජිනි කාන්ත්ගේ බාෂා චිත්‍රපටියේ නැවත ප්‍රතිනිර්මානයක්…ඉතින් එහෙම පටන් ගත්තු මේ චිත්‍රපටිය අලුත්ම නැවුම් කතාවක් එක්ක Kotigobba 2 නමින් 2016 දී තිරගතවීම ආරම්භ කරනවා..මෙහි රංගනයෙන් දායක වෙන්නේ ,මේ වෙද්දි ඉන්දියාව පුරාම නමක් දිනාගෙන ඉන්න Sudeep…මේ චිත්‍රපටිය Kotigobba 1 චිත්‍රපටිය අතර කිසිම සම්බන්ධයක් නෑ… Kotigobba 2 චිත්‍රපටිය බලපු කෙනෙක්නම් ඔයා,දන්නවා ඇති ඒකේදී සත්‍යා ශිවා දෙන්නම එකතුවෙලා පොලිසියට එහෙම සෙල්ලම් පෙන්නුවේ කියල…ඉතින් මේ දෙන්නම එක්කෙනෙක් කියල හොයාගන්න පොලිසියට බැරිවෙනවනේ…කොහොම හරි Kotigobba 2 චිත්‍රපටිය ඉවර වෙන්නේ ශිවාව මැරුවා කියල ACP කිශෝර් කියන පොලිස් නිලධරියව අත්අඩංගුවට ගැනීමත් එක්ක…ඉතින් Kotigobba 3 චිත්‍රපටිය පටන් ගන්නේ එතනින්…හිටියේවත් නැති කෙනෙක්ව මැරුවා කියල චෝදනා ලබලා හිරේ ඉන්න ක්‍රිශෝර් සැලසුම් කරන්නේ සත්‍යගෙන් පලිගන්න…ඉතින් ක්‍රිශෝර් කොහොමද සත්‍යගෙන් පලිගන්න හදන්නේ කියල දැනගන්න අරගෙන බලන්න Kotigobba 3 (කෝටියකින් කෙනෙක්)
 
 
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල අරියරත්න, සදුනි අමා
                                                     
 
Playing with fire 2019 කියන්නෙ Comedy, Family ඝණයට අයත් වෙන, Andy Fickma විසින් කළ තිර රචනයකින් සහ Dan Ewen සහ Matt Lieberman විසින් තිරගත කළ අපූරු කොමඩි සිනමාපටයක්. IMBD දර්ශකයේ 5.1 අගයක් මෙම චිත්‍රපටය හිමි කරගෙන තිබෙනවා 
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | හංසක නුවන් 
                                                     
 
Romantic (2021) කියන්නේ ඉන්දියානු, තෙළුගු භාෂාමය චිත්‍රපටයක්. මේක Romance ශාරණයට තමයි
අයත් වෙන්නේ. රඟපාන අය ගත්තම මෙසේයි.
 
Akash Puri as වාස්කෝ ඩි ගාමා..
Ketika Sharma as මොනිකා..
Ramya Krishnan as රම්‍යා ගෝවාර්කර්..
Rama Prabha as මේරි..
Makarand Deshpande as සැම්සන්..
Uttej as ජෝන්..
Sunaina as කැතරින්..
Deviyani Sharma as ඇණී..
 
වාස්කෝ ඩි ගාමා කියන්නෙ දෙමාපියන් නැතුව හැඳුන කෙනෙක්. මැර වැඩ කරලා තමයි සල්ලි හොයන්නේ.දවසක් මෙයාට ලොකු කල්ලියකට එකතු වෙන්න ලැබෙනවා. එහිදී වාස්කෝ නායකයව මරලා ඒ කල්ලියේ නායකයා වෙනවා. මෙහෙම දිගින් දිගටම අපරාධ වෙන නිසා… රම්‍යා ගෝවාර්කර් නම් මුම්බාය මැරයින්ගේ අතු ගා දැමූ ASP කෙනෙක් එනවා වාස්කෝගෙ නගරෙට. ආපු ගමන් රම්‍යා, වාස්කෝව හොයන්න ගන්නවා..
 
මොනිකා කියන්නේ වාස්කෝගෙ නගරේ පොලිසියේ කෙනෙක්ගේ නංගි කෙනෙක්. වාස්කෝ මේ කෙල්ලගෙ පස්සෙන් යනවා දැක්ක වෙලේ ඉදන්ම. මේ ආදර කථාවත් එහෙම ගෙවී යද්දි… රම්‍යා වාස්කෝව අල්ලගන්නත් එනවා.ඔයාලම බලන්නකො මොනව වෙයිද කියලා.. අහුවුනොත් වාස්කෝට එළියට ඒමක් නම් නෑ.
 
සිංදු සියල්ලමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ අපි දෙන්නා එක්ක. එහෙනම් අරන් බලන්නකො මේක. ඩයලොග් වැස්සක් තියෙනවා.. සිංදු නම් නියමයි.
 
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා 
 
උපසිරැසි ගැන්වීම | සදුනි අමා දහරා සහ නුවන් අසේල අරියරත්න
                                                     
 
ඔන්න ඉතින් අද අරගෙන ආවේ ගොඩක් කට්ටිය බලන්න ආශාවෙන් හිටිය දමිල චිත්‍රපටියක්..නොහිතූ වෙලාවක තමයි ඔන්න මේ චිත්‍රපටියේ පිටපතක් අන්තර්ජාලයට එකතු උනේ…ඉතින් අද අරගෙන එන චිත්‍රපටිය තමයි Annaatthe..මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රථිචාර ලැබුනත්,කම්මැලි කමක් නැතිව බලල ඉවර කරන්න පුලුවන් චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්.මිශ්‍ර ප්‍රථිචාර ලැබෙන්න ගොඩක්ම හේතු උනේ මේ චිත්‍රපටියේ කතා තේමාව ගොඩක් දමිල චිත්‍රපටි වලින් දකින්න පුලුවන් උන නිසා…
 
ඉතින් දමිල සිනමාවට ආදරේ කරන කවුරුත් නම කිව්ව පමණින් දන්න Rajinikanth  ප්‍රධන චරිත නිරූපනය කරන මෙහි Nayanthara ,Keerthy Suresh, Meena, Khushbu,Jagapathi Babu,Soori,Prakash Raj වගේ විශාල නලු නිලි කැලැක්ම අපිට දැකගන්න පුලුවන්…
 
ඉතින් කතාව ගැන කිව්වොත්…කලෙයියාන් ,මෙයාට ගමේ හැමෝම ආදරේට කියන්නේ අන්නාතේ කියල,ඉතින් මේ කලෙයියාන්ට නංගි කෙනෙක් ඉන්නවා එයා තමයි මීනාක්ෂී..කාලේයියා එයාගේ නංගිට ගොඩක් ආදරෙයි,මෙහෙම කාලේ ගෙවෙද්දී තමයි මෙයාලගේ ජීවිතේට නට්ටදුරෙයි කියල මැරයෙක් එන්නේ..ඒත් ටික දවසකින් මේ නට්ටදොරෙයි කලෙයියාන්ගේ ගතිගුණ දැකල එයාගේ නංගිව තමන්ගේ ගෙදර ලේලී කරගන්න ආශාවෙන් කලෙයියාන් එක්ක කතා කරන්න එනවා..කොහොම හරි මීනාක්ෂීත් මේ කසාදෙට ඉහලින්ම කැමති වෙනව..ඉතින් දෙපාර්ශවයෙම කැමැත්තෙන් ලෑස්ති කරපු මේ කසාදේ  ,අන්තිම මොහොතෙදී මීනාක්ෂී අතුරුදහන් වෙනව…කසාදෙට කැමැත්තෙන් හිටපු මීනාක්ෂිට මොකක්ද ඇත්තටම උනේ…ඒක දැනගන්න එහෙනම් අරගෙන බලන්න Annaatthe..
 
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා 
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම |  නුවන් අසේල අරියරත්න
                                                     
 

Popular Netflix
TV Series

Sinhala Subtitles for TV Shows

ඔන්න යාළුවනේ මම ඔයාලට අලුත්ම අලුත් කොරියන් නාට්‍යක උපසිරැසි අරන් ආවා. මේ පාර මං ඔයාලට ගෙනාවේ Historical, Romance, Drama ඝනයට අයත් නාට්‍යක්. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ (11 වෙනිදා) තමයි මුල්ම කථාංගය විකාශනය වුණේ. ඉතින් මේ නාට්‍ය මේ වෙනකොටත් KBS2 නාලිකාව ඔස්සේ සඳුදා සහ අඟහරුවාදා දිනවල විකාශනය වෙමිනුයි තියෙන්නේ.(Original Network: KBS2, Netflix) කොටස් 20 කින් යුක්ත මේ නාට්‍යයේ මේ වෙද්දි අවසාන කොටස් ටික තමයි විකාශනය වෙමින් තියෙන්නේ.අවසන් කථාංගය මේ මස මැද භාගයේ (Dec-14 වෙනිදා) විකාශය වීමට නියමිතයි.එක් කොටසක් පැය 1 මිනිත්තු 10ක පමණ කාලයක් ධාවනය වෙනවා. මෙච්චර වෙලා මම ඔයාලට විස්තර කරපු නාට්‍යයේ නම තමයි “The King’s Affection”එහෙම නැත්තම් ”Affection”…..කථාවේ නමෙන්ම ඔයාලට තේරෙනවා ඇතිනේ මේක මොනවගේ කථාවක්ද කියලා.
ඉතින් මම ඒ ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. “රාජකීය පවුල තුළ නිවුන් දරුවන් සිටීම පිළිකුල් සහගත දෙයක්.” “ගැහැණු දරුවෙක් එක්ක ඉපදුණු කුමාරයෙක්…කවුද එහෙම කෙනෙක්ව ර‌ජෙක් විදිහට පිළිගන්නේ?” ඔය විදිහට තමයි කථාව පටන් ගන්නේ. කිරුළ හිමි කුමරිය විසින් නිවුන් දරු උපතක් සිදු කරනවා. එක සමාන පෙනුමැති ගැහැණු දරුවෙක් සහ පිරිමි දරුවෙක්.ඉතින් එකම කුස බෙදාගෙන එකම මොහොතක උපත ලද වරදට ගැහැණු දරුවා(කුමරිය) මරා දැමීමට මහරජතුමා විසින් අණ කරනවා. මහරජතුමාගේ තීරණයට අනුව දරුවා මරා දැමීමට කිරුළ හිමි කුමරියගේ පියා(දැරියගේ සීයා) කටයුතු කරද්දි තම ලෙයින් උපන් දරුවා මරා දැමීමට ඉඩ දීමට බල රහිත කිරුළ හිමි කුමරුට (දැරියගේ පියා) සිදුවෙනවා.කෙසේ හෝ කිරුළහිමි කුමරියේ කූට උපක්‍රමය නිසා පුංචි කුමරියගේ දිවිය රැකෙනවා.මාළිගාවෙන් පිටත දුකසේ හැදී වැ‌ඩෙන කුමරිය හදිසියේම මාළිගාවේ පෙනී සිටිනවා (මෙහෙකාරියක් ලෙස). තමා මෙන් පෙනුමැති මෙහෙකාර දැරිය දුටු කුමරු ඇය සමඟ මිතුරු වෙනවා.සියල්ල දැනගත් කිරුළ හිමි කුමරියගේ පියා දැරිය මරා දමන්න අණ කරනවා. මෙහිදී වැරදීමකින් දැරිය වෙනුවට කුමාරයා මිය යනවා.ඉතින් එතැන් පටන් කුමරුන් විදිහට පෙනී සිටීමට කුමරියට සිදුවෙනවා. මාළිගාවේදී ඇයට(මෙහෙකාරියක්ව සිටියදී) මුණ ගැහුණු ඇගේ ප්‍රථම ආදරය පවා අමතක කරන්න ඇයට සිදු වෙනවා.
මේ විදිහට උස්මහත් වන ඔවුන් හදිසියේම මුණගැහෙනවා….ඉතින් ඔවුන්ගේ නැවත හමුවීම කෙබඳු වේවිද? ඔවුන්ගේ ආදරය නැවතත් දළු දමාවිද?කුමරුගේ (කුමරියගේ) රහස හෙළිවේවිද? ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා…………….. Lee Hwi(ප්‍රධාන නිළිය) ලෙස Park Eun-Bin, Jung Ji-Woon(ප්‍රධාන නළුවා) ලෙස Ro Woon(SF9), Lee Hyun කුමරු ලෙස Nam Yoon-Soo, Kim Ga-On( Lee Hwiගේ ආරක්ෂකයා) ලෙස Choi Byung-chan, Shin So-On (අමාත්‍ය ශින්ගේ දියණිය) ලෙස Bae Yoon-Kyoung, No Ha-Kyung (Lee Hwiගේ බිසව) ලෙස Jung Chae-Yeon (ඔයාලා කවුරුත් දන්න MY First First Love කථාවේ “හැන් සොං-යී”)……… Lee Hwiගේ පවුල – King Hyejong( Lee Hwiගේ පියා) ලෙස Lee Pil Mo, Lee Hwiගේ මව ලෙස Han Chae-Ah,Han Ki-Jae(Lee Hwiගේ සීයා) ලෙස Yoon Je-Moon………. Lee Hwiගේ හිතවතුන් – Kim උසාවි ආර්යාව ලෙස Baek Hyun-joo, නපුංසක Hong ලෙස Ko Kyu-Pil, ආරක්ෂක Yoon ලෙස Kim Jae-Chul, Yang Moon-Soo(රාජකීය උපදේශක) ලෙස Kim In-Kwon, Park Beom-Du(රාජකීය උපදේශක) ලෙස Rho Sang-Bo, Choi Man-Dal ලෙස Kim Min-Seok……… Jung Ji-Woonගේ පවුල – Jung Seok-Jo(Jung Ji-Woonගේ පියා) ලෙස Bae Soo-Bin, මව ලෙස Park Eun-Hae…….. Jung Ji-Woonගේ හිතවතුන් – Bang Jil-Geum ලෙස Jang Se-Hyun, Bang Young-Ji ලෙස Lee Soo-Min, Byulgam Koo ලෙස Heo Jeong-Min…….. රාජකීය පවුල – Lee Hwiගේ මිත්තණිය ලෙස Lee Il-Hwa, Jehyun කුමරු ලෙස Cha Sung-Jae, රැජින( Jehyun කුමරුගේ මව) ලෙස Soo Yeo-Eun, Wonsan කුමරු(Lee Hyun කුමරුගේ සහෝදරයා) ලෙස Kim Taek, Changwoon (Lee Hwiගේ මාමා) ලෙස Kim Seo-Ha…….. රාජකීය උසාවිය – Shin Young-Soo (අමාත්‍ය ශින්) ලෙස Park Won-Sang, No Hak-Soo (Lee Hwiගේ මාමණ්ඩි) ලෙස Jung Jae-Sung, Chungchungun(අමාත්‍ය) ලෙස Son Jong-Hak………. වෙනත් – Lee Hwi(ළමා) ලෙස Choi Myung-Bin, Jung Ji-Woon(ළමා) ලෙස Ko Woo-Rim. මේ නාට්‍යය මේ වෙනකොටත් බොහෝ දෙනා ආදරයෙන් වැළඳගෙන අවසන්.(මමද ඇතුළුව)…. මම හිතනවා ඔයාලත් මේ නාට්‍යට ගොඩාක් කැමති වේවි කියලා. ස්තූතියි!….නැවත හමුවෙමු…..!!
Kingdom යනු 2019 එලිදැක්වූ දකුණු කොරියානු political, period, horror සහ thriller ඝනයට අයත්වන රූපවාහිනී කතා මාලාවකි, එය Kim Eun-hee විසින් නිර්මාණය කර ලියා ඇති අතර Kim Seong-hun සහ Park In-je විසින් අධ්‍යක්ෂණය කරන ලදී. එය 2019 ජනවාරි 25 වන දින තිරගත වූ Netflix හි පළමු මුල් කොරියානු කතා මාලාවයි.
මෙම කතා මාලාව පාදක වී ඇත්තේ Kim Eun-hee විසින් රචනා කරන ලද සහ Yang Kyung-il විසින් අඳින ලද The Kingdom of the Gods යන වෙබ් චිත්‍රකතා මාලාවෙනි. Kingdom ජොසොන් රාජ්‍ය කාලය මත පදනම්ව, එකල ඔටුන්න හිමි කුමරුගේ චරිතය වටා කතාව ගෙතී ඇත. ඔහු තම රට විනාශ කිරීමට පටන් ගන්නා අද්භූත වසංගතයක මූලාශ්‍රය විමර්ශනය කිරීමට සූදානම් වේ. මෙහි Ju Ji-hoon, Ryu Seung-ryong, Bae Doo-na, Kim Sang-ho, Kim Sung-kyu සහ Kim Hye-jun රංගනයෙන් දායක වේ. මෙම කතාමාලාවට IMDB 8.4 ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාරයක් ලැබී ඇති අතර, Season 01 හි Episode 06 කින්ද, 2020 මාර්තු 13 වන දින නිකුත් කරන ලද Season 02 හි Episode 06 කින්ද සමන්විතය. මෙහි විශේෂ කථාංගයක්, “Kingdom: Ashin of the North” ලෙස නම් කර, 2021 ජුලි 23 දින නිකුත් කරන ලදී. මෙම කථාංගය Season 02 හි අතුරු ආවරණයක් ලෙස ක්‍රියා කරයි. Do not think: “කොරියන් ජරාව…” “The Walking Dead එකෙ කොපියක්ද කොහෙද?” “බෝරින්ද දන්නෙ නෑ” මන්ද Kingdom ඔබව පුදුම කරනු ඇත!

සිංහල උපසිරැසි ළඟදීම බලාපොරොත්තුවන්න…