Watch Trailer

Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Knightfall  (2026) Sinhala Subtitles

ඔන්න ඉතින් අද ගෙනාවේ මගේ දසවන (10) උපසිරැසිය.

2026 සැප්තැම්බර් 11 Web පිටපත් නිකුත් වුණු අලුත් සිනමාපටයක උපසිරැසිය අරගෙන. ලන්ඩන් නගරය පසුබිම් කරගනිමින් නිර්මාණය වූ, තත්පරයෙන් තත්පරය කුතුහලය සහ තුවක්කු සටන් පිරුණු British Action Thriller සිනමාපටයක් තමයි Knightfall (2026).

“Everyone’s a Target” (සෑම අයෙක්ම ඉලක්කයකි) යන පාඨය පෙරදැරි කරගනිමින් දිවෙන මෙම සිනමාපටය, අධ්‍යක්ෂ Ben Fortune ගේ අධ්‍යක්ෂණයෙන් සහ Jonathan Sothcott ගේ නිෂ්පාදනයෙන් Shogun Films හරහා 2026 සැප්තැම්බර් 11 වන දින තිරගත කිරීම ආරම්භ කළා.

රංගන දායකත්වය (Cast):
මෙහි ප්‍රධාන චරිතයන් සඳහා ප්‍රවීණ බ්‍රිතාන්‍ය සහ හොලිවුඩ් රංගන ශිල්පීන් රැසක් එක්ව සිටිනවා. හිටපු ජනප්‍රිය ඔත්තුකරුවෙකු වන චාර්ල්ස් නයිට් ලෙස Ian Ogilvy ත්, MI5 ආයුධ තාක්ෂණවේදී රොස් නයිට් ලෙස Jeanine Nerissa Sothcott ත්, ඇගේ පෙම්වතා වන හිව් ලෙස (ජේම්ස් බොන්ඩ් නළු Roger Moore ගේ පුත්) Geoffrey Moore ත් රඟපානවා. ඊට අමතරව Nick Moran (Lock, Stock and Two Smoking Barrels), Michael Paré සහ Robert Cavanah ඇතුළු ප්‍රබල රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන:
MI5 ආයුධ තාක්ෂණවේදිනියක වන රොස් නයිට් (Jeanine Nerissa Sothcott) හදිසියේම තමන්ගේ පෙම්වතා වන හුයි (Geoffrey Moore) මෙහෙයවන රහසිගත Black Ops මෙහෙයුමකට සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ බ්‍රිතාන්‍ය භූමියට තර්ජනයක් වන මාරාන්තික ජීව විද්‍යාත්මක ආයුධයක් (Bioweapon) සොරුන්ගෙන් ලබාගැනීමයි.

නමුත් අවාසනාවකට මෙහෙයුම අසාර්ථක වන අතර, රොස්ගේ පිටුපස සතුරු ඝාතකයන් ලුහුබැඳීමට පටන් ගන්නවා. තමන්ගේ ජීවිතය බේරාගැනීමට වෙනත් මඟක් නැති තැන, ඇය තමන්ගෙන් වෙන්වී සිටි, අතීතයේ දක්ෂ ඔත්තුකරුවෙකු වූ තමන්ගේ පියා වන චාර්ල්ස් නයිට් වෙත යනවා. MI5 පද්ධතිය ඇතුළෙන්ම ක්‍රියාත්මක වන පාවාදෙන්නෙකු සහ සතුරු හමුදාවක් ඔවුන්ගේ නිවස වටලද්දී, පියා සහ දියණිය එකතු වී මාරාන්තික සටනක නිරත වීමට සිදුවෙනවා.

IMDB – 4/10
Rotten Tomatoes – N/A
Duration – 1h 22mins

ඉතින් මුලින්ම රවිඳු හෙෂාන් සහෝදරයා ඇතුලු baiscope.lk ඇඩ්මින් මඩුල්ලටම මම ස්තූති කරන්නම ඕන. මගේ පළවෙනි උපසිරැසියේ ඉඳලා මට උදව් කරපු, comment කරලා මාව දිරිගන්නපු හැමෝවම ආදරෙන් මතක් කරනවා. ඉස්සරහටත් මාත් එක්ක අපිත් එක්ක රැඳිලා ඉන්නවා කියලා හිතනවා. හැමෝටම ජයවේවා! තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු!

Knightfall  (2026) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොහාන් සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-08-24

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Knightfall Sinhala Subtitles

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
33
Downloads
10K
Readers' rating
No reviews yet

"ඔබගේ චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා නැරඹීමේ රසවින්දනය උපරිම කිරිමට ගත් මාගේ උත්සහයකි." My effort to maximize your movie and TV series viewing experience.

Write a review of යොහාන් සම්පත් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

Subtitles

439 downloadsDownload Subtitles41 KB

3 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට සබ් එක දුන්නට..
    10වෙනි උපසිරැසිය වෙනුවෙන් සුබපැතුම්

    Reply
  2. indika 75

    thanks..

    Reply
  3. Udaya

    බොහොම ස්තූතියි සහෝ💐

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.