Kill The Messenger (2014) |ඇත්ත නැත්ත.. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ තවත් සුපිරි ඉංග්‍රීසි චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් එක්කම ඔයාලට අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 7/10 ක ඉහල ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ගැරී වෙබ් නැමති පුවත්පත් වාර්තාකරුවාගෙ චරිතය රඟදක්වන්නේ සුපිරි නළු Jeramy Renner විසිනුයි. සම්මාන 3කට නාම යෝජනා ලබපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 2කට අධික බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිපදවපු චිත්‍රපටියක් කියලත් කියන්නම ඕන.
කතාව ගැනත් ටිකක් කියන්නම්. ගැරී වෙබ් කියන්නේ දක්ෂ පුවත්පත් කලාවේදියෙක්. දරුවන් තුන්දෙනෙක් සහ සුන්දර බිරිඳක් සමග ජීවත් වෙන ඔහු තමන්ගෙ රස්සාව ඉතාමත් උනන්දුවෙන් කරගෙන ඉන්නවා. ගැරී විසින් මත්ද්‍රව්‍ය චෝදනා ලද අයගේ දේපල රාජසන්තක කිරීමට විරුද්ධව පලකරන ලිපියක් දකින කාන්තාවක් විසින් ඔහුට අපූරු රහසක් හෙළිදරව් කරනවා. එනම් ඇමරිකාව තුලට මත්ද්‍රව්‍ය හොරෙන් ගෙන එන පුද්ගයෙක් CIA ආයතනයේද අනුදැනුම ඇතිව එම ජාවාරම කරන බවත් ඒ සඳහා තමන් ගාව ලිඛිත සාක්ෂි ඇති බවත් අර කාන්තාව විසින් ගැරීට පවසනවා. එම සාක්ෂි ඔස්සේ පරීක්ෂණ පවත්වන ගැරීට අර කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න ලැබෙනවා. එතන ඉඳලා තමයි ඔහුගෙ ජීවිතේ උඩුයටිකුරු වෙන්න පටන් ගන්නේ.
ඉතින් යාළුවනේ. ගැරී වෙබ් ට අර කාන්තාව ලබා දෙන සාක්ෂි සත්‍ය ඒවා ද? සත්‍ය මොකක්ද කියලා ගැරී වෙබ් ට හෙළි කරන්න හැකියාව ලැබේවිද? ඇත්තටම CIA ආයතනය මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයිද? CIA ආයතනය ගැන විමර්ෂණ කරන එක ගැරීට ලේසි පාසු කටයුත්තක් වේවිද? තමන්ට තර්ජනයක් වෙන සාමාන්‍ය පුවත්පත් කලාවේදියෙක්ට CIA ආයතනය මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වාවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
[button link=”http://tinyw.in/kkb4″ type=”icon” “center” newwindow=”yes”] 817 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/lz5k7c3″ type=”icon” “center” newwindow=”yes”] 1.65 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4327 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
39 thoughts on “Kill The Messenger (2014) |ඇත්ත නැත්ත.. [සිංහල උපසිරසි සමඟ]”