Watch Trailer

Aarakshan (2011) with Sinhala Subtitles | වෙන් කිරීම [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි මං බයිස්කෝප් සයිට් එකට දාන පළමුවෙනි ලිපිය. මෙච්චර දවසක් කමෙන්ට්ස් දැම්ම මිසක් ‍ෆිල්ම් එකක් දෙන්න අදහසක් තිබුණේ නැහැ. ඒ වගේම කවදාහරි ෆිල්ම් එකකට සිංහල සබ් දාන්න ඕනේ කියල හිතන් හිටියත් මම සබ් දාන්නේ කොහොමද කියලා දැනගෙන හිටියෙත් නැහැ. ඔය අතරේ තමයි අහම්බෙන් වගේ උදාර සහෝගේ පෝස්ට් එකකට දාපු කමෙන…

මේක තමයි මං බයිස්කෝප් සයිට් එකට දාන පළමුවෙනි ලිපිය. මෙච්චර දවසක් කමෙන්ට්ස් දැම්ම මිසක් ‍ෆිල්ම් එකක් දෙන්න අදහසක් තිබුණේ නැහැ. ඒ වගේම කවදාහරි ෆිල්ම් එකකට සිංහල සබ් දාන්න ඕනේ කියල හිතන් හිටියත් මම සබ් දාන්නේ කොහොමද කියලා දැනගෙන හිටියෙත් නැහැ. ඔය අතරේ තමයි අහම්බෙන් වගේ උදාර සහෝගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකකින් මේ බයිස්කෝප් එකට සබ් දාන්න උදාර සහෝත් එක්ක සෙට් වුණේ. ඉතිං ඒ හින්දා මං මුලින්ම කැමතියි උදාර සහෝ මට දුන්න සහයෝගයට ස්තූති කරන්න. මොකද එයා හිටියේ නැත්නම් මම කීයටවත් මේ වැඩේට බහින්නේ නෑ.

IMdb රේටින්ග්වල 6.4/10 අගයක් අරගෙන තියෙන මේ නිර්මාණය Drama,Thriller යටතේ තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. ප්‍රකාශ් ජා තමයි මෙහි නිමැවුම්කරු. ගිය අවුරුද්දෙ රිලීස් වුණ අති සාර්ථක Raajneeti ෆිල්ම් එක කළෙත් මෙයාම තමයි. මීට අමතරව මෙහි රංගනයෙන් එකතුවෙන පිරිස ගැනත් පොඩ්ඩක් මතක් කළොත් අමිතාබ් බච්චන්, සයිෆ් අලී ඛාන් සහ දීපිකා පාදුකෝන් වගේ ජනප්‍රිය මෙන්ම දක්ෂ නළු නිළියන් කිහිප දෙනෙකුත් Aarakshan හි රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් අපි දැන් මේකෙ කථාව මොකක්ද කියලත් කෙටියෙන් හරි දැන ගම්මු.

ආනන්ද් ප්‍රභාකර්(අමිතාබ් බච්චන්) කියන්නේ ඉන්දියාවේ තියෙන ප්‍රධානතම කොලේජ් එකක ප්‍රධානියා. මෙයා සුපිරි Maths ලෙක්චර් කෙනෙක්. ප්‍රභාකර් තමන්ගේ හෘද සාක්‍ෂියට එකඟව ඉගැන්වීම් කරන කෙනෙක් වගේම පෞද්ගලික ටියුෂන් ව්‍යාපාර වලට විරුද්ධ කෙනෙක්‌. ඒවගේම දුර්වල ශිෂ්‍යයින් වෙනුවෙන් මෙයා නොමිලේ එයාගේ ගෙදරම ඉගැන්වීම් කරනවා. මේ අතරේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට සහය පල කිරීම නිසා මෙයාට එයාගේ තනතුරින් ඉල්ලා අස් වෙන්න වෙනවා. හැබැයි ඒ සිද්ධිය පිටිපස්සේ ඉන්නෙත් මේ කොලේජ් එකේම ඉහළ තනතුරක් දරන මිතිලේශ් සිං(මනෝජ් බජ්පායි) නැමැත්තායි. එයා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙක්ද වෙනවා. ඉතිං යුනිවර්සිටි එකෙන් අයින් වෙලා ප්‍රභාකර් ආනන්ද් එයාගේ බිරිඳ හා පූර්බී(දීපිකා පදුකෝන්) කියන එයාගේ දුවත් එක්ක එයාලට අයිති ගෙදරට යනවා. ඒත් ඒ වෙනකොට ප්‍රභාකර්ට එයාගේ ගේත් අහිමිවෙලා. ඔන්න ඉතිං ඊට පස්සේ කතාව වෙනම පැත්තකට යනවා. එහෙනම් ඒ ටික ඔයාල මේ ෆිල්ම් එක බලලම දැන ගන්නකො…

මේ අවුරුද්දේ අගෝස්තුවලදි රිලීස් වුණ Aarakshan ‍ෆිල්ම් එක ඉන්දියාව තුළ බොහෝ ආන්දෝලනයකට ලක් වුණු නිර්මාණයක්. ‍ෆිල්ම් එක හරහා විවෘතවම ඉන්දියානු කුල ක්‍රමයට පහරදීම මීට හේතු වුණා. මේ හේතුවෙන්ම ‍ෆිල්ම් එක ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම ප්‍රදර්ශනය පවා තහනම් කළා. මීට අමතරව එරට අධ්‍යාපනය බරපතල විදිහට වාණිජකරණයට ලක්වෙලා තියෙන අන්දමත් ‍ෆිල්ම් එකෙන් වඩාත් හොඳට පෙන්නුම් කෙරෙනවා.

එහෙම නම් ඉතිං කට්ටියට මේක බාගෙන බලන්න කියල ආරධනා කරන ගමන් කරදරයක් නැත්නම් කමෙන්‍ටුවකුත් දාල යන්න කියල කියන්න කැමතියි. එහෙම වුණොත් ඒක අපේ මහන්සියට ලැබෙන ලොකු දෙයක් වෙයි. ගිහිං එන්නම්. හැමෝටම ජයවේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සාරංග ලියනගම” සොහොයුරාට සහ “කේ.යූ.ජී.උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

73 comments

  1. Isira

    අද මම 1.
    අනිවා බානවා..........

  2. chathurabuddi

    1st!

  3. chathurabuddi

    2nd!

  4. ච්න්තක

    onna math banna damma. sinhala sub walata godak thank...........

  5. lishan

    hoda sinama niramana labadenna thawath shakthiya labewa... obata jaya

  6. uda

    මරු සහෝ, මේ වගේ හැංගිච්ච හොඳ කතා සිංහලෙන් ගේනවට හුඟක් පිං!
    විශේෂයෙන්ම ඉංග්‍රිසි නොවන ඒවා!
    කියල තියෙන විදිහට මේකේ කතාව ආපේ රටටත්; අපටත් හුඟාක් සමීපයි වගේ එක පැත්තකින්(Tution...!!!)

  7. rushan

    links not working...

  8. chkz

    ඔන්න අපිත් බානවෝ ....ජය වේවා .!!!!
    සාරංග ලියනගම සහ කේ.යූ.ජී.උදාර කොල්ලන්ට හුරේ .!!!!!

  9. AL1717

    Thanks machan Onna Mamath meka Baganna gaman
    Sinhala Sub Ekata Patta Thanksssssssss

    Jaya Wewwaaaa

  10. dileepa

    thanks macho thanks

  11. රාම් රාජ්

    පලමු උප සිරැසි දායකත්වයට අපගේ ස්තූතිය. දිගටම අපිත් එක්ක ඉන්න.අපිට දිගටම සබ් දෙන්න. අපි ඉන්න වා කමෙන්ට් කරලා උත්සහය අගය කරන්න.

  12. praveen

    ela ela

  13. darshi

    Thanks....Keep it Up

  14. chamila

    thanks...

  15. DiN3sH

    හින්දි නම් ඉතින් කියලා වැඩක් නෑ.. ෆිල්ම් එකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි..

  16. පොලා

    onna kolla awoo...!!! mara mara mara...

  17. theek

    හොද වැඩක් මචන් ... ඉදිරියටත් මේවගේ දේවල් අපි බලාපොරොත්තු වෙනවා....'
    සුබ ඇ

  18. Anonymous

    nice flm ekak wage going to ba ganna

  19. mudiya

    මැක්ස ෆිල්ම් එකක් වගේ. සාරංග ලියනගම සහ කේ.යූ.ජී.උදාර සහෝලට ‍ගොඩක් පිං මේ වගේ ෆිල්ම් වලට සබ් දාල අපිට දෙනවට.බොහෝ.............ම ස්තූතියි...!

  20. Suneth

    THANKS MACHAN

  21. Akalanka Yapa

    හොද වැඩක් මචන් …
    පලමු උප සිරැසි දායකත්වයට අපගේ ස්තූතිය
    ෆිල්ම් එකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි..

  22. kani

    maxxxxa macho keep it up

  23. iMesh

    Ravana - Tamil Film eka daannako

    Anika Hindi Walata Wada Tamil films hungak lassanai

  24. හශාන්

    එල ආ..........

  25. Nimal

    thanks saho........

  26. sanju

    thanx

  27. Chanaka

    machan saranga maxa hodada..........
    dihatama wade karapan
    niyamai
    dan me apit banna patan gataaaaaaaa

  28. cc

    adow mata deepika inna film 1k mata miss unada?? :O thnkz machn apita miss wechcha hoda film 1k sub ekkama laba dunnata. idiriyatat me wage hoda ewa apita denna. thnkuuuuuuuu

  29. iresha99

    thanks aiya lassana film ekak mamat godak asa film ekak jaya wewa

  30. ඉසුරු උදාන

    මේකනම් සුපිරි චිත්‍රපටියක්. මම මේක එක සැරයක් බැලුව. ඒත් ආයිත් සිංහල සබ් එක්ක බලනවා. බොහෝම ස්තූතියි සාරංග සහ උදාර සහෝලට..... ජයවේවා :D

    හැමෝම මේක අනිවා බලන්න :)

  31. Asabha

    ela ela...thankx

  32. me

    Thanks

  33. සාරංග ලියනගම (Saranga)

    කමෙන්ට් කරපු ඩවුන්ලෝඩ් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි.ඔයාලගේ දිරි ගැන්වීම් ලොකු හයියක්.තව හොඳ නිර්මාණයකට ඉක්මනටම සබ් දෙන්න බලන්නම්.

  34. Chanuka

    Thx bro...

  35. shiwantha

    thanx machan

  36. Ameera..

    ගොඩක් ස්තූතියි.........!!!!!!!!

  37. mihiran

    thankas macho film ekata.sinhala subwalata godak thanx.thawa lipi pelak idiriyata linna hakiwewai prarthana karanawa!!!!!!!!!!!

  38. chinthaka

    onna download kala. thanx machan mahansi wela sub demmta. thanx

  39. n

    onna math banawoooooo

  40. Anonymous

    niyamai yaluva tava o ne

  41. Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)

    හොඳ බයිස්කොප් එකක් වගේ.. බොහොම ස්තූතී...

  42. Nishantha

    thanx for sinhala sub

  43. dulaj

    elazzzz film!

  44. Dinuka

    බොහොම ස්තූතියි ෆිල්ම් එකට………!!!!!!!!

  45. විකියා

    ලගදී බලපු සුපිරිම බයිස්කෝප් එක.කියන්න වචන නෑ...නියමෙටම සබ් දාලා තියෙනවා.. :) .ඇත්තටම අද කාලෙට උචිත දෙයක් ගැන හිතට වැදෙන විදියට කතා කරලා තියෙනවා...

    මේ වගේ නිර්මාන වලට ඉස්සරහටත් සබ් දෙන්න...

    ජයෙන් ජය~!

  46. niluka

    thanks bro,

    My favorites are Hindi movies with sinhala sub.

    Jaya weva

  47. kanishka

    pattai .ela ela all the best

  48. Tisa හාමි

    thnkx

  49. Irshad Haniffa

    thx bro gud work

  50. shani

    maath download karagena baluwa.film eka harima lassanai. mama hithuwe na meka mechchara ekmanata balanna labei kiyala. ethin film & sin sub walatai godak thanx.

Load more comments