Watch Trailer

Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]

Wikipedia

ආයුබෝවන්. තවත් අළුත් මලයාලම් උප සිරැසියක්. රේටිං එක දැක්කම මට හිතුනෙ ඇයි මේක කරන්නෙ කියලා. ඒත් මේකෙ ප්‍රධාන චරිතය අපි ගොඩක්ම ප්‍රිය කරන නළුවෙක්. ඒ ජෝජු ජෝජ්. ඒ හින්දයි මේක බැලුවෙ. ඒත් දැන් මම හිතන්නෙ ඇයි රේටිං එක මෙච්චර අඩු උනේ කියල.එහෙම තමයි මලයාලි රසිකයො. අපිට නොපෙනෙන තැනකින් උන් අල්ල ගන්නවා. නළුවා නිළිය අදාලම නෑ. ඒත් මට කියන්න තියෙන්නෙ මේක බලන්න හොඳ එකක්. ටිකක් අමුතු කතාවක්. ඒ වගේම ජෝජුගෙ තවත් ලස්සන රඟ පෑමක්. ඒත් එක දෙයක් කියන්න වෙනවා. ජෝජු ජෝජ් කියන නළුවට එන චරිත වල ඒකාකාරිත්වය එන්න එන්නම වැඩි වෙනවා. ඒ චරිත කොච්චර ලස්සන උනත් ඒක මලයාලම් රසිකයාට ඇති වෙලා ඇති. ඒ උනාට මේකත් බලමු.

කඳුකර ගමක ලස්සනට ජීවත් උන පවුලක්. සහෝදරයො තුනයි, සහෝදරීයි. අම්ම තාත්ත නෑ. ඒත් යම් සිද්ධියක් නිසා ඒ පවුල සී සී කඩ විසිරෙනවා. පවුලේ තාත්තා වගේ හිටපු වැඩිමලා නොකරපු මිනී මැරුමකට ජීවිතාන්තය දක්වා හිරේ යනවා. ඊළඟ සොහොයුරා අතුරුදහන්. තුන් වැන්න ගැන නොකිය ඉම්මු. සහෝදරී නතර වෙන්නෙ කන්‍යා රාමෙක. අවුරුදු හතරක් ගත වෙනවා. වැඩිමලා පැරෝල් එකකින් දින දහයකට ආපහු ගමට එනවා. පැරෝල් එකක් කියන්නේ සිර ගෙදර යහපත් කල් ක්‍රියාවෙන් ගත කරපු කෙනෙකුට නිශ්චිත දින කීපයක් සඳහා අයැදුම් කර ලබා ගත හැකි සහන නිදහස් කාල සීමාවක්. ඒ කාලය හොඳින් ගත කරලා ආපසු සිර ගෙදරට යන්න පුළුවන්.ඉතිං පෝල් ඒ කියන්නෙ වැඩිමලා ඒ වගේ ආපහු එන්නෙ දින දහයක් හොඳින් ගත කරල යන්නද? කොහොම උනත් ඔහු එන හේතුව ගැන සැකයෙන් බලන පිරිසකුත් ඉන්නවා ඔවුන් නිකම් ඉඳීද? ඒ අතරෙ මෙන්න අතුරුදහන් උන සහෝදරයත් මතු වෙනවා. දැන් ගිණි කෙළි බලා ගන්න නම් මේක බලන්න වෙනවා. පෝල් සාමකාමීව පැරෝල් එක අවසන් කරල ආපසු යයිද?

ජෝජු ජෝජ් සමග මෙහි සානි ඊයප්පන්. අර්ජුන් අශෝකන්,මුරලි ගෝපි, බයිජු සන්තෝශ් වැනි අය රඟපානවා. සාජි කයිලාශ් මේ චිත්‍රපටය අධ්‍යක්ශණය කරනවා. ඉතිං පළි ගන්නවා බලන්න කැමති අයට මේක ලස්සන පළි ගැනීමක්. එහෙනම් බලන්න

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

9 downloadsDownload Subtitles30 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.