Watch Trailer

The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]

The End of Oak Street (2026) Sinhala Subtitles

ආයුබෝවන් හැමොටම! ජුරාසික් පාක් වගේ ඩයිනෝසරයෝ ඉන්න ෆිල්ම් බලන්න ආස අපි වගේ අයට ගැළපෙනම ෆිලුමක් තමයි මම අද අරගෙන ආවේ. මේ ෆිල්ම් එක එනවා කියලා දැනගත්තම ගොඩක් දෙනෙක් එනකන් බලාගෙන ඉන්න ඇති කියලා මම හිතනවා. මේ අවුරුද්දේ ක්‍රියාදාම සහ හොරර් ෆිල්ම් සෑහේන ආවත් මේ වගේ සත්තු ඉන්න ෆිල්ම්නම් ගොඩක් අඩුවෙන් තමයි ආවේ. ඔන්න ඒ අඩුව පුරවන්න මේ ෆිල්ම් එකට පුළුවන් වෙයි කියලා මම හිතනවා.

1982 වසරේ මිචිගන්හි ෆ්ලවර්වේල් කියන තදාසන්න නගරයේ ඕක් වීදියේ ජීවත් වෙන ප්ලැට් පවුල වටා තමයි කතාව දිවෙන්නේ. නවකතා කතුවරියක් වෙන්න සිහින දකින ඩෙනිස් ප්ලැට්, එයාගේ සැමියා ග්‍රෙග් ප්ලැට් වගේම ඕඩ්‍රි සහ බ්‍රයන් කියලා දරුවෝ දෙන්නෙක් එක්ක ස්ටාර්බක් කියලා අපූරූ බල්ලෙකුත් මෙයාලගේ ලස්සන සාමකාමී පවුලට ඇතුලත් වෙනවා. හැබැයි මේ සාමකාමී බවනම් පිටින් බලන අයට පේන එකක් මිසක් පවුලේ අභ්‍යන්තරේනම් එහෙම සාමකාමී බවක් නෑ. මොකද ඩෙනිස් සහ ග්‍රෙග් දෙන්නා කොයි වෙලාවේ බැළුවත් රණ්ඩුවක පැටලෙන නිසා දරුවෝ දෙන්නත් ලොකු පීඩනයක තමයි ඉන්නේ.

ඔන්න ඔහොම කාලේ ගෙවද්දි තමයි රෑට රෑට අමුතු ආලෝක කදම්බ වගයක් මේ ඕක් වීදීයේ තැනින් තැන පුරාම ඇති වෙන්නේ. ඩෙනිස්ලගේ අසල්වැසියෙක්ගේ ගෙදර පිටිපස්සේ එක රැයක් ඇතුලත අවුරුදු මිලියන ගාණකට කලින් වඳ වෙලා ගිය ශාකයක් ඉබේම හට ගන්නවා වගේම නගරේ තැනින් තැන අමුතු වෙනස් කම් වෙන බවත් මෙයාලට දැනෙන්න පටන් ගන්නවා. ඉතිං එක දවසක මෙයාලගේ මුළු ප්‍රදේශයටම විදුලිය නැති වෙනවා වගේම මෙයාලගේ බල්ලා ස්ටාර්බකුත් අතුරුදහන් වෙලා කියලා දැනගන්න ලැබෙනවා. බල්ලව හොයන්න කියලා ගෙදරින් එලියට යන ග්‍රෙග් සහ ඩෙනීස්ට දැනගන්න ලැබෙන්නේ වසර මිලියන ගාණකට කලින් මහ පොළවේ ආධිපත්‍ය පතුරවගෙන හිටපු ආගන්තුකයෝ වගයක් ඕක් වීදියට ඇවිත් කියලයි.

ඉතිං මේ ප්‍රාග් ඓතිහාසික දරුණු සත්තු එක්ක සාමාන්‍ය පවුලක් වෙන ප්ලැට් පවුලේ අය සහ ඕක් වීදීයේ වැසියෝ කොහොම සටනක් කරයිද කියන එක දැනගන්න ඔයාලට දැන් අවස්ථාව තියෙනවා. තව දෙයක් කියන්න ඕන මේ ෆිල්ම් එක පාදක කරගෙන තියෙන්නේ භෞතික විද්‍යාවේ wormhole (වෝම්හෝල්) කියල සිද්ධාන්තය ඇසුරෙනුයි. ෆිල්ම් එකේදිනම් මේ ගැන වැඩි විස්තරයක් අපිට කියන්නේ නැති නිසා මම කෙටියෙන් මේ ගැන කියන්නම්.

වෝම්හෝල් එකක් කියලා කියන්නේ අභ්‍යවකාශයේ දුර තියෙන ස්ථාන දෙකක් කෙටි උමඟක් වගේ මාර්ගයකින් සම්බන්ධ වෙන්න පුළුවන් කියන සාපේක්ෂතාවාදය තුළ තියෙන සිද්ධාන්තයක්. ඔයලා ක්‍රිස්ටෝපර් නෝලන් මහත්තයගේ Interstellar ෆිල්ම් එක බැලුවනම් අන්න ඒකෙදි වෙන්නෙත් මේ වගේ දෙයක් තමයි. සරලවම කිව්වොත් අපිට අවකාශය තුල A කියන ස්ථානයේ ඉඳන් B ස්ථානයට යන්න ගතවෙන දීර්ඝ කාලය වෝම්හෝල් එකක් තුළිත් ඉතා කෙටිකාලයකින් යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්ථාන දෙක අතර තියෙන සරල රේඛීය ගමන් මාර්ගය වෝම්හෝල් එක තුළින් කාලය සහ අවකාශය අතර නැමීමක් ඇතිකරලා ඒකට ගත වෙන කාලය අඩුකරනවා කියන සිද්ධාන්තය තමයි වෙන්නේ. හැබැයි මේ ෆිල්ම් එකේදීනම් අපිට පෙන්නන්නේ වෝම්හෝල් තුළින් කාලය අතර පදාර්ථ හුවමාරු වෙන්නේ කියලයි. ඒ නිසා ෆිල්ම් එක රස විඳින්න ඔයාලට මේ සිද්ධාන්ත ගැන වැඩිය හිතන්නේ ඕන නෑ.

ඉතිං ෆිල්ම් එක ගැන කතා කලොත් 6.6ක IMDb අගයක් සහ 86%ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත් මේ නිර්මාණය මේ වෙද්දි සමත් වෙලා තිබෙනවා. ඔස්කාර් සම්මානලාභීනි Anne Hathaway, Ewan McGregor, Maisy Stella සහ Christian Convery රංගනයෙන් දායක වන මේ ෆිල්ම් එක අගෝස්තු 14 වෙනිදා තිරගත වීම ආරම්භ කරලා මේ වෙද්දි ඇ.ඩො. මිලියන 116ක ආදායමක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ෆිල්ම් එකේ ඩිජිටල් පිටපත් නිකුත් උනේ අද බවත් මතක් කරන්න ඕන.

එහෙනම් මගේ වැඩ කටයුත්ත අවසාන නිසා ගිහින් එන්නම්. මට මේ උපසිරසිය බාරදුන්න රවිඳු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. ජය වේවා!

The End of Oak Street (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,112 downloadsDownload The-End-of-Oak-Street-2026.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The End of Oak Street Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

3,112 downloadsDownload Subtitles39 KB

9 comments

  1. Yasiru Kapurusinghe

    Thank you bro!

  2. Sameera Danushka Senanayake

    THANKS BRO. THANKS THANKS THANKS

  3. Sahan Gayantha

    thanks a lot Yuran saho sub ekata

  4. Buddhika laKMal

    ස්තූතියි යුරාන් සහෝ මේකට ආපුගමන්ම සිංහල සබ් එක හදල දැම්මට

  5. Kevin D...

    Thank You !

  6. Sohan Jayasooriya

    පලවෙනි එක මගෙන් ඔන්න.. ඔෆිස් ඇරිලා ගෙදර ආපු ගමන්ම බැලුවෙ මේක දීලද කියලා.. සුපිරියි අයියේ.. තෑන්ක්ස් වේවා හොඳේ ❤️

  7. රුක්ෂාන් ඛාන් (රුකා)

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට. එනකන්ම බලාන හිටපු ෆිලුමක්. ජය ❤️

  8. Anonymous

    Thanks bro

  9. Yash

    Thanks macho