Watch Trailer

Baghban (2003) with sinhala subtitles | ඔබට ඔබ ගොඩනැගු පවුලෙන් යැපිය හැකිද..?[සිංහල උපසිරසි සමඟ]

තරිඳු රුක්ෂාන් සොහොයුරාගේ ලිපිය… බයිස්කෝප් සිංහලෙන් රසිකයින් හට අරුත්බර දිනකට සුබාසිරි..! වෙනදාක් මෙන් මා අද දින අඩවියට ගොඩවන්නේ ඉතා ආදර්ශමත්වුත් ගුණාත්මකවූත් අද සමාජයට වඩාත් ගැලපෙන කතා වස්තුවකින් සමන්විත සිනමා නිර්මාණයක්. මෙම චිත්‍රපටය තෝරාගැනීමේදි මා සැලකිලිමතවු කරුණු අතරින් මුල්ම කරුණු හොවා දැක්…

තරිඳු රුක්ෂාන් සොහොයුරාගේ ලිපිය…

බයිස්කෝප් සිංහලෙන් රසිකයින් හට අරුත්බර දිනකට සුබාසිරි..! වෙනදාක් මෙන් මා අද දින අඩවියට ගොඩවන්නේ ඉතා ආදර්ශමත්වුත් ගුණාත්මකවූත් අද සමාජයට වඩාත් ගැලපෙන කතා වස්තුවකින් සමන්විත සිනමා නිර්මාණයක්. මෙම චිත්‍රපටය තෝරාගැනීමේදි මා සැලකිලිමතවු කරුණු අතරින් මුල්ම කරුණු හොවා දැක්වීමේදි කිවයුතුයි මෙහි සල්මාන් ඛාන් (මාගේ ප්‍රියතම නළුවා ) සිටීම සහ මෙම සලරුව අප අඩවියේ චිත්‍රපට සංචිතයේ නොමැතිවීම මා දුටු විශාල අඩුපාඩුවක්ද වූවා.! එසේ නම් අප ඇඩ්මින් මඩුල්ලට මෙම චිත්‍රපටය වෙන්කර දීම සැබැඳිව ස්තූතිවන අතර චිත්‍රපටයේ ඉතිරි දෑ පිළිබද විමසා බලමු.

2003 වර්ෂයේ ඔක්තෝම්බර් මස 03 දින එනම් අද දිනට වසර 14 කට පෙර තිරගතවු ජාත්‍යන්තර චිත්‍රපට දත්ත ගබඩාවේ (imdb) හි 10/7.5 ක අගයක් හිමිකරගත් සිනමා නිර්මාණයක් මෙහි අධ්‍යක්ෂනය රවී චොප්රා විසින් සිදුකර ඇති අතර මෙහි නිෂ්පාදනය බි.ආර් චොප්රා විසින් සිදුකර තිබෙනවා රංගනය අමිතාබ් , සල්මාන් ඛාන් , හේමා මාලනී යන නළු නිළියන් විසින් සිදුකර ඇති අතර මෙහි කතාව දෙසට අවදානය යොමුකලහොතින් අප හට දැකගත හැක්කේ තම හැදුවැඩු ආදරණීය දෙමාපියන් වයසට ගිය කල දරුවන් විසින් සිදුකරනා වෙනස්කම් නෙහොත් දරුවන් විසින් තම දෙමාපියන්ට ඉටුකල යුතු වගකීම් සහ යුතුකම් පැහැර හරින සිදුවීමක් සැබැඳි කතාවකි. රාජ් මල්හෝත්‍රා යනු පිරිමි දරුවන් සිව්දෙනෙකුගේ පියෙකි ඔහුගේ බිරිඳ පූජා මල්හෝත්‍රායි මොවුන් දෙදෙනා දරුවන් කුඩා කල කෙතරම් බාදා දුක් කම්කටොළු තිබුනත් තම දරුවන්ට කිසිදු අඩුපාඩුවක් නොකොට උස්මහත් කොට සමාජයේ පිළිගන්නා ස්ථානකරා යොමුකොට විශ්‍රාම සුවයෙන් ජීවිතයේ සැදෑසමය ගත කීරිමට බලාපොරොත්තුව සිටින උදාරතර පිතෘවරයකි..! කෙසේ නමුත් මොහු සිතනා ආකාරයට තම දරුවන්ගෙන් සුභදායි පිළිතුරක් එයට නොලැබෙන අතර තමන් පණමෙන් නොහොත් දෙදෙනකු නොව එකෙකුයැයි සිතමින් කාලය ගෙවු ප්‍රිය බිරිඳ වන පූජාගෙන් පවා ඈත්ව යෑමට තරම් අවාසනාවන්ත අන්ධකාරී ඉරණමකට මුහුණ දීමට මොහුට සිදුවනවා. සය මසක් එසේ ජිවත්වන රාජ් මහතා සහ ඔහුගේ ප්‍රියාදර බිරිඳ වන පූජා ගේ අන්ධකාරයෙන් පිරිගිය ජීවිත වලට ආලෝකයක් ගෙන කෙනෙකු පැමිණෙනවා ඒ තමයි ආලෝක් රාජ් කෙටියෙන් කතාව එලෙසය.!! තවත් බොහොමයක් සිදුවීම් රාශියකින් සමන්විත මෙම සිනමා සිත්තම නරඹා යම් ආදර්ශයක් තම ජිවිත වලට ඇතුලත් කරගන්නා මෙන් මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිමින් අදට සමුගන්නවා..! (ඔබගේ වටිනා අදහස් උදහස් දක්වා යෑමට කාරුණික වන්න)

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!!

 

අකලංක යාපා සොහොයුරා විසින් පෙර පළකරන ලද ලිපිය…

මම බයිස්කෝප් අඩවියට සම්බන්ධ වෙලා ගොඩ කාලයක් උණාට මම තවමත් ලිපියක් ලියලා නෑ. මේ මගේ පළවෙනි ලිපිය. මම මගේ පළවෙනි ලිපිය විදියට තෝර ගත්තේ මම ඉතාමත් කැමති චිත්‍රපටියක්. මම මගේ දෙමව්පියන්ට ගොඩක් ආදරෙයි. මම දන්නවා ඔයාලත් ඔයාලගෙ දෙමව්පියන්ට ගොඩක් ආදරෙයි කියලා. ඒ නිසාම තමයි මම තීරණය කරේ මගේ කුළුදුල් ලිපිය විදියට දෙමව්පියන් ගැන ඉතාමත් අපූරුවට කියැවෙන මේ බයිස්කෝප් එක ඔබ වෙතට ගේන්න.

මම මේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. වැඩි විස්තර කියන්නෙ නැහැ මොකද මෙච්චර ලස්සන චිත්‍රපටියක් ගැන මම විස්තර කියන එක සුදුසු නැහැ. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ රවි චොප්ර විසින්. මෙහි ප්‍රධාන චරිත නිරූපණ කරන්නෙ අමිතාබ් බච්චන්, හේමා මාලිනි, සල්මන් ඛාන්. මේක විනාඩි 183 ක් පුරාවට දිවෙන චිත්‍රපටයක්.

මේ කතාව පටන් ගන්නෙ ලස්සන පවුලක්, ඒ කියන්නෙ දරුවන් හතර දෙනායි අම්මයි තාත්තයි කොයි තරම් සතුටෙන් සමගියෙන් ඉන්නවද කියලා අපිට පෙන්නල දෙමින්. මේ තාත්තා තමන් සතු හැම දෙයක්ම නිර්ලෝභීව තමන්ගෙ දරුවන් වෙනුවෙන් වැය කරනවා. මොකද මේ තාත්තට තමන්ගෙ දරුවන් පිළිබදව තියෙන්නෙ පුදුමාකාර විශ්වාසයක්. මේ දරුවන් මෙම විශ්‍රාමික දෙමව්පියන්ගේ එම විශ්වාසය ඒ විදියටම තබයිද? නැත්නම් ඔවුන්ට කාගේ පිහිටක් ලැබෙයිද? නැතිනම් ඔවුන් වෙනත් මාර්ගයක් තෝරා ගනීද? බය නැතුව බාගෙන බලන්න හිතට දැනන ෆිල්ම් එකක්. මේක බලපු පළවෙනි පාර මට කදුළුත් ආවා. කමෙන්ට් එකකුත් දාලම යන්න.

ජය වේවා!!!!!!!

 

Baghban (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,599 downloadsDownload Baghban-2003.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

2,599 downloadsDownload Subtitles75 KB

54 comments

  1. Numesh Dilusha (Nuke Dilate)

    හුරෙ අඩ මම එක

  2. chamath

    onna ada ma 1st,onna saho mekath baganaawa.sho apita phirana 3d ekath denna ok nd resident evil after life ekath ok thanks ok

  3. chamila

    මචං ට්‍රයි කරලා අඩන්නේ මොකටද.... මම නම් බාන්නේ නැහැ...
    ඒත් මේක දැන්මට තැන්ක්ස්....

  4. Anonymous

    2ක් frist ලු :D :P

  5. :::Shooter::::

    ෆිල්ම් එකනම් හොදයි වගෙ......
    ඔන්න එහෙනම් අපිත් බෑවා............
    එත් සිංහල සබ් නති එකනම් ෆුල් අප්සට්
    සහෝගෙ නෙxට් පොස්ට් එකේ නම් අනිවා සබ් දන්න ඔකේ,,,,,,,,,,,

  6. Rumesh (HBK)

    mama me film eka balala thiyanwa . aththatama lassana film ekak.hemooma bagena balanna,mamath thawa parak balanawa.

  7. Jeew (ෂෙලින්ක-කටාර්)

    ලිපිය කියවීම හවසට. මොකක් වුණත් දැන් බාන්ඩ දාලා යනවා. හොඳ නරක ආවට පස්සේ..
    ස්තූතියි සහෝ..

  8. විකියා

    ela ela..... :)

  9. පුබුදුවා

    අකලංක සහෝ එල කිරි දිගටම ලියමු

  10. wappula

    බලමු, බලමු, thank you වේව|

  11. TeeRox

    maat balala tiyena film ekak. harima sanwedi film ekak. demaapiyanta daruwangen siddha wena akatayutukam ganat eka daruwek e demaapiyanta aadaren salakana hati ganat, maw piya depala atarei aadarei pawatwan yana aakaaraya ganat lassanata pennana film ekak.

  12. අමල් ප්‍රසාද් සමරවීර

    :( මටනම් මේක එච්චර ඇල්ලුවෙ නෑ

  13. Udaya

    edena film ekk wage... thanks saho..............

  14. kathu

    මෙක නම් බලලා තියෙනවා.. එත් අායෙත් බලන්න අාසයි..!!

  15. Chanaka

    සිංහල සබ් නැතුව මොකද්ද වගේ

    කමක් නෑ
    අනිවා මම බලනවා

  16. ashan kandy

    matanam meka hari yanne na.. ane.. :(

  17. shiwantha

    බොහොම ස්තුති මචන්

  18. AL1717

    Ela Adena Ewata Mamath Tikak Kemathi
    Onna Machan Mamath Bewenna Demmaaaaaaaa..

    Thanks Machan

  19. Anonymous

    අකලන්ක සහොට තන්කියු බාමි බාමි

  20. prami

    සීරා ෆිල්මි එක.දෙමාපියන් ගැන වැඩිය හිතන්නේ නැති අය බැලිය යුතුම ෆිල්මි එකක්.

  21. chamila

    ada akak naddo.......

  22. Suren n. Semage

    කළින් බලලා තියෙන ෆිල්ම් එකක්. ෆිල්ම් එක ආපු කලෙම ටීවී එකේ පෙන්නුවා මතකයි.

    අර කිව්වා වගේ සිංහල සබ් නැති නිසා නිකන් සෝකේ වගේ.

    බලමු බලමු. මොනවා වුනත් උඹට තැන්කු මචෝ.

    ජය වේවා.!!!

  23. Lasantha

    ඔය fil, එක TV එකේ පෙන්නුවා මතකයි මචං... ලස්සන කතාවක්.... තැන්කූ කිව්වා එහෙනම්...

  24. pasiya

    sallu innawanam nobaaa komada // hehee onna maath damma banna :)

  25. niranji

    අමිතාබ් ඉන්න නිසා ෆිල්ම් එක ලස්සන ඈති කියලා හිතනවා. බාලම බලමු නේද අයියේ..........................

  26. yasitha

    sahena kalekata kalin balapu movie ekak...sira..mara lassanai..nobalapu aya innawa nam aniwaa balapalla..

  27. Uraj Deemantha

    ඔන්න බාන ලිස්ට් එකට දා ගත්තා :)

  28. chamath

    pattama film eka saho.matat as wlata kadulu awa.elama film eka bawe nathan kattiyama bala balanna.man me bala baluwath ekka thankz saho

  29. Akalanka Yapa

    ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතීයි

  30. niranjala

    අය්යේ මේ ටොර්‍රන්ට් එක වෑඩ කරන්නෙ නෑනේ

  31. Akalanka Yapa

    to niranjala - Torrent is working, No problem

  32. Ramraj

    හින්දි ම්හ්....

  33. amila asnkak

    machan sinhala subs epa aduma gane english sutitleswath nathiwa danna epa meke english sub titles ganna kohenda

  34. Sahan Chamod

    Baghban eke Sinhala Subtitle denna puluwnda

  35. Hashi

    Can I have the Sinhala subtitles???

  36. Thanu Kalpa

    Please put Sinhalese subtitles in this film
    plzzzzzzz

  37. udaya

    Please put Sinhalese subtitles in this film
    plzzzzzzz

  38. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

    1. sanjeewa lakmal

      mcnmeka baganna baane

  39. sanjeewa lakmal

    please ,ela downlord krna vidiha kiyannako

  40. janitha

    ane yaluwane amata sinhala sub download karanna link eka dennakoooooo

  41. janith

    mona huttzzzzz da sinhala sub eka naani sub eka kooooooooooo

  42. amila indrajith

    Baghban 2003 subtitle download karanna ba ne . pls help

  43. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  44. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  45. Palitha de Silva

    thankyou verymuch...

  46. KAVINDA GAMAGE

    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    අනේ මේ වගේම Koi Aap Sa full movie 2005
    Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…

  47. Rajitha

    Thanks machan......jayawewa.....!

  48. දමිත්

    බොහොම ස්තුතියි තරිඳු සහෝ සබ් එකට.
    ජයෙන් ජය

  49. shasith sandaruwan

    බොහොම ස්තූතියි තරිඳු අයියේ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  50. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments