Varavu (2026) Sinhala Subtitles ආයුබෝවන්. තවත් අළුත් මලයාලම් උප සිරැසියක්. රේටිං එක දැක්කම මට හිතුනෙ ඇයි මේක කරන්නෙ කියලා. ඒත් මේකෙ ප්‍රධාන චරිතය අපි ගොඩක්ම ප්‍රිය කරන නළුවෙක්. ඒ ජෝජු ජෝජ්. ඒ හින්දයි මේක බැලුවෙ. ඒත් දැන් මම හිතන්නෙ ඇයි රේටිං එක මෙච්චර අඩු උනේ කියල.එහෙම තමයි මලයාලි රසිකයො. අපිට නොපෙ…
Varavu (2026) Sinhala Subtitles
ආයුබෝවන්. තවත් අළුත් මලයාලම් උප සිරැසියක්. රේටිං එක දැක්කම මට හිතුනෙ ඇයි මේක කරන්නෙ කියලා. ඒත් මේකෙ ප්‍රධාන චරිතය අපි ගොඩක්ම ප්‍රිය කරන නළුවෙක්. ඒ ජෝජු ජෝජ්. ඒ හින්දයි මේක බැලුවෙ. ඒත් දැන් මම හිතන්නෙ ඇයි රේටිං එක මෙච්චර අඩු උනේ කියල.එහෙම තමයි මලයාලි රසිකයො. අපිට නොපෙනෙන තැනකින් උන් අල්ල ගන්නවා. නළුවා නිළිය අදාලම නෑ. ඒත් මට කියන්න තියෙන්නෙ මේක බලන්න හොඳ එකක්. ටිකක් අමුතු කතාවක්. ඒ වගේම ජෝජුගෙ තවත් ලස්සන රඟ පෑමක්. ඒත් එක දෙයක් කියන්න වෙනවා. ජෝජු ජෝජ් කියන නළුවට එන චරිත වල ඒකාකාරිත්වය එන්න එන්නම වැඩි වෙනවා. ඒ චරිත කොච්චර ලස්සන උනත් ඒක මලයාලම් රසිකයාට ඇති වෙලා ඇති. ඒ උනාට මේකත් බලමු.
කඳුකර ගමක ලස්සනට ජීවත් උන පවුලක්. සහෝදරයො තුනයි, සහෝදරීයි. අම්ම තාත්ත නෑ. ඒත් යම් සිද්ධියක් නිසා ඒ පවුල සී සී කඩ විසිරෙනවා. පවුලේ තාත්තා වගේ හිටපු වැඩිමලා නොකරපු මිනී මැරුමකට ජීවිතාන්තය දක්වා හිරේ යනවා. ඊළඟ සොහොයුරා අතුරුදහන්. තුන් වැන්න ගැන නොකිය ඉම්මු. සහෝදරී නතර වෙන්නෙ කන්‍යා රාමෙක. අවුරුදු හතරක් ගත වෙනවා. වැඩිමලා පැරෝල් එකකින් දින දහයකට ආපහු ගමට එනවා. පැරෝල් එකක් කියන්නේ සිර ගෙදර යහපත් කල් ක්‍රියාවෙන් ගත කරපු කෙනෙකුට නිශ්චිත දින කීපයක් සඳහා අයැදුම් කර ලබා ගත හැකි සහන නිදහස් කාල සීමාවක්. ඒ කාලය හොඳින් ගත කරලා ආපසු සිර ගෙදරට යන්න පුළුවන්.ඉතිං පෝල් ඒ කියන්නෙ වැඩිමලා ඒ වගේ ආපහු එන්නෙ දින දහයක් හොඳින් ගත කරල යන්නද? කොහොම උනත් ඔහු එන හේතුව ගැන සැකයෙන් බලන පිරිසකුත් ඉන්නවා ඔවුන් නිකම් ඉඳීද? ඒ අතරෙ මෙන්න අතුරුදහන් උන සහෝදරයත් මතු වෙනවා. දැන් ගිණි කෙළි බලා ගන්න නම් මේක බලන්න වෙනවා. පෝල් සාමකාමීව පැරෝල් එක අවසන් කරල ආපසු යයිද?
ජෝජු ජෝජ් සමග මෙහි සානි ඊයප්පන්. අර්ජුන් අශෝකන්,මුරලි ගෝපි, බයිජු සන්තෝශ් වැනි අය රඟපානවා. සාජි කයිලාශ් මේ චිත්‍රපටය අධ්‍යක්ශණය කරනවා. ඉතිං පළි ගන්නවා බලන්න කැමති අයට මේක ලස්සන පළි ගැනීමක්. එහෙනම් බලන්න
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Varavu (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
592 downloadsDownload Varavu-2026.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Varavu Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #Varavu (2026) Sinhala Sub
- #Varavu (2026) Sinhala Subtitles
- #Varavu Sinhala Sub
- #Varavu Sinhala Subtitles
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Yasiru Kapurusinghe
ඕෂද එරංග (Era Boy)
ස්තුතියි බන්දුල බොස්.. ඕනෙම කරන එකක් මේක..
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් බන්දුල අයියේ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Supergirl (2026) Sinhala Subtitles | පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම [සිංහල උපසිරසි] [Bluray Update]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Supergirl-cover-OUT.png)
Supergirl (2026) Sinhala Subtitles | පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම [සිංහල උපසිරසි] [Bluray Update]
2026Movie
Thank you bro!