Watch Trailer

Biker (2026) Sinhala Subtitles | අහිමි වූ ගෞරවය වෙනුවෙන්, වේගයේ සීමා මායිම් බිඳදැමූ යකඩ අශ්වයන්ගේ සටන… [සිංහල උපසිරසි]

Biker (2026) Sinhala Subtitles ආයුබෝවන් යාළුවනේ! ඔන්න අදත් මම ආවේ තවත් සුපිරිම තෙළිඟු සිනමා සිත්තමකට උපසිරැසි අරගෙනයි. ක්‍රීඩාමය සහ හැඟීම්බර කතා තේමාවන්ට කැමති අයට මේක නම් නියම තේරීමක් වේවි. මේ වසරේ (2026) අප්‍රේල් 3 වෙනිදා නිකුත් වුණු Biker සිනමාපටය, මෑත කාලයේ ආපු හොඳම Sports-Drama ෆිල්ම් එකක් විද…

Biker (2026) Sinhala Subtitles

ආයුබෝවන් යාළුවනේ! ඔන්න අදත් මම ආවේ තවත් සුපිරිම තෙළිඟු සිනමා සිත්තමකට උපසිරැසි අරගෙනයි. ක්‍රීඩාමය සහ හැඟීම්බර කතා තේමාවන්ට කැමති අයට මේක නම් නියම තේරීමක් වේවි.

මේ වසරේ (2026) අප්‍රේල් 3 වෙනිදා නිකුත් වුණු Biker සිනමාපටය, මෑත කාලයේ ආපු හොඳම Sports-Drama ෆිල්ම් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. දකුණු ඉන්දියාවේ Motocross යතුරුපැදි ධාවන තරඟ ලෝකය වටා ගෙතෙන මේ කතාව, හුදෙක්ම රේසින් වලට විතරක් සීමා වෙන්නේ නෑ. මේක ඊට වඩා ගැඹුරට යන පිය-පුතු සෙනෙහසක් සහ අහිමි වූ ගෞරවයක් නැවත දිනාගැනීමේ සටනක් ගැන කියවෙන කතාවක්.

Abhilash Reddy Kankara ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙහි ප්‍රධාන චරිතය, එහෙමත් නැත්නම් ‘විකාස් නාරායන්’ ගේ චරිතයට පණ පොවන්නේ දක්ෂ නළු Sharwanand විසින්. ඊට අමතරව ඔහුගේ පියා ‘සුනිල්’ විදිහට ප්‍රවීණ නළු Rajasekhar ද, ආදරවන්තිය ‘අනන්‍යා’ විදිහට Malvika Nair ද මෙහි රංගනයෙන් දායක වෙනවා. දැනටමත් ප්‍රේක්ෂකයන් අතරේ ලොකු කතාබහක් නිර්මාණය කරපු මේ ෆිල්ම් එක, පසුව Netflix හරහාද අන්තර්ජාලයට නිකුත් වුණා.

කතාව පැත්තට ටිකක් හැරුණොත්…

සුනිල් කියන්නේ තමන්ගේ පුතාව (විකාස්ව) ලෝක මට්ටමේ Motocross ශූරයෙක් කරන හීනෙන් ජීවත් වෙන, ඒ වෙනුවෙන් පුතාව කුඩා කාලයේ ඉඳලම දැඩි විනයක් යටතේ පුහුණු කරන තාත්තා කෙනෙක්. තාත්තාගේ හීනය වෙනුවෙන් ජීවිතේ කැප කරපු විකාස්, දක්ෂ ධාවකයෙක් විදිහට ඉස්සරහට එනකොට නොහිතපු විදිහේ භයානක අනතුරකට මූණ දෙනවා. ඒත් එක්කම ඔහුට රේසින් පිටියෙන් සමුගන්න සිද්ධ වෙනවා. මේ නිසා පවුල ඇතුළේ ලොකු මානසික ගැටුමක් නිර්මාණය වෙනවා.
විකාස් ආයෙමත් ට්‍රැක් එකට බහිවිද? නැත්නම් තාත්තාගේ හීනය එතනින්ම බොඳ වෙලා යාවිද?

මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් පැය 2 යි විනාඩි 42 ක් පුරාවට දිගහැරෙන මේ සුපිරි සිනමා අත්දැකීම නරඹන්නම වෙනවා.කම්මැලි කමක් නැතුව, හොඳ Adrenaline Rush එකක් වගේම ලොකු හැඟීම්බර බවකුත් එකවර විඳින්න පුළුවන් කතාවක් නිසා, මගනොහැර බලන්න කියලා මතක් කරනවා. එහෙනම් පල්ලෙහායින් තියෙන බටන් එකෙන් සිංහල උපසිරැසියත් අරගෙනම ෆිල්ම් එක බලන්නකෝ.

තවත් මෙවැනිම ලස්සන උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා!

Biker (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,014 downloadsDownload Biker-2026.zip62 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Biker (2026) Sinhala Subtitles

Subtitles by

දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)

Subtitles

1,014 downloadsDownload Subtitles62 KB

1 comment

  1. ඕෂද එරංග (Era Boy)

    අඩෝ දම්මා.. ඕනෙම කරන එකක්.. ගොඩක්ම ස්තුතියි..