Watch Trailer

A Whisker Away (2020) aka Nakitai watashi wa neko wo kaburu Sinhala Subtitles | වෙස් මුහුණක සැඟවුණු ඇය [සිංහල උපසිරසි]

Nakitai Watashi wa Neko wo Kaburu (Nakineko) හෙවත් A Whisker Away කියන්නෙ 2020 අවුරුද්දෙ මැද වගේ නිකුත් වුණු සහ සෑහෙන්න ජනප්‍රිය වුණු ONA (Original Net Anime) ගණයේ ඇනිමෙ එකක්. ONA කියල කියන්නෙ සිනමාශාලා වල තිරගත නොවී කෙලින්ම අන්තර්ජාලයට මුදා හරින ඇනිමෙ වලටයි. හුගක් වෙලාවට මේ වගේ ඒව Netflix, AmazenP…

Nakitai Watashi wa Neko wo Kaburu (Nakineko) හෙවත් A Whisker Away කියන්නෙ 2020 අවුරුද්දෙ මැද වගේ නිකුත් වුණු සහ සෑහෙන්න ජනප්‍රිය වුණු ONA (Original Net Anime) ගණයේ ඇනිමෙ එකක්. ONA කියල කියන්නෙ සිනමාශාලා වල තිරගත නොවී කෙලින්ම අන්තර්ජාලයට මුදා හරින ඇනිමෙ වලටයි. හුගක් වෙලාවට මේ වගේ ඒව Netflix, AmazenPrime වගේ ස්ට්‍රීමින් සර්විස් හරහා තමා රිලීස් වෙන්නෙ. ඉතින් මේ A Whisker Away ෆිල්ම් එක Netflix හරහ තමා රිලීස් වෙලා තියෙන්නෙ. ඒ 2020 ජුනි මාසෙ 18 වෙනිදා. මේක Colorido ස්ටූඩියෝ එක විසින් තමා නිකුත් කරලා තියෙන්නෙ. හැබැයි ඒ Fuji TV, Toho, BS Fuji, TOHO animation, Universal Music Japan, Fuji Creative, Kadokawa, KDDI, Twin Engine, FILMONY, Dentsu Meitetsu Communications වගේ සමාගම් රැසක නිශ්පාදන දායකත්වය යටතෙයි. ඒ වගේම මේක අධ්‍යක්ශනය කරන්නෙ Junichi Sato, Tomotaka Shibayama කියන දෙන්නා.

මේ කතාව පැය 1 විනාඩි 44ක් ධාවන කාලයකින් යුක්තයි. ඒ වගේම මේක Comedy, Supernatural, Drama, Romance, School වගෙ ශානර යටතට ඇතුලත් කරන්න පුලුවන්. MyAnimeList අඩවියෙ 7.41ක අගයකුත් IMDB දර්ශකයේ 6.7 අගයකුත් වගේම 93% කුණු තක්කාලි අගයකුත් ලබන්න පුලුවන් වෙලා තියනවා.

කතාව පැත්තට හැරුනොත් සසකි මියෝ එහෙමත් නැත්තම් මූගේ කියල කියන්නෙ ගොඩක් ඳඟකාර, කටකාර රණ්ඩු කෙක්කක් වගේ ගෑනු ළමයෙක්. එයාගෙ අම්ම පොඩි කාලෙම එයාව දාලා ගියපු නිසා පොඩි කාලෙ ඉඳන්ම එයාගෙ ඉස්කෝලෙ පන්තියෙ ළමයින්ගෙ විහිළුවට ලක් වෙන්න මෙයාට සිද්ධ වුණා. කොහොමහරි එයාගෙ තාත්ත වෙනත් කෙනෙක්ව විවාහ කරගන්න ලෑස්ති වෙලා ඉන්න කාලෙ වෙද්දි මියෝ කණිශ්ට පාසල් වයසෙ තමා ගත කරන්නෙ. මේ වගේ හේතු නිසා මියෝට හැමෝවම එපා වෙලයි තිබුණේ. එයා හිතන්න පුරුදු වෙලා තිබ්බෙ කවුරුත් එයාට ආදරේ නෑ කියලයි. කොහොමහරි මේ දේවල් සේරම මෙහෙම සිද්ධ වෙද්දි හැමදේම කණපිට හැරෙන්න පටන් ගන්නෙ ගිම්හාන ටෙනෝ උත්සවය දවසෙ මියෝට හම්බෙන පූස් මූණක් තියන තඩි වෙස්මූණු වෙළෙන්දාගෙන් ගත්තු වෙස් මූණක් නිසයි. මොකද්ද ඒ වෙස් මූණ? ඒකෙන් මොකද්ද වෙන්නෙ? එතකොට කවුද හිනොදේ කියන්නෙ? තමුන්ට තියන හැම කරදරයකින්ම ගැලවිලා පැනලා යන්න මියෝට පුලුවන් වෙයිද? එහෙමත් නැත්තම් තවත් ලොකු කරදරේක වැටෙයිද? මේ හැම ප්‍රශ්නෙකටම උත්තරේ දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා.

සැ.යු: ජපානයේ සාමාන්‍ය ව්‍යවහාරයේ නම් වලට පස්සෙ භාවිත වෙන සන්, කුන්, චන් වගේ වචන මම වෙනස් නොකර ඒ විදිහටම උපසිරැසියට ඇතුල් කළා මොකද ඒව නැතුව නියම රහ විඳින්න බැරි වෙන නිසා ඒ නිසා,

  1. කුන් = තරුණ පිරිමි අයව හඳුන්වන්න යොදාගන්න වචනයක්. හරියට ඉංග්‍රීසියෙ එන Mister (Mr.) වගේ. හැබැයි ඊට වඩා තේරුම ටිකක් වෙනස්.
  2. චන් = තරුණ ගැහැනු අයව හඳුන්වන්න යොදාගන්න වචනයක්. හරියට ඉංග්‍රීසියෙ එන Miss (Ms.) වගේ. හැබැයි ඊට වඩා තේරුම ටිකක් වෙනස්.
  3. සන් = ගැහැනු, පිරිමි වෙනසක් නැතුව දෙපිරිසටම භාවිත කරනවා. හුඟක් යෙදෙන්නෙ හැබැයි මැදිවියේ වගේ ඉන්න ගැහැනු අය හඳුන්වන්න.
  4. සාමා = ඉංග්‍රීසි භාශාවෙ Lord, Lady වගේ තේරුමක් තියෙන්නෙ. හැබැයි ඒකම නෙවේ. ගැහැනු, පිරිමි වෙනසක් නැතුව දෙපිරිසටම භාවිත කරනවා.

මේ කතාවෙ කතාවට අමතරව ජපානයේ සංස්කෘතිකාංග ගොඩක් ගැනත් අපිට නොදැනෙන්න ගොඩක් ලස්සනට පෙන්නන්න අධ්‍යක්ශකවරු සමත් වෙලා තියනවා. ජපානයෙ සාම්ප්‍රදායික කුඹල් කර්මාන්තය, ටෙනෝ උත්සවය, ගිම්හාන ගිනිකෙළි උත්සවය, සාම්ප්‍රදායික වෙස් මූණු කර්මාන්තය හා ඒක සමඟ බැදුණු පුරාවෘත කතා වගේ ගොඩක් ඒ අතර තියනවා. කොටින්ම කියනව නම් මේ කතාවත් එහෙම පුරාවෘතයක් එක්ක යන කතාවක්. අනිත් අතින් බලද්දි මේකෙ සිනමාත්මකව ගොඩක් ලස්සන රූපරාමු පිරිලා තියනවා. සරලව කියනව නම් ඇහැට සනීප වර්ණවත් රූපරාමු වලින් පිරිල තියනවා.

ඇනිමෙ කියන්නෙ ලංකාවෙ අයට ඉතින් කොහොමත් කාටුන් මාතෘකාවක්නෙ. එහෙම හිතලා ඇනිමෙ කාටුන් කියලා අතෑරල දාන අය ගැන අයට නම් කියන්න තියෙන්නෙ, I’m so sorry කියලා තමා. මොකද ඇනිමෙ සහ කාටුන් කියන්නෙ අහසට පොළව වගේ පට්ට වෙනස් දේවල් දෙකක් නිසා. කොහොම හරි ඇනිමෙ බලන්න වාසනාවන්ත වුණු අනෙක් හැම කෙනෙක්ටම මේ ඇනිමෙ එක නම් හොඳට බලන්න පුලුවන් වගේම බලලා හොඳට රසවිඳින්න පුලුවන්. මොකද පිටතින් පේන ලස්සන කතාවට ඇතුලෙන් Emotional impact එකක් දෙන්න පුළුවන් හොඳ තේමාවක් වගේම අර්ථයක් මේ කතාවෙ තියනවා. කතාව රසවිඳින ගමන් ඒකත් පොඩ්ඩක් හිතලා බලන්න හොඳේ.

අන්තිමට කියන්න තියෙන්නෙ මේ තමා මගෙ දෙවනි උපසිරැසි පරිවර්තනය. පලවෙනි එක විවිධ හේතු නිසා පළ කරන්න බැරි වුණු නිසා හරියට බැලුවොත් මේක තමා පළවෙනි එක විදිහට සලකන්න වෙන්නෙ. ඒක නිසා උපසිරැසිය බාගෙන යන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් කවදා හරි ආයෙ සබ් එකකින් හමුවෙනකම් බායි වේවා!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත සඳහා අදාළ වේ.

8,049 downloadsDownload A-Whisker-Away-2020.zip90 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මධුසංක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-01-02
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,049 downloadsDownload Subtitles90 KB

45 comments

  1. එල්.සී. දමැල්

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා. පැහැදිලි කිරීමත් ඉතාම හොඳයි.
    දිගටම උපසිරස කරමු.
    ජය. ✌

    1. KasunMadhusanka

      ගොඩක් ස්තූතියි.

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

    1. KasunMadhusanka

      ගොඩක් ස්තූතියි.

  3. Navodani Thilini

    Congratulations for your first sub, great choice ☺☺

    1. KasunMadhusanka

      ගොඩක් ස්තුතියි අක්කේ. මුලින්ම අක්කා සබ් හදපු Promised Neverland එක බලල තමා මාත් කවදාහරි සබ්ටයිට්ල් හදනව කියල හිතාගත්තේ. ඒකටයි මේක සයිට් එකේ පලකරන්න කරපු මගපෙන්වීමටයි දෙකටම ගොඩක් ස්තුතියි

  4. chanu mikhail

    thank u

    1. KasunMadhusanka

      Thank you for your support

  5. kaweesha kalyana

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ.

    1. KasunMadhusanka

      ගොඩක් ස්තුතියි

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. Supun Kaushalya

    පවෙනි සබ් එකට සුබ පැතුම් සහෝ දිගටම සබ් කරන්න

    1. KasunMadhusanka

      ගොඩක් ස්තුතියි

  8. Anonymous

    Tnx bro and good luck..!!

    1. KasunMadhusanka

      Thank you

  9. Yasas Lakshan

    thanx. Good luck bro.

    1. KasunMadhusanka

      Thank you

  10. Mohan chanaka

    Good luck broo.digtm anime walt sub dann

    1. KasunMadhusanka

      ගොඩක් ස්තූතියි

  11. Anonymous

    Puluwnm attack on titan season 4 ekata subtitles dennako loku udawwak❤️

    1. Kasun Madhusanka

      ඒකට ඉදිරියේ දි සබ්ටයිට්ල් ලැබෙයි.

    2. Anonymous

      Thanks

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.

    1. Kasun Madhusanka

      ගොඩක් ස්තුතියි

  13. Pavith Wijesooriya

    උපසිරසිය නම් සුපිරියටම තිබ්බා.බයිස්කෝප් ඔයාලා නිසා තමා මේ වගේ ලස්සන චිත්‍රපටි දන්න සිංහල උපසිරසියෙන් බලන්නේ.බොහෝම සතූතියි මේ වෙන මහන්සියට.ඒ වගේම පලවෙනි උපසිරසියට මගෙනුත් සුබ පැතුම්.ඉදිරියටත් මේ වගේ ලස්සන චිත්‍රපටි වලට උපසිරසි ලබා දෙන්න.ජය වේවා!!!

    1. Kasun Madhusanka

      ගොඩක් ස්තූතියි. :)

  14. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

    1. Kasun Madhusanka

      ගොඩක් ස්තූතියි :-D

  15. Udara Damith Dissanayaka

    ela

    1. Kasun Madhusanka

      ගොඩක් ස්තූතියි. :D

  16. dinuka

    hammo anthime anime walath sub genna patan aran , thank u so much bro, wade digatama karagena yanna , suba

    1. Kasun Madhusanka

      ගොඩක් ස්තූතියි :D

  17. ADITHYA

    දිගටම ඇනිමෙ වල සබ් දාන්න. Good luck

    1. Kasun Madhusanka

      ගොඩක් ස්තූතියි :D

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Kasun Madhusanka

      ගොඩක් ස්තූතියි :D

  19. RaZoR

    Thankx bn sub ekata

    1. Kasun Madhusanka

      ගොඩක් ස්තූතියි :D

  20. Pahasara

    Thankz bn sub ekata....

    1. Kasun Madhusanka

      ගොඩක් ස්තූතියි :D

  21. Anonymous

    thankz oyata anime walata sub denawata.

    1. Kasun Madhusanka

      ගොඩක් ස්තූතියි :D

  22. Anonymous

    ❤️❤️❤️❤️

    1. Kasun Madhusanka

      ගොඩක් ස්තූතියි :D

  23. Anonymous

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.